Gothami Viharaya - Colombo 08, Sri Lanka ඓතිහාසික ගෝතම

ගෝතමී විහාරය - බොරැල්ල

Operating as usual

24/10/2021
22/10/2021
22/10/2021
22/10/2021

ගෝතමී විහාර මහ සෑය

ගෝතමී විහාර මහ සෑය

Photos from Gothami Viharaya - Colombo 08, Sri Lanka  ඓතිහාසික ගෝතමී විහාරය, බොරැල්ල's post 21/10/2021

ගෝතමී විහාර මහ සෑ වන්දනා

2021 ඔක්තෝබර් 20 වප් පුර පොහෝදා බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරස්ථානයේ දී පැවැති මහ සෑ වන්දනාව

20/10/2021

ගෝතමී විහාර මහ සෑ වන්දනා
බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරස්ථානයේ සිට සජීවීව. 2021 ඔක් 20 වප් පුර පොහෝදා සවස 6.00 ට

සංවිධානය කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී ඇල්ෆ්‍රඩ් සම්පත් මහතා ප්‍රධාන තරුණ පිරිස

19/10/2021
19/10/2021
Photos from Gothami Viharaya - Colombo 08, Sri Lanka  ඓතිහාසික ගෝතමී විහාරය, බොරැල්ල's post 18/10/2021

බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාර උතුම් මහාසෑය තීන්ත ආලේපන පූජාවෙන් පසු දස දිසාවට දිස්වන අයුරු

Photos from Gothami Viharaya - Colombo 08, Sri Lanka  ඓතිහාසික ගෝතමී විහාරය, බොරැල්ල's post 17/10/2021

උතුම් චෛත්‍යය රාජයාණන්වහන්සේගේ තීන්ත ආලේපන කටයුතු කළ තරුණ දරුවන්ට හා සැමට පුණ්‍යානුමෝදනාව හා සෙත් පතා සිදු කළ බුදු ගුණ වන්දනාව

16/10/2021
Photos from Gothami Viharaya - Colombo 08, Sri Lanka  ඓතිහාසික ගෝතමී විහාරය, බොරැල්ල's post 16/10/2021

බොරැල්ල ගෝතමී විහාරස්ථානයේ 2021 කඨින මහා පින්කමට සමගාමීව චෛත්‍යය රාජයාණන්වහන්සේගේ හා විහාරස්ථානයේ තීන්ත ආලේපන කටයුතු සිදුකිරීම.

Photos from Gothami Viharaya - Colombo 08, Sri Lanka  ඓතිහාසික ගෝතමී විහාරය, බොරැල්ල's post 08/10/2021

බොරැල්ල ගෝතමී විහාරස්ථානයේ 2021 කඨින මහා පින්කමට සමගාමීව චෛත්‍යය රාජයාණන්වහන්සේගේ තීන්ත ආලේපන කටයුතු සදහා සූදානම් වීම.

[10/04/21]   ගෝතමී විහාරස්ථානයේ කඨින මහා පින්කම නොවැම්බර් 5 සිකුරාදා සවස 5.00 ට කප් රුක් පූජාව එදිනම රාත්‍රී සර්වරාත්‍රික පිරිත් දේශනාව පසුදා 06 වන සෙනසුරාදා දින උදෑසන හීල දානය

[10/02/21]   මෙවර කඨින මහා පින්කම වෙනුවෙන් විහාරස්ථානයේ තීන්ත ආලේපන කටයුතු හැකි අයුරින් සිදුකරන බැවින් ඔබටත් ඒ සදහා හැකි අයුරින් දායක විය හැකියි. විමසන්න. 0716854807 (සාන්තනාග හිමි )

Photos from Gothami Viharaya - Colombo 08, Sri Lanka  ඓතිහාසික ගෝතමී විහාරය, බොරැල්ල's post 01/10/2021

බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරය - ආරම්භය ක්‍රි.ව. 1900

Photos from Gothami Viharaya - Colombo 08, Sri Lanka  ඓතිහාසික ගෝතමී විහාරය, බොරැල්ල's post 21/09/2021

අද සවස උතුම් සධාතුක දාකරඩුන් වහන්සේ උදෙසා පැවැත්වූ සම්බුද්ධ වන්දනාව, මේ උතුම් ආශිර්වාදයෙන් ඔබසැමටත් ලක්වාසී ලෝවාසී සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා !

20/09/2021

ලෝවාසී සැමට සෙත්පතා කෙරෙන අධිෂ්ඨාන සම්බුද්ධ වන්දනාව ඓතිහාසික බොරැල්ල ගෝතමී විහාරස්ථානයේ සිට

20/09/2021
Photos from Gothami Viharaya - Colombo 08, Sri Lanka  ඓතිහාසික ගෝතමී විහාරය, බොරැල්ල's post 08/08/2021

බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරස්ථානයේ මෙතෙක් අඩුවක්ව පැවැති CCTV කැමරා පද්ධතිය පසුගියදා සවිකර අවසන් කිරීමට හැකිවිය. ඒ වෙනුවෙන් දායකත්වයන් දැරූ පින්වතුන්ගේ නාම ලේඛනය මෙසේ ඉදිරිපත් කරන්නෙමු. මේ වෙනුවෙන් දායකත්වයන් දැරූ පින්වතුන් හැමදෙනාටම පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා ! නමින් මිය ගිය සැමටත් ඔබසැමටත් මේ උතුම් කුසලය සසර වාසනාවන්ත ජීවිත ගත කරන්නටත් උතුම් නිවන් සුව පිණිසමත් හේතු වේවා !

Gothami Viharaya 29/07/2021

Gothami Viharaya

Gothami Viharaya A comprehensive guide book for major natural, historical, archaeological and other tourist destinations in Sri Lanka.

Photos from Gothami Viharaya - Colombo 08, Sri Lanka  ඓතිහාසික ගෝතමී විහාරය, බොරැල්ල's post 23/07/2021

බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරස්ථානයේ 2021 වර්ෂයේ වස් ආරාධනා පින්කම. 2021.07.23 ඇසළ පොහෝදා

[07/22/21]   බොරැල්ල ගෝතමී විහාරස්ථානයේ වස් ආරාධනා පින්කම ඇසළ පොහෝදා සවස 3.00 ට

[07/22/21]   සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධිපූජාව හා පිරිත් දේශනාව ඇසළ පොහෝදා සවස 6.00 ට බොරැල්ල ගෝතමී විහාරස්ථානයේ දී.

20/07/2021

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව උත්තරීතර මහනායක මාහිමිපාණන් වහන්සේ !

ඓතිහාසික රුහුණු පුරවරයේ මාතර දිස්ත්‍රික්කයේ දොඩම්පහල නම් රමණිය ග්‍රාමප්‍රවරයේදී වර්ෂ 1939 දෙසැම්බර්‌ මස 20 දින එගම්වැසි එදිරිවීර පටබැ‍‍‍‍ඳිගේ සරණේරිස්‌ සිල්වා මහතාට සහ එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා උපාසිකා මාතාවට උතුම්‌ පුත්‌ රුවනකට හිමිකම්‌ කීමේ විරල වාසනාව උදාවූ අතර එම දෙපළට දාව උපත ලද මේ කුමරුවා ධන්‍ය පුණ්‍ය ලක්ෂණයන්ගෙන්‌ සමූපශෝභිත වීය. සුදුසු වයස පැමිණි විට අධ්‍යයන කටයුතු සඳහා යොමු කළ මෙකුමරුවාණෝ මුලික අධ්‍යයන කටයුතු දොඩම්පහළ මධ්‍ය මහා විද්‍යාලයෙන්‌ ලැබිය.

මේ අතර පැවිදි විමට ඇති කැමැත්ත නිසා, ඊට අවැසි මූලික වත්‌ පිළිවෙත්‌ මාතර වීරබා පිරුවණින් ලබා වර්ෂ 1950 නොවැම්බර් 25 දින කුඩාවැල්ල වාලුකාරාමයේ දී නුපේ ජයමහා විහාරාධිපති, විද්‍යාවිශාරද පණ්ඩිත, මාතර ශ්‍රී මේධානන්ද නාහිමියන්‌ වහන්සේගේ සහ වාලුකාරාමාධිපති, මාතර ශ්‍රී සද්ධාරාම නාහිමියන්‌ වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන්‌ උතුමි ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත්‌ විය.
පැවිදි දිවියට ඇතුළත් වීමෙන්‌ පසු මූලික අධ්‍යයන කටයුතු සඳහා මාතර වීරබා පිරිවෙණට ඇතුළත්‌ වූ දොඩම්පහල චන්ද්‍රසිරි හෙරණපාණෝ, එහිදී පැවිදි දිවියට අවැසි වත්‌ පිළිවෙත් මැනවින්‌ උගත්හ.

ඉන්‌ අනතුරුව උසස්‌ අධ්‍යාපන කටයුතු සඳහා යොමු වූ උන්වහන්සේ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණට ඇතුළත්ව විද්‍යාලෝක පරිවෙණාධිපති ධූරය හෙබවු, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය අතිගරු අකුරටියේ අමරවංස නායක මාහිමියන්‌ වහන්සේ සහ තොටගමු රත්පත්‌ රජමහ විහාරාධිපති රාජකීය පණ්ඩිත, සාහිත්‍ය විශාරද, අතිගරු ගම්මැද්දේගොඩ ශ්‍රී පුඤ්ඤාසාර නායක මාහිමියන්‌ වහන්සේ ගුරුතන්හි තබා ගනිමින්‌ සිංහල පාලි සංස්කෘත, ඉතිහාසය, පුරා විද්‍යාව ඡ‌න්දෝලංකාර ආදි විෂයයන්‌ පිළිබඳව ප්‍රාමණික උගතෙකු බවට පත්වු හ.

මේ වන විට විසිවසක්‌ සම්පූර්ණව උපසම්පදාර්හව වැඩ සිටි අප හිමිපාණෝ වරෂ 1962 ජුනි මස 17 වෙනි දින මාතර නිල්වලා නදී සීමා මාලකයේ දී එවකට ශ්‍රී කල්‍යාණිවංස මහා නිකායේ මහානායක ධුරන්ධරව වැඩ සිටි විද්‍යා විශාරද පණ්ඩිත, අතිගරු මාතර මේධානන්ද මහානායක මාහිමියන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ අතිගරු මාතර සද්ධාරාම නායක මාහිමියන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සුපරිශුද්ධාපසම්පදාවට ඇතුළත් විය.

උපසම්පදාවෙන්‌ පසු අගනුවරට සම්ප්‍රාප්ත වූ දොඩම්පහළ චන්දසිරි ස්වාමීන් වහන්සේ, මාතර ශ්‍රී සද්ධාරාම නායක මාහිමියන්‌ වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණන්‌ වූ කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන්‌ වහන්සේගේ සෙවනෙහි භාවනා ප්‍රගුණ කිරීමට පටන්‌ ගන්‌ අතර, විපස්සනා කම්මට්ඨානාචරිය අතිගරු කහටපිටියේ සුමතිපාල මාහිමියන්‌ වෙතින්‌ එය වැඩි දියුණු කර ගත්හ. අභිධර්මය කෙරෙහිද විශේෂ උනන්දුවක් දැක්වූ අප හිමිපාණෝ දෙමටගොඩ මහා විසුද්ධාරාමයේදී අභිධර්ම විශාරද අතිගරු දෙවිනුවර ඤාණාවාස මාහිමියන්‌ වෙතින්‌ අබිදම්‌ ඉගෙන ඒ පිළිබඳව ද ප්‍රාමාණික උගතෙකු බවට පත්වූහ.

විපස්සනා භාවනා පුහුණුව ලැබූ අපේ චන්දසිරි ස්වාමීන්‌ වහන්සේ අතිගරු කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක මාහිමියන් වහන්සේ සමග එක්ව වර්ෂ 1962 දී විශේෂ කර්තව්‍යයකට මුල පිරූහ. එනම් කලපළුවාව පෙදෙසින් අක්කර අටක පමණ භූමි භාගයක් ලබා ගෙන එහි “ගෝතම තපෝවනය” නමින් භාවනා මධ්‍යස්ථානයක් පිහිටු විමයි. අද වන විට මෙය ශාඛා, ප්‍රශාඛා වශයෙන්‌ ලක්දිව නොයෙක්‌ පළාත්වල ව්‍යාප්තව ඇත. මේ කර්තව්‍ය අපේ චන්දසිරි ස්වාමීන්වහන්සේ අතින් සිදු වූ වැදගත්ම ක්‍රියාව ලෙස අගය තළ හැකිය. අද වනවිට විපස්සනා භාවනා ක්‍රමය මේ හේතුවෙන්‌ ලක්දිව පුරාම පාහේ ව්‍යාප්තව ඇත. අතිගරු කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක මාහිමියන්‌ වහන්සේ වර්ෂ 1962 දී අපවත්‌ වූයෙන්‌ ශ්‍රී ගෝතම තපෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති ධුරයට දොඩම්පහළ චන්දසිරි ස්වාමීන්වහන්සේ පත් වුහ.

එදින සිට අප දොඩමපහළ නායක හාමුදුරුවෝ කලපළුවාවේ ගෝතම තපෝවනයට වැඩම කොට මාතිකමාතා සමිතියේ පිංවතුන්‌ සමග එක්ව ගෝතම තපෝවනයේ දියුණුවට සුවිශාල සේවාවක්‌ සිදු කළහ. මේ අතරතුර ශ්‍රී කල්‍යාණිවංස නිකාය මගින්‌ ‘තපෝවන සංඝනායක’ පදවිය පිරිනැමු අතර, ඉන්‌ ටික කලකට පසු ‘ප්‍රධාන අධිකරණ සංඝනායක’ ‘අනුනායක’ යන ධුරද්වයෙන්‌ ද පුදනු ලැබුහ. මේ අතර කල්‍යාණිවංශ මහා නිකායේ මහා නායක ධුරය හෙබවූ, මහෝපාධ්‍යාය, විමලකීර්ති හ්‍රී කොග්ගල සිරි විසුද්ධි නායක මාහිමියන් වහන්සේ වර්ෂ 1996 දී අපවත්‌ වූයෙන්‌ එතෙක්‌ අනුනායක ධුරය හෙබවූ අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නායක ස්වාමීන්ද්‍රයන්‌ වහන්සේ වර්ෂ 1996 මාර්තු 31 දින දොඩන්දූව, ශෛලබිම්බාරාම මූල මහා විහාරයට රැස්වූ කල්‍යාණිවංශික සංඝ සභාව විසින්‌ ඒකමතිකව නිකායේ ‘මහානායක’ ධූරයට තෝරා පත්කර ගන්නා ලදහ.

එම දිනයේ සිට මේ දක්වා අප නායක මාහිමියන්‌ වහන්සේ නිකායාභිවෘද්ධිය උදෙසා සිදුකළ සහ සිදුකරන මෙහෙවර අතිශය ප්‍රසංසනීය ය. කොටස්‌ තුනකට බෙදී වෙන්ව පැවති කල්‍යාණිවංශ නිකාය ඒකඡත්‍ත්‍ර කිරීමට දොඩම්පහළ චන්දසිරි මාහිමියන් කටයුතු කළ අයුරු ප්‍රශංසාර්භය. ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙවන ශතසංවත්සර පූර්ණය 2010 වසරේ දී අති උත්කර්ෂවත් අන්දමින්‌ සිදු කිරීමට ගත්‌ ක්‍රියාමාර්ග භා සංවිධානත්වය එහිලා ජීවමාන සාක්‍ෂ්‍ය සපයයි. පැවැත්මෙන්‌ ගමනින්‌ වචනයෙන්‌ සංචරශීලි වූ දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමින්ද්‍රයන්‌ වහන්සේගෙන් ඉටුවන ලෝකශාසනික සේවාව පිළිබඳ අවධානය යොමුකළ ශ්‍රී ලංකා අමරපුර මගාසංඝ සභාව එකී සංඝ සභාවේ උපසභාපති ධුරයකින්‌ ගෞරව කළ අතර වර්ෂ 2013 පෙබරවාරි මස 23 වන දින එම සංඝ සභාවේ සභාපති ධුරයට නිතරඟයෙන්‌ තෝරාපත් කරගනිමින්‌ නැවතත් ගෞරවෝපහාරය පුද කළහ. සභාපති පදවියට පත්ව ගෙවුනු පස්‌ වසර තුල අමරපුර මහා සංඝ සභාවේ අභිවෘද්ධිය වෙනුවෙත්‌ උන්වහන්සේ ඉටුකළ සේවය අතිශ්‍යය ප්‍රශංසනීයය. එමෙන්ම විවිධ උත්සව ආදිය සඳහා දසතින්‌ ලැබෙන ආරාධනා සඳහා වැඩමවමින් අමරපුර මහා සංඝ සභාවේ නියෝජනය ලබා දීමට උන්වහන්සේ ක්‍රියා කළේය. පස්වසරක ධුරකාලය 2018 වසරේදී අවසන්‌ කළ නාහිමියෝ එම වසරේදීම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය ධුරයෙන්‌ පිදුම්‌ ලැබූහ. සම්බුදු සසුන වෙනුවෙන්‌ උදාරතර ලෝක ශාසනික සේවාවක නිරතවන දොඩම්පහළ චන්දසිරි මහානායත ස්වාමින්ද්‍රයන්‌ වහන්සේ වෙත 2021 ජනවාරි මස 04 වන දින මියන්මාර්‌ රජය මගින්‌ අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනමනු ලැබීය.

2021 වර්ෂය වන විට උන්වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන්‌ අමිල සේවාවක නිරතවෙමින්‌, ජන්මලාභයෙන්‌ අසූ එක්වසක් ද, පැවිදි දිවියේ සැත්තෑ වසක්‍ ද, උපසම්පදාවෙන්‌ වස් හැටක් ද සපුරන ලදී.

වර්ෂ 2021 වූ ජූලි මස 20 වැනි දා හෙවත් අද දින ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සිව්වන උත්තරීතර මහනායක මාහිමිපාණන් වහන්සේ ලෙස අභිනවයෙන් පිදුම් ලැබූ අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහානිකායේ මහානායක ධුරන්ධර, වංගීසවංශාලංකාර, විපස්සනාකම්මට්ඨානාචරිය කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී, අග්ගමහා පණ්ඩිත, මහාමහෝපාධ්‍යාය අතිගෞරවාර්හ දොඩම්පහළ චන්දසිරි මහානායක මාහිමියන්‌ වහන්සේට තව තවත්‌ ලෝසසුන් වැඩ වඩන්නට බුද්ධාදීරත්නත්‍රයේ ආශිර්වාදය සැලසේවායි ඉතසිතින්‌ ආශිංසනය කරමු !

© සංගායනා

Photos from Gothami Viharaya - Colombo 08, Sri Lanka  ඓතිහාසික ගෝතමී විහාරය, බොරැල්ල's post 26/06/2021

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, පරිවෙණාධිපති, කථිකාචාර්ය ගෝතමී විහාරවාසී ගෝතමී දහම්පාසලේ උපප්‍රධානාචාර්ය පූජ්‍ය මාමඩලේ නන්ද හාමුදුරුවන් වහන්සේගේ දයාබර අත්තම්මාගේ වියෝවීම වෙනුවෙන් අප විහාරස්ථානයේ මහාසංඝරත්නය දායක සභාව හා ප්‍රදේශවාසී දායකාරකාදීන්ගේ සාතිශය සංවේගය පළ කරන අතර දයාබර අත්තම්මාට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. !

Photos from Ven Dolosbage Santhanaga Thera's post 24/06/2021

Photos from Ven Dolosbage Santhanaga Thera's post

Photos from Gothami Viharaya - Colombo 08, Sri Lanka  ඓතිහාසික ගෝතමී විහාරය, බොරැල්ල's post 25/05/2021

2021 වෙසක් පොහොය නිමිත්තෙන් ඓතිහාසික බොරැල්ල ගෝතමී විහාරස්ථානය බෞද්ධ ධජවලින් හා විදුලි ආලෝකයෙන් සැරසිලි කිරීම.

18/05/2021

- YouTube

- YouTube Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

[05/06/21]   බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරය

මෙම විහාරය අතිශය ප්‍රසිද්ධියට පත් වීමට ප්‍රධාන හේතුව වන්නේ ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි ජෝර්ජ් කීට් (1901-1993) විසින් අඳින ලද අගනා බිතු සිතුවම් සමූහය මෙහි පිහිටා තිබීමයි.

කීට් විසින් 1939 මුල් භාගයේ දී අරඹන ලද මෙහි චිත්‍රකරණය 1940 දී නිම කරන ලදී. මෙහි දී ඔහුට අනුග්‍රහය දක්වන ලද්දේ ඇපලෝනියා පීරිස් ගේ මුණුබුරකු වූ හැරල්ඩ් පීරිස් විසිනි. කීට් ගේ චිත්‍රකරණය සඳහා අවශ්‍ය පරිදි ප්‍රතිමා ගෘහයේ බිත්ති සකස් කරන ලද්දේ ගෘහනිර්මාණ ශිල්පී ඇන්ඩෲ බොයිඩ් විසිනි. මුලින් තද දුඹුරු පැහැති රේඛා චිත්‍ර ලෙස නිමවන ලද බිතු සිතුවම් පසුව තෙල්වත්තේ ශ්‍රී අමරවංශ නාහිමියන් ගේ ඉල්ලීම පරිදි කීට් විසින් වණර්‍වත් කරන ලද බව පැවසේ. [1] චිත්‍රකරණය සඳහා කිසිඳු අය කිරීමක් නොකළ කීට් සායම් සඳහා වැය වූ මුදලින් සෑහීමකට පත් විය. කීට් විසින් අඳින ලද එක ම බිතු සිතුවම් සමූහය මෙය වීම විශේෂ කරුණකි.

බුද්ධ ප්‍රතිමාව ඇති ගර්භය වටා පිහිටා තිබෙන ප්‍රදක්ෂිණා පථයෙහි පිට බිත්තියේ ඇතුළු පැත්තෙහි දේවාරාධනාව, මහමායා සිහිනය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, ධනු ශිල්ප දැක්වීම, සරණ මංගල්‍යය, නළඟන රැඟුම්, ගිහිගෙයි කල කිරීම, සතර පෙර නිමිති දැකීම, රාහුල පුතුන් දැකීම, මහාභිනිෂ්ක්‍රමණය, අනෝමා නදියෙන් එතෙර වීම, කේෂඡේදනය, පිඬු සිඟා වැඩීම, ආලාර කාලාම තවුසා මුණ ගැසීම, මාර යුද්ධය යන බුදු සිරිතෙහි වැදගත් සිදුවීම් කීපයක් සිතුවමට නගා තිබේ. මෙම චිත්‍ර නිර්මාණයේ දී පෙරදිග පැරණි චිත්‍ර කලා සම්ප්‍රදාය අනුව එක් සිද්ධියක් අනෙක් සිද්ධිය හා බද්ධ වන පරිදි අඛණ්ඩ කථන න්‍යාය අනුගමනය කර තිබේ.

ප්‍රදක්ෂිණා පථයෙහි ඇතුළු බිත්තියෙහි පිට පැත්තේ මූණත් තුනක, බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩීම, ප්‍රථම ධර්මදේශනාව හා සම්බුද්ධ පරිනිර්වාණය වෙන් වෙන් ව සිතුවම් කර තිබේ.

සිංහල චිත්‍රවල එන මිනිස් රූ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ව සිතුවම් කොට ඇත. සිත්තරා පැරණි සම්ප්‍රදායෙන් පිටතට අවස්ථා ලෙස පැරණි විහාරවල සාමාන්‍යයෙන් ඇතුළු ගර්භයේ ඇස් මට්ටමෙන් ඉහළ සිතුවම් කෙ‍රෙන බුදු සිරිතේ සිද්ධි මෙහි ප්‍රදක්ෂිණා පථයේ ඇස් මට්ටමින් පහළ සිතුවම් කිරීම දැක්විය හැකි ය. ප්‍රධාන බිතු සිතුවම්වලට පහළින් ඇති අලංකරණ මෝස්තර නිමවා ඇත්තේ මේ යුගයේ විසූ ප්‍රකට සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියකු වූ මංජුශ්‍රී විසිනි. විශේෂයෙන් මෙම චිත්‍රවල වටිනාකම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය විසින් 1989 වර්ෂයේ දී ගෝතමී විහාරය සංරක්ෂණය කළ යුතු ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Videos (show all)

Location

Category

Telephone

Address

Borella
Colombo
Other Buddhist Temples in Colombo (show all)
Sri Bodhiraja Daham Pasala Sri Bodhiraja Daham Pasala
Colombo

Dhamma School under the Principalship of Ven. Udugampola Hemarathana Thero BA,MA & PhD (University of Kelaniya)

Sihala Deshaya - TV Sihala Deshaya - TV
Colombo
Colombo

සීහල දේශය

Ape Pansala Ape Pansala
Dhabare Mawatha,Narahenpita
Colombo

Lotus Pagoda නෙළුම් සෑය Lotus Pagoda නෙළුම් සෑය
Colombo, 12404

“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”

Sri Yamuna Sadaham Aramaya Sri Yamuna Sadaham Aramaya
99, Sri Nissanka Mawatha (Maya Avenue) , Havelock Road
Colombo, 00500

Premier Meditation Centre located in Colombo Sri Lanka to propagate the message of Buddha to devotees in search of understanding the deep message of Lord Buddha

Srilankabuddhisttours.com Srilankabuddhisttours.com
Colombo

Comprehensive interactive Buddhist tours in Srilana

Siri Sadaham Ashramaya Siri Sadaham Ashramaya
02, Bellantara Junction
Colombo, 10350

Official page of Siri Sadaham Monastery- Sri Lanka

Siri Wijayasiriwardanaramaya Siri Wijayasiriwardanaramaya
Na \ Arawwala Road, Pannipitiya
Colombo

Buddha's Teaching Center Buddha's Teaching Center
WARDHANARAMAYA, GONAWALA, KELANIYA, COLOMBO, SRI LANKA
Colombo, 11600

Buddha's teaching center is to spread Buddhism all over the world and to teach Buddha's teaching for the betterment of all living beings

Bududahama Surakimu-බුදුදහම සුරකිමු Bududahama Surakimu-බුදුදහම සුරකිමු
Colombo

“Being satisfied with little, leads to great welfare.” -The Buddha,

SRI Pushparamaya - kirulapona SRI Pushparamaya - kirulapona
Colombo, 1234

MIhidumaha perahera

Gangaramaya Buddhist Temple Gangaramaya Buddhist Temple
61 Sri Jinarathana Road
Colombo, 00200

Gangaramaya Temple is one of the most important temples in Colombo, Sri Lanka, being a mix of modern architecture and cultural essence.