යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්

යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්

Comments

බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා උදෑසන දහවල් බුද්ධ පූජාව අප විසින් සිදු කරන ලදී මෙම පිංකම අප එක්රැස් කොට ගත් සියලු කුසල් අපගේ සියලු හිතවතුන්ට ද අප නමින් මියගිය ඥාති සමූහයාට කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමීන් වහන්සේට ද අපට මේ පින්කම් වලට මාර්ගය සකසා දුන් තරක රණවීර මහතාටද අනුමෝදන් වේවා!!!
වනවාසි භික්ෂුන්වහන්සේලා අාරක්ෂා කරගැනිම අප සතු යුතුකමක් 🙏
භාවනා කරන උතුමකුට නිදහස්, නිස්කලංක වන පෙතක් තරම් හිත නිවා ගන්න තවත් තැනක් කොහෙද.
එමෙන්ම අප මහා ගෞතම බුදු පියාණන් වහන්සේත් වඩාත් ඇලුම් කලේම පරිසරය ආශිතව වැඩ විසීමටය....
යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනය කියන්නේ ඒ වගේම පරිසරයේ සුන්දරත්වය විඳිගනිමින්... ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ මග ගමන් කිරීමට සුදුසු නිස්කලංක ස්ථානයක්...
එය රැකගන සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමක්...
ශාසනය රැකගනිමින් පිලිවෙත් රකින්නා වූ උතුමන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා!!!
පිං කැමති ඔබටයි මේ ආරාධනා,....යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනයට යන මාර්ගය සකස් කරදීමට ශ්‍රම දායකත්වය ලබා දීමට කැමති නම් 0705243393 කාන්චන අමතන්න.මේ භාග්‍යවන්ත මාසයේ පෝයට පසු දින 20 එම සත් කාර්ය්‍යට ශ්‍රම දායකත්වය ලබා දීමට කැමති නමි ඉහත දුරකථන අංකය අමතා ඒ පිලිබඳව දැනුවත් වන්න. මෙම මහඟු පුණ්‍ය කර්මය මග හැර ගන්න එපා .පියවරක් පාසා පිං වැඩෙන පිංකමකි. ඔබත් අප හා එක් වන්න. තෙරුවන්සරනයි !,

යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්ය සේනාසනය පිහිටා ඇත්තේ යගිරල වැසි වනාන්තරය තුලය. යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ අවිත්තාව හා වලල්ලාවිට ගම් ද්විත්වය මැදිකොට පිහිටා ඇති යගිරල වැසි වනාන්තරය තුලය.මෙම පුරාණ ආරාමය වතුරුවිල වනවාසි සංඝ මූලස්ථානය යටතේ පරිපාලනය වන ශාඛාවකි.
මෙම ආරණ්යය සහිත භූමියේ අතීතයේ මහ රහතුන්වහන්සේලා වැඩ සිට ඇති බවට සාධක පවති.එම මහරහතුන්වහන්සේලා හට මෙම ආරාමය අවට එදවස විසූ යක්ෂ ගෝත්‍රික ජනයා විසින් පුද සත්කාර කොට ඇති බවද සදහන් වේ.
දැනට වසර 33ක පමණ කාල සීමාවක සිට මෙම ආරණ්යයේ තනිවම වැඩවසන්නේ වනවාසි පූජ්ය හත්තක ජිනරතන යතිවරයාණන්වහන්සේය.

Operating as usual

Photos from යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය's post 17/11/2021

සතර පේරුවේ දායක පින්වතුන් විසින්,

'' ස්වාමින්වහන්ස අප විසින් බොහෝ ගරු සරු ඇතිව රැගෙන එන ලද මෙම චීවරය අප කෙරෙහි අනුකම්පාවෙන් කඨින චීවරයක් බවට පත් කර දෙන සේක්වා.....''

යැයි පවසමින් මහා සංඝරත්නය වෙත සඝසතු වශයෙන් පූජා කල කල්හි ඉන් අනතුරුව මහා සංඝරත්නය විසින් චීවරය පැවරීමේ කාර්යය සිදුකරන ලදි.

මෙය ඉතා වටිනා විනය කර්මයක් වන අතර මේ සදහා අවම වශයෙන් උපසම්පදා ලත් පින්වත් ස්වාමින්වහන්සේලා පස් නමක් වැඩ සිටිය යුතුමය.එමෙන්ම සිවුර පැවරීම සිදුකල යුත්තේද විනයානූකූලව සම්මත කරගත් සීමාවකදීය.

මෙහිදි යක්ගිරිලෙන වැලිගල්පොත්ත අරණ්‍ය සේනාසනයේ මෙවර වස් සමාදන් වූයේ අතිපූජනීය හත්තක ජිනරතන නායක ස්වාමින්වහන්සේ පමණක් වන හෙයින් අෂ්ඨාංගයෙන් සමන්විත පින්වත් නායක ස්වාමින්වහන්සේ වෙත සංඝ සම්මතයෙන් කඨින චීවරය පැවරීම සිදුකරන ලදි.

පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා
දම් රස දනවයි මිහිරක් සේමා
පින් ගඟ ගලනා නිම්නය සේමා
මහ සඝරුවනට පිණිපා වේවා...

සාදු සාදු සාදු......!

Photos from යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය's post 17/11/2021

යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනයේ 2021 වසරේ කඨින මහා පූජෝත්ස්වය වෙනුවෙන් සේනාසනයට වැඩමවා වදාල අතිපූජනීය මහා සංඝරත්නය කඨින සාංඝික මහා දානමය පින්කම උදෙසා , රැස්ව සිටි සැදැහැති සතර පේරුවේ දායක පින්වතුන්ගේ සාදුකාර මධ්‍යයේ සහ සඝ ගුණ ගායනා මධ්‍යයේ පිණ්ඩපාත ශාලාවට මේ අයුරින් වැඩමකල සේක.

අප දන්නා ඉතිහාසය තුලදි යක්ගිරිලෙන වැලිග්ල්පොත්ත අරණ්‍ය සේනාසනයේ අඛණ්ඩව සිදුවූ 38වන කඨින මහා පින්කම මෙය වූ අතර මේ පින්කම උදෙසා අතිපූජනීය මහා සංඝරත්නය 24 නමක් වැඩම කල සේක.

මෙම උතුම් පින්කම උදෙසා වතුරුවිල වනවාස සංඝ මූලස්ථානවාසි පින්වත් ස්වාමින්වහන්සේලාද,ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසි පින්වත් ස්වාමින්වහන්සේලාද,බෙන්තර විහාරස්ථානවාසි ග්‍රාමවාසි මහා සංඝරත්නයද වැඩමකල සේක.

පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා
දම් රස දනවයි මිහිරක් සේමා
පින් ගඟ ගලනා නිම්නය සේමා
මහ සඝරුවනට පිණිපා වේවා

සාදු සාදු සාදු......!

Photos from යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය's post 16/11/2021

යක්ගිරිලෙන වැලිගල්පොත්ත අරණ්‍ය සේනාසනයේ 38වන වාර්ෂික කඨින මහා පින්කම සිදුකෙරුන 14 සෙනසුරාදා දින දහවල් සම්බුද්ධ පූජාව සම්බුද්ධ මන්දිරය වෙත වැඩම කරනු ලැබු අයුරු.මේ උතුම් පින්කම දායක සභාවේ ලේඛම් ජයලත් චතුරංග මහත්මා ප්‍රමුඛ සතර පේරුවේ දායක පින්වතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.තෙරුවන් සරණයි.....!!!

Photos from යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය's post 16/11/2021

යක්ගිරිලෙන වැලිගල්පොත්ත අරණ්‍ය සේනාසනයේ 38වන වාර්ෂික කඨින මහා පින්කම සිදුකෙරුන (14) සෙනසුරාදා දින උදෑසන සම්බුද්ධ පූජාව සම්බුද්ධ මන්දිරය වෙත වැඩම කරනු ලැබු අයුරු.මේ උතුම් පින්කම දායක සභාවේ ලේඛම් ජයලත් චතුරංග මහත්මා ප්‍රමුඛ සතර පේරුවේ දායක පින්වතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.තෙරුවන් සරණයි.....!!!

[11/16/21]   යක්ගිරිලෙන වැලිගල්පොත්ත අරණ්‍ය සේනාසනයේ කඨින මහා පින්කම සාර්ථකව අවසන්.සහය දුන් හැමෝටම උතුම් ධර්මාවබෝධයම වේවා...!!!

[11/11/21]   යක්ගිරිලෙන වැලිගල්පොත්ත අරණ්‍ය සේනාසනයේ වස් අවසාන මහා පින්කම නොවැම්බර් 14 දින පැවැත්වේ.

Photos from දාන පාරමිතා - Dhana Paramitha's post 17/10/2021

Photos from දාන පාරමිතා - Dhana Paramitha's post

12/09/2021

බෝධිසත්ත්ව ගුණෝපේත වතුරුවිල මහා නායක මාහිමියන්ගේ මගම වැඩමකල, ද්විතීය වනවාස මහා නායක ධූරය දරන ලද ,සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසු අතිපූජනීය පට්ටියවෙල රෝහණසිරි මහා නායක මාහිමිපාණන්වහන්සේ අපවත්ව අදට වසර 28ක්.

බෝධිසත්ත්ව ගුණෝපේත අතිපූජනීය වතුරුවිල මහා නායක මාහිමියන් 1986 වසරේ සැප්තැම්බර් මස 12 වෙනි දින අපවත් වූ අතර, 1993 වසරේ සැප්තැම්බර් මස 12 වෙනි දින අතිපූජනීය පට්ටියවෙල ශ්‍රී රෝහණසිරි මාහිමිපාණන්වහන්සේ අපවත් වූ සේක.

මේ ශ්‍රේෂ්ඨ සංඝපීතෲන්වහන්සේලා දෙනම වහන්සේලාම එකම දිනයක අපවත් වීම සුවිශේෂීය.

බුද්ධාංකුර සංඝනේතෲන්වහන්සේට නමස්කාර වේවා !

ලෝකාභි වුද්ධි නිරතො උජුහූත චිත්තෝ
සිස්සාන මේක ජනනී විය පේමවා යො
කාරුඤ්ඤ පූතහදයං ජන අත්ථ කාමං
ඤාණාදිනන්ද යති සංඝ පතිං නමාමි

ලෝක සාසන අභිවෘද්ධියෙහි නියුක්ත වූවා වු සෘජු පිළිවෙතක වැඩියා වූ ,සිසු දරුවන්ට මවු සෙනෙහස හා සමාන කරුණාවක් දැක්වූවා වූ, කරුණාභරිත හදවතකින් යුක්ත වූ , ජනතාවගේ දෙලෝ දියුණුවට කටයුතු සැලසුවා වූ ඤාණානන්ද නම් වූ මහා සංඝ නේතෲන්වහන්සේට නමස්කාර වේවා....!!!

1986 වසරේ සැප්තැම්බර් මස 12 වෙනි දින උදෑසන 7.00ට සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යය පසක් කරමින් බෝධිසත්ත්ව ගුණෝපේත,පිණ්ඩපාතික අතිපූජනීය වතුරුවිල ශ්‍රී ඤාණානන්දාභිධාන ප්‍රථම වනවාස මහා නායක මාහිමිපාණන්වහන්සේ අපවත් වූ සේක.......

26/08/2021

මහතෙරුන්වහන්සේ අපවත් වූ සේක.

මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි වනවාස සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක, මහියංගණ ආඳාඋල්පත, ඔලගංගල මහා සුදර්ශන ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති , ත්‍රිපිටක වාගිශ්වරාචාර්‍ය ,මහෝපාධ්‍යාය ,ධුතාංගධාරි අතිපූජනීය ගලිගමුවේ ගුණරතන නාහිමිපාණන්වහන්සේ කොරෝනා රෝගය නිසාවෙන් අපවත් වී ඇත.

මහතෙරුන්වහන්සේගේ අපවත් වීම පිළිබදව අතිපූජනීය හත්තක ජිනරතන නායක ස්වාමින්වහන්සේගේ කණගාටුව ප්‍රකාශ කල අතර වස් 62ක් සපුරා වැඩ සිටි මහතෙරුන්වහන්සේගේ නික්ම යාම වනවාස භික්ෂු පරපුරටත් සම්බුද්ධ සාසනයටත් දැරිය නොහැකි පාඩුවක්ම බව සිහිපත් කල සේක.

අපවත්වී වදාළ පින්වත් නායක ස්වාමින්වහන්සේ 1959 වසරේදි බෝධිසත්ත්ව ගුණෝපේත අතිපූජනීය වතුරුවිල ශ්‍රී ඤාණානන්ද ප්‍රථම වනවාස මහා නායක මාහිමිපාණන්වහන්සේ යටතේ උපසම්පදාව ලත් පින්වත් ස්වාමින්වහන්සේ නමකි.
අපවත් වී වදාළ අතිපූජනීය ගලිගමුවේ ගුණරතනාභිධාන නායක මාහිමිපාණන්වහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා....

අතිපූජනීය හත්තක ජිනරතන නාහිමි
දායක මහා සභාව
සතර පේරුවේ දායක පිරිස

06/08/2021

රමණීය යක්ගිරිලෙන වැලිගල්පොත්ත අරණ්‍ය සේනාසනය පිහිටි කඳු මුදුන මත සිට සබරගමු කඳු පන්තිය දක්වා පෙනෙනා අයුරු...

රමණීය යක්ගිරිලෙන වැලිගල්පොත්ත අරණ්‍ය සේනාසනය පිහිටි කඳු මුදුන මත සිට සබරගමු කඳු පන්තිය දක්වා පෙනෙනා අයුරු...

06/08/2021

අරණ්‍ය සේනාසනය වෙත පිවිසෙන පියගැටපෙල සැකසීමේ පින්කමේ ගල්,වැලි සහ සිමෙන්ති ඉහල කඳු මුදුනට ගෙනයාමේ ශ්‍රමදාන කටයුතු තාවකාලිකව නවතා ඇත.රටේ පවතින වසංගත තත්ත්වය පහව ගිය වහාම නැවත ආරම්භකිරීමට බලාපොරොත්තු වේ.තෙරුවන් සරණයි....!!!

🔴📢 රටේ පවතින දරුණු කාල විපත්තිකර තත්ත්වය හමුවේ යක්ගිරිලෙන වැලිගල්පොත්ත අරණ්‍ය සේනාසනයේ දායක පින්වතුන් සම්බන්ධ කරගෙන සිදුකරනා දාන ආදි සියලු කටයුතු අද (06) දින සිට යලි දැනුම්දෙන තුරු අවලංගු කර ඇති බව පින්වත් නායක ස්වාමින්වහන්සේ විසින් මේ මොහොතේදි දැනුම්දෙන ලද සේක.ඒ අනුව සියලුම පින්වතුන් මෙත් සිතින් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

ඔබ සැම දෙනාටම පින්වත් නායක ස්වාමින්වහන්සේ විසින් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා සිදුකල සේක.තෙරුවන් සරණයි....!!!

වැඩිදුර විමසීම් උදෙසා
අතිපූජනීය හත්තක ජිනරතන නාහිමි - 0345682642

04/08/2021

වසරකට පමණ පෙර අගෝස්තු මාසයේ මුල් සතියේ දිනක යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනයේ වච්ච කුටි සැකසීම උදෙසා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය, දුෂ්කර වනගත මංපෙත ඔස්සේ කඳු මුදුන වෙත ගෙන යාමට,ඇඳ හැලුනු අනෝරා මහ වැසි මෙන්ම කුඩැල්ලන්ද නොතකා ශ්‍රමය පූජා කල ,දායකවූ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වත් පිරිස.මෙම සියලු දෙනාගේම කැපකිරීම මත වච්ච කුටි 6ක් සකසා නිමකරන්නට අවස්ථාව ලැබුනා.සියලු දෙනාටම සුවසේ උතුම් ධර්මාවබෝධයම වේවා.තෙරුවන් සරණයි....!!!

03/08/2021

මීට වසර 5කට පමණ පෙර අරණ්‍ය සේනාසනය වෙත පූජා කරන ලද ජල ටැංකිය පින්වතුන් විසින් දුෂ්කරතා මධ්‍යයේ කඳු මුදුන වෙත රැගෙන ගියේ මෙලෙසිනි.මෙම උතුම් පැන් පූජාව උදෙසා දායක වු බුද්ධික පීරිස් මහත්මා ඇතුළු සියලුම පින්වතුන්ට සුවසේම උතුම් ධර්මාවබෝධය ලබන්නට මේ උතුම් පින්කම හේතු වාසනා වේවා.තෙරුවන් සරණයි....!!!
#ආරණ්ය #ආරණ්‍යසේනාසන #Aranya

02/08/2021

අරණ්‍ය සේනාසනයේ ඉදිකර ඇති සුගත තථාගත දසබලධාරි සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ හිටි පිළිමවහන්සේ.අරණ්‍යයට පිය නගනා විට සුවදැති මල් දෝතක් රැගෙන එන්න බුදු සිරිපා අභියස පූජා කරලන්නට සැදැහැ සිතින්....#ආරණ්‍ය #ආරණ්‍යසේනාසන #Aranya

මහා සංඝරත්නයේ සක්මන් භාවනා කටයුතු උදෙසා අරණ්‍ය සේනාසනයේ ඉදිවී ඇති සක්මන් මළුව.....#Aranya #ආරණ්‍ය #ආරණ්‍යසේනාසන

මහා සංඝරත්නයේ සක්මන් භාවනා කටයුතු උදෙසා අරණ්‍ය සේනාසනයේ ඉදිවී ඇති සක්මන් මළුව.....#Aranya #ආරණ්‍ය #ආරණ්‍යසේනාසන

Photos from යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය's post 02/08/2021

අරණ්‍ය සේනාසනයට පිවිසීම උදෙසා පියගැටපෙලක් සැකසීමේ පින්කම ආරම්භ කරනු ලැබුවේ පසුගිය බක් මාසයේදීය.ඒ අනුව ප්‍රථම අදියර යටතේ පියගැට 81ක් නීර්මාණය කරමින් 150m ආසන්න දුරක පියගැටපෙලක් නිර්මාණය කරන්නට හැකි විය.

මෙම පින්කමේ දෙවෙනි අදියර ආරම්භ කිරීම උදෙසා වැලි,මැටල් ආදිය ඉහල කඳු මුදුන වෙත ඇදගැනීම උදෙසා වටිනා ශ්‍රමදානමය පින්කමක් පසුගිය සති අන්තයේදි පැවැත්වින.පින්වතුන් 7 දෙනෙකුගේ කණ්ඩායමක් විසින් මෙවර ගල් සහ වැලි ඉහල කඳු මුදුන කරා ඇදගනිමින් පියගැටපෙල නිර්මාණයේ ඉදිරි කටයුතු ආරම්භ කිරීම උදෙසා සුදුසු වාතාවරණයක් ඇතිකරන ලදි.

තුණුරුවන් දකින්න,වත් පිළිවෙත් පුරන්නට,සිල් සමාදන්වන්නට,වඳින්න ,පුදන්න,දන් පැන් පිළිගන්වන්න පැමිණෙන මහා සංඝරත්නය ප්‍රමුඛ සැදැහැති උපාසක උපාසිකාවන්,දායක පින්වතුන්ගේ පහසුව සහ ආරක්ෂාව පිණිස ඉදිකරනා මේ පියගැටපෙල සදහා ගල්,වැලි ඇදදෙමින් ශ්‍රමපූජාවෙන් එක්වූ සුපින්වත් ඔබ සැමටම ඉතාම ඉක්මනින් සැප සහගත ප්‍රතිපදාවෙන් යුක්තව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ සිදුකල ශ්‍රම පූජාව උත්තම පාරමී ධර්මයක්ම වේවා.

තව දුරටත් ගල් සහ වැලි ඇද ගැනිමට සුපින්වත් ඔබ සැමගේ සහයෝගය අවශ්‍ය නිසා මේ උතුම් ශ්‍රමදාන පින්කම උදෙසා ඔබ සැමගේ සහයෝගය අවශ්‍යව ඇත.
ඒ සදහා විමසන්න. 0715485032
තෙරුවන් සරණයි....!!!

[07/30/21]   පියගැටපෙල සැකසීමේ ශ්‍රමදාන පින්කම
හෙට (ජූලි 31) උදෑසන 9.00 සිට
අරණ්‍ය සේනාසනයේදි.
හැකි පින්වතුන් එක්වෙත්වා...

27/07/2021

අරණ්‍ය සේනාසනාධිපති නායක ස්වාමින්වහන්සේ පිණ්ඩපාත ශාලාවට වඩින අතරතුර......

අරණ්‍ය සේනාසනාධිපති නායක ස්වාමින්වහන්සේ පිණ්ඩපාත ශාලාවට වඩින අතරතුර......

27/07/2021

උතුම් වස්සානය මොහොතක් හෝ අතහැර නොගනිත්වා...

උතුම් වස්සානය මොහොතක් හෝ අතහැර නොගනිත්වා...

26/07/2021

මෙත් සිතින් සිහිපත්කිරීමක්.....

මෙත් සිතින් සිහිපත්කිරීමක්.....

Photos from යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය's post 26/07/2021

අරණ්‍ය සේනාසනයට පිවිසෙන පියගැටපෙල පළමු අදියර යටතේ සකස් කල අයුරු.

Photos from යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය's post 25/07/2021

යක්ගිරිලෙන වැලිගල්පොත්ත අරණ්‍ය සේනාසනය පිහිටි කඳු මුදුන දක්වා පහසුවෙන් ප්‍රවේශවීම උදෙසා පියගැටපෙලක් සැකසීම පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසයන් හිදි අප විසින් ආරම්භකරන ලදි.

අරණ්‍ය සේනාසනවාසි මහා සංඝරත්නයේ පහසුව සහ සේනාසනයට වැඩමකරනා සදාවන්දනීය මහා සංඝරත්නයේ පහසුව සහ ආරක්ෂාව පිණිසද,සතර පේරුවේ දායක පින්වතුන්ගේ පහසුව සහ අරණ්‍ය සේනාසනය වැදපුදා ගැනීම උදෙසා දිනපතා පැමිණෙන පින්වතුන්ගේ ආරක්ෂාව සහ පහසුව පිණිස මෙම පියගැටපෙල සකස් කිරීම ආරම්භ කරන ලදි.

මේ යටතේ පළමු අදියර බොහෝ දායක පින්වතුන්ගේ දායකත්වයෙන් සාර්ථකව අවසන් කරන ලද අතර මෙහි දෙවෙනි අදියරද නුදුරු දිනෙක ආරම්භ කරමින් පියගැටපෙල අරණ්‍ය සේනාසනය දක්වා සම්බන්ධ කිරීමට අපේක්ෂිතය.

සණරාමර හිමි බණ පද
අසන්න යන සැදැහැති දන
සුවසේ කඳු මුදුන මතට
පඩිපෙළකින් පිය නගත්වා.......

ඉදිරි ශ්‍රමදාන පින්කම් සදහා සුපින්වත් ඔබත් ශ්‍රම පූජාවෙන් එක්වෙත්වා.තෙරුවන් සරණයි....!!!

Photos from Patipada - පටිපදා's post 25/07/2021

රමණීය යක්ගිරිලෙන වැලිගල්පොත්ත අරණ්‍ය සේනාසනය....

Photos from යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය's post 25/07/2021

හත්තක නාහිමි සමාජ සත්කාර පින්කම
**********************************************
ඊයේ (24 ) දින යගිරල සහ බටපිටිය ප්‍රදේශයන්හිදි පින්වත් නායක ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථික අපහසුතා පවතින පින්වත් ගම්වාසි පවුල් 35 උදෙසා වියළි ආහාර මළු බෙදා දෙන ලදි.මේ සියලුම පින්වතුන් අරණ්‍ය සේනාසනයේ සතර පේරුවේ දායක පින්වතුන්ය.ඔවුන් ආර්ථිකව අපහසුතාවට පත්ව සිටින අවධියක නායක ස්වාමින්වහන්සේ විසින් එම පින්වතුන් පිළිබදව කල්පනා කොට මෙලෙසින් උපකාර කිරීමේ වැඩසටහනක් සංවිධානය කල සේක.

මේ අවස්ථාව උදෙසා පින්වත් නායක ස්වාමින්වහන්සේ සමඟින් සුපින්වත් දායක ප්‍රියන්ත ගමගේ මහත්මා බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු ඉතා කෙටි කාලයක් තුල මෙම පින්කම සංවිධානය කරමින් වටිනා පින්කමක් බවට මෙය පත් කරන ලදි.....

මේ අවස්ථාව උදෙසා දායක මහා සභාවේ භාණ්ඩාගාරිකතුමියවන කමලාවති මහත්මිය සහ සුපින්වත් දායක රජීව් ද සිල්වා මහතාද එක්විය.

තෙරුවන් සරණයි....!!!

Photos from යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය's post 25/07/2021

යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනයේ 38 වන වාර්ෂික වස් ආරාධනා පුණ්‍ය මහෝත්සවය ඇසළ පුරපසළොස්වක පොහොය දින සන්ධ්‍යා කාලයේදි යක්ගිරිලෙන ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජනීය හත්තක ජිනරතන නාහිමිපාණන්වහන්සේගේ අනුශාසනා සහිතව,සතර පේරුවේ දායක සුපින්වතුන්ගේද සහභාගිත්වයෙන් පැවැත්වින.

චාරිත්‍රානුකූලව දායක සුපින්වතුන් විසින් භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දැහැත් ගොටු සහිත වැසි සළු පූජා කරමින් උන්වහන්සේලාගේ සිල් ගුණ සිහිපත්කරමින් වස් ආරාධනා කරන ලදි.

මෙහිදි පින්වත් ස්වාමින්වහන්සේගෙන් වස් තුන් මාසය මෙම ආරණ්‍ය සේනාසනයේ වස් වසමින් වැඩ සිටින ලෙස ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටිමින් උන්වහන්සේට අවශ්‍ය සියලු සිවුපසයන් සතර පේරුවේ දායක පිරිස විසින් සපයන බවටත් දැනුම්දෙමින් වැසි සළුව පිළිගන්වමින් වස් ආරාධනා චාරිත්‍රය ඉටු කරන ලදි.සතර පේරුවේම දායක පිරිස වෙනුවෙන් දායක මහා සභාවේ භාණ්ඩාගාරිකතුමිය විසින් වස් ආරාධනාව සිදුකරන ලදි.

මෙවක් පටන් වප් පුරපසළොස්වක පොහෝ දිනයේ මහා පවාරනය තෙක් උතුම් සංඝෝපස්ථානයන් උදෙසා ඔබ අප බැදි සිටි.

අප කෙරෙහි කරුණාවෙන් යුක්තව අපගේ ආරාධනාව පිළිගත් මහා සංඝරත්නය වස් අධිෂ්ඨාන කරමින් වස් සමාදන් වූ සේක.ඒ,

'' ඉමස්මිං අරඤ්ඤේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමි '' යනුවෙන් භාග්‍යවතුන්වහන්සේ අභියස තුන් වතාවක් ප්‍රකාශ කරමිනි.

පින්වත් නායක ස්වාමින්වහන්සේ විසින් වස් ශික්ෂා පද සමාදන් වීමෙන් අනතුරුව වැසි සළුව මත කප් බින්දු තබා වැසි සළුව අධිෂ්ඨාන කල සේක.

'' ඉමං වස්සික සාටිකං චතුමාසං අධිට්ඨාමි ''

මේ අනුව වැසි සළුව ස්පර්ශ කරමින් තෙවරක් ඉහත වාක්‍යය කියා වැසි සළුව වස් තුන් මාසයද ඉන් අනතුරුව එළබෙන චීවර මාසය උදෙසාද අධිෂ්ඨාන කර ඇත.

ඉතාම දුර්ලභව ලෝකයට දායාදවන සම්මා සම්බුද්ධ සාසනයක වසරකට වරක් පමණක් එළඹෙන වස් ආරාධනා පින්කම උදෙසා සහ සම්බන්ධවූ හැමෝටම අප්‍රමාණව පින් සිදුවේවා.උතුම් ධර්මාවබෝධයම වේවා.වස් අවසාන මහා පින්කම තෙක් උතුම් සංඝෝපස්ථානය පිණිසම සියලු දෙනා එක්වේවා.
තෙරුවන් සරණයි...!!!

- දායක මහා සභාව ප්‍රමුඛ සතර පේරුවේ දායක පිරිස -

23/07/2021

"අයං වස්සාන කාලෝ - මේ වස්සාන සමයයි''

"අයං වස්සාන කාලෝ - මේ වස්සාන සමයයි''

22/07/2021
21/07/2021

යක්ගිරිලෙන වැලිගල්පොත්ත අරණ්‍ය සේනාසනයේදි උදාවෙන ඇසළ පුරපසළොස්වක පොහෝ දින සන්ධ්‍යා කාලයේදී සතර පේරුවේ දායක සුපින්වතුන් විසින් මහා සංඝරත්නය උදෙසා වස් ආරාධනා කිරීමේදි පූජා කිරීමට නියමිත වැසි සළුව....

සුපින්වත් සතර පේරුවේ දායක පින්වත් ඔබ සැමට මේ උතුම් අවස්ථාව උදෙසා ආරාධනා.....

Videos (show all)

ත්‍රිපිටක පූජා පින්කම මේ මොහොතේ දී අවිත්තාව හන්දියේ සිට යක්ගිරිලෙන ආරණ්‍ය කරා පැමිණෙමින් ..
ජේතවනාරාම මහා සෑය උදෙසා පූජාකරන කංචුකය සහිත පෙරහැර කොහොඹගස් හන්දිය සුවිනීත භාතිය සේනාසනයේ සිට ජේතවනාරාම මහා සෑය දක්වා වඩ...
යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යයේ සේනාසනාධිපති අතිපූජ්‍ය හත්තක ජිනරතන නායක ස්වාමින්වහන්සේ පින්වත් ඔබ සැමට සිදුකරන අනුසාසන...

Location

Telephone

Address

Awittawa Walallawita Rd
Yagirala