Holy Rosary Youth Front

Holy Rosary Youth Front

Comments

මම කවුද ? යූදස් පිළිබඳ තීන්දුවක්, යේසුස්ව පාවාදීම හා යූදස්ගේ අවසානය, ක්‍රිස්තුස් වහන්සේකුරුසියේ ඇණ ගැසීම
Who Am I ? : A Judgement on Judas the untrustworthy Disciple and The End of a Traitor , Christ's crucifixion as a Martyr

" Service and Strength " Don’t let anyone look down on you because you are young, but be an example for the believers in speech, in life, in love, in faith and in purity.

Operating as usual

09/07/2021
09/07/2021

Friday Novena and Holy Eucharist In tamil

09/07/2021

Friday Novena and Holy Eucharist

06/07/2021
අපේ දුබලකම් තුළ එතුමන්ගේ ප්‍රබලකම දකිනු පිණිස වරප්‍රසාදයෙන් පමණක් පිරෙන්න.... 04/07/2021

අපේ දුබලකම් තුළ එතුමන්ගේ ප්‍රබලකම දකිනු පිණිස වරප්‍රසාදයෙන් පමණක් පිරෙන්න....

අපේ දුබලකම් තුළ එතුමන්ගේ ප්‍රබලකම දකිනු පිණිස වරප්‍රසාදයෙන් පමණක් පිරෙන්න.... එසකියෙල් 2:2-52කොරින්ති 12:7-10මාක් 6:1-6

03/07/2021
03/07/2021
02/07/2021

Friday Novena and Holy Mass in Sinhala (Live )

02/07/2021
02/07/2021

Friday Novena and Mass in Tamil

02/07/2021
10/10/2019

ගුවන් යාන පදවන්නන්ගේ හා අධ්‍යාපනයේ දුර්වල අයගේ නාම සාන්තුවරයා වූ කොපර්ටිනෝ හි සාන්ත ජෝශප් මුනිතුමන්

Post credit
https://m.facebook.com/story.php?story_fbid=129796471625841&id=100037864651206
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

ඉතාලියේ පුංචි ගමක් තිබ්බා කොපර්ටිනෝ කියලා ක්‍රිස්තු වර්ෂ 1623ට ආසන්න කාලේ එහෙ ජීවත් වුනා පිස්සෙක් වගේ කොල්ලෙක්. ගමේ මිනිස්සුන්ට කොලුගැටවුන්ට විහිලුවක් වුනු මේ කොල්ලා ගොඩාක් හිරිහැර වලට ලක් වුනා. කොහොමින් කොහොමහරි ඒ කොලුවා ෆ්‍රැන්සිස්කාන තාපස නිකායට ඇතුලු වෙන්නෙ ඒ කොල්ලගෙ අම්මගෙ බල කිරීමට ඇත්තටම කිව්වොත් ඒ අම්ම බොරු අසනීපයක් අරන් තමයි මේ කොල්ලව තාපසාරාමයට දැම්මෙ. එහේ තාපසාරාමයෙ ඉද්දි මේ සහෝදරතුමා යනවා කෑම එකතු කරන්න සිගමනෙ මොකද ෆ්‍රැන්සිස්කාන නිකායික සොහොයුරන් දිළිඳු ජීවිතයක් ගෙවන නිසා. ඉතින් මෙහෙම සිගමනේ ගිහින් බඩු ගොඩාක් එකතු කරන් එන මේ සහෝදරතුමන් දකිනවා පාරෙ අයිනෙ බිම ඉදගෙන දරුවට කිරි දෙන වැරැහැලි ඇදන් ඉන්න අම්ම කෙනෙක්. ඉතින් මෙතුමට යන්න හිතුනත් හිත ඇතුලෙන් ජේසු කතා කරනව මොනවහරි දීල උදව්වක් කරන්න ඕනෙ කියල. ඉතින් මෙතුමන් එකතු කරගත්තු දේවල් වලින් ටිකක් ගිහින් දෙනවා ඒත් ඒ වෙලාවෙ පොඩි කොලු ගැටවු රංචුවක් ඇවිත් එතුමන්ගෙ බූරුවා පිට බැදල තිබ්බ බඩු ටික හොරකන් කරනවා. එතුමා ගිහින් කොච්චර කිව්වත් අහන්නෙ නැති මේ කට්ටිය එතුමන්ට පහර දීලා ලෝගුවත් ඉරනවා. ඉතින් බයෙන් බයේ තාපසාරාමයට ආයෙ යන මෙතුමා විස්තර කියද්දි අයියෝ මෙහෙමත් පිස්සෙක් කියලා කට්ටිය හිතනව. ඊට පස්සෙ එතුමන්ට ලැබෙන්නෙ පිරිසිදු කිරීම් වැඩ, ඉතින් දවසක් මෙතුමා උද්‍යානයේ තියන මරිය තුමියගෙ සුරුවම පිරිසිදු කරද්දි උයන් පල්ලා කරන නපුරු වැඩක් නිසා එතුමන් බිම වැටිලා සුරුවම කැඩෙනවා. ඊට පස්සෙ මෙතුමන්ව තාපසාරාමයෙන් යවනවා, එතනදි මෙතුමන්ගෙ අම්ම ඇවිත් තාපසාරාමයෙ කට්ටියට බැනලා ආයෙ මෙතුමන්ව තාපසාරාමයට දානවා. ඊට පස්සෙ එතුමන්ට ලැබෙන්නෙ බැටලු ගාලයි හරක් ගාලයි, එහෙ ඉද්දි රදගුරුතුමන් එනවා දවසක් සහෝදරතුමන්ලව බැහැදකින්න. එතකොට රදගුරු තුමන් බැටලු ගාලට එද්දි මෙතුමන් පිදුරු ගොඩේ නිදි, රදගුරු තුමන් කොහොමහරි එතුමන් එක්ක මිතුරු වෙනවා පුංචි බැටලු පැටවු දෙන්නෙක් නිසා, පස්සෙ එදා රෑ රදගුරු තුමන් එනවා බැටලු ගාලට ඇවිත් මේ පිස්සු සහෝදරතුමා එක්ක කතා කර කර ඉද්දි කියනවා මට නම් තේරෙන්නෙ මෑ පුතේ ශු ත්‍රිත්වය ගැන කියලා, එතකොට මේ පිස්සා කියනව ආ ඒක මොකක්ද පොරවන රෙද්ද එකයි තුනට නැවුවම නැවුම් තුනයි, අන්න ඒ වගේ තමයි ශුද්ධවු ත්‍රිත්වය තුනක් ඉන්නව එකයි තියෙන්නෙ. කොහොමහරි රදගුරු තුමන් පහුවදා උදේ යනවා එතකොට එතන ඉන්න දෙවැනි ලොකු පියතුමන් ට කියනවා මෙයාට අධ්‍යාපනය දෙන්න කියලා. ඊට පස්සෙ මේ පිස්සව පුස්තකාලෙ දාගෙන උගන්නනවා, ඒත් ඉතින් ඉගෙනගන්නෙ නෑ. පස්සෙ කොහොමහරි විභාගෙත් ලියනවා ලූක් සුවිශේෂය අහද්දි මුලින් මුලින් තටමලා පස්සෙ විභාග අධීක්ෂණය කරන අය නවත්තන්න කිව්වත් අහන්නෙ නැතුව කියනවා. කොහොමහරි මෙතුමන් පූජාත්වරය ගන්නවා. ඊට පස්සෙ ගෙදර යනව අම්මා බලන්න, අම්මා අතට අහුවෙන එකෙන් මේ පියතුමන් ට ගහනව ආයෙත් තාපසාරාමයෙන් ආවද කියලා. පස්සෙ මෙතුමන් කියනව මම දැන් පියතුමෙක් කියලා. ඒ සිද්දිය ගම පුරා පැතිරිලා ගමේ උන්වහන්සේට උසුළු විසුළු කරපු අය එනව උන්වහන්සේගේ ආශිර්වාදය ගන්න. කොහොමහරි උන්වහන්සේ ආයෙ තාපසාරාමයට ඇවිත් අර බැටලු ගාලෙ උන්වහන්සේගේ කුටියට යනවා අර එදා කැඩුනු මරිය තුමියගෙ සුරුවමෙ ඔලුව කෑල්ල ළග දණගහලා යාච්ජා කරනවා, එතනදි උන්වහන්සේ පාවෙනවා. ඒක එක්කෙනෙක් දැකලා ගිහින් රාත්‍රී භෝජනය ගන්න පියතුමන් ලට කියනවා, ඒත් කව්රුත් පිලිගන්නෙ නෑ පස්සෙ රෑ කෑමෙන් පස්සෙ කියනවා අපි හෙට අලුත් පියතුමන්ගේ පළමු පූජාව කරමු කියලා. මේ පූජාවත් හරිම විනෝදයි මේ පිස්සු පියතුමන් ට පූජාව මතක් කරන්නෙත් එතුමන් ගෙ මිතුරෙක් ළග ඉදන් හොරෙන්. කොහොමහරි සත්ප්‍රසාද අශීර්වාදය ළං වෙද්දි ගම්මු දුවන් එනවා ලෙඩ්ඩු උස්සන් අර පියාඹන ස්වාමිගෙන් ආශිර්වාද ගන්න. ප්‍රධාන පියතුමන් දෙපල මොවුන්ව යවනවා, ඒත් දිව්‍ය සත්ප්‍රසාද අශීර්වාදය වෙලාවෙ මෙතුමන් ආයෙත් උඩ පාවෙනවා, ඒක දැකපු අනික් සහෝදරතුමන්ලා දුවන් ගිහින් කියනව එලියෙ ඉන්න ප්‍රධාන පියතුමන් ලට, ඒත් එතුමන්ල ඇතුලට එද්දි එතුමන් පූජාව සාමාන්‍ය විදියට කරනවා. පස්සෙ මේ සිද්දිය රදගුරු වරුන් විභාග කරනවා එවෙලෙ මෙතුමන්ට පාවෙන්න බෑ. පස්සෙ මෙතුමන් ව දම්වැල් වලින් බැදලා අනික් අය එළියට යනවා ඒ මෙතුමන් ගෙ කුටිය ඇතුලේ. එතකොට දම්වැල් වැටෙන් සද්දෙ ඇහිලා ඇතුලට යන කට්ටිය නිකන්ම පාවෙන මෙතුමන් ඉස්සරහ දණ නවනවා. ඉතින් මේ පාවෙන සාන්තුවරය, පිස්සා වෙන කව්රුත් නෙමෙයි, ගුවන් යාන පදවන්නන්ගේ හා අධ්‍යාපනයේ දුර්වල අයගේ නාම සාන්තුවරයා වූ කොපර්ටිනෝ හි සාන්ත ජෝශප් මුනිතුමන්

Post credit
https://m.facebook.com/story.php?story_fbid=129796471625841&id=100037864651206
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

vathikanasulaga.com 21/04/2015

"දයාව: සෑම යහපත් පුද්ගලයකු ගේ ම හද ගැබ තුළ ක්‍රියාත්මක විය යුතු මුලික නීතිය" ~ සුදුතුම් පිය තත

vathikanasulaga.com

24/03/2015

The Stigmata of Catalina Rivas

Catalina Rivas of Cochabamba, Bolivia, who now dwells in Mérida, Yucatán, México. She is said to receive Messages from Jesus, Mary, and the angels. She has the approval of her Bishop, René Fernández Apaza, who has given his imprimatur to her Messages. The following text is the reproduction of booklet, “The Holy Mass,” in which Our Lord and Our Lady explain to Catalina what is really going on during the Mass in the spiritual realm, and how we should be more concentrated on the great mysteries that are taking place.

Bo. Daniel Gagnon, OMI, of the Commission for the Doctrine of the Faith of the Archdiocese of Mexico, wrote about this book: “I do not find anything against the faith or the customs of the Church. It is not my function to confirm its supernatural character; nevertheless, I recommend it for its spiritual inspiration.”

බොලිවිආවේ කැටලිනා විසින් දරණ මේ සාක්ෂිය තුළ ශුද්ධවු පූජාවේදි කුමක් සිදුවේද යන්නත්, හදවතින්ම ශුද්ධවු දිව්‍ය යාගය ජීවත් කළ යුතු ආකාරයත් අපට උගන්වනවා.

ස්වාමින් වහන්සේට හදවත් විවෘත කරන්නට කැමති සියල්ලන්ගේ ගැලවීම හා දේව මහිමය සඳහා ලෝකයට මා දියයුතු වන සාක්ෂිය මෙයයි.

උන්වහනසේට කැපවූ බොහෝ දෙනා ක්‍රිස්තුස් වහන්සේ හා ප්‍රේමයෙන් බැඳී ප්‍රේමයේ ගින්න දල්වාගනු සඳහා ද, අන්සැම උන්වහන්සේව පුරුද්දක් වශයෙන් ලබා ගැනීම අතහැර මේ උතුම් තිළිණය ආදරයෙන් ලබාගෙන, එම හමුවීමේ මහිමය තුළ ජීවත්වනු සදහා ද ලෝකයේ සිටින සියලුම ගිහි සැදැහැවතුන්, මෙම ශ්‍රෙෂ්ඨවූද අති අනර්ඝතමවූද ප්‍රාතිහාර්යය වන ශුද්ධවු දිව්‍ය යාගය තුළ ජීවත්වනු සදහා ද මෙය පවසමි.

ඒ මංගලම් කීමේ මංගල්‍යෙය් සන්ධ්‍යා මෙහෙයයි. අපගේ නව ධර්මදාන අපෝස්තලික සේවාවේ සාමාජිකාවන් පාපඋච්චාරණය සඳහා ගොස් සිටියා. පාප උච්චාරණය කරගන්නට එදින නොහැකිවූ සමහර අය, ඊළඟ දිනයේ ශුද්ධවු පූජාවට කළින් එසේ කරන්නට බලා සිටියා.

ඊළඟ දිනයේ මම ශුද්ධවු පූජාවට පැමිණියේ ටිකක් ප්‍රමාද වෙලයි. එවිට අගරදගුරු තුමා සහ පියතුමන්ලා පුදසුන වෙත පැමිණෙමින් සිටියා. ඒ මොහොටත් දී, දේව අම්මා එතුමියගේ සියුම් කටහඬින් මට මෙසේ පැවසුවා.

“අද ඔබ ඉගෙනීමේ දිනයේ, ඔබ සාවධානව ශුද්ධවු දිව්‍ය පූජා යාගයට සහභාගි වන්න. මෙහිදි ඔබ අද අත්දකින්නට යන දේ, මුළු මිනිස් සංහතිය හා බෙදා ගන්න. “ මෙහි තේරුම අපැහැදිව මා සසල වූවත්, ඉතා සාවධානව සිටින්නට මා උත්සහ කළා.

මුළින්ම ගායනා කණ්ඩායමත් ඉතා මිහිරි ලෙස ගායනා කරනවා මට ඇසුණා. මුළින්ම ඒ ගායනය ඉතා දුරින් මෙන් ද, ඊළගට ලඟින් මෙන්ද, පසුව බොහෝ ඈතින් මෙන් ද මට ඇසුණා.

අගරදගුරු තුමා ශුද්ධවු දිවය පූජාව ඇරඹුවා. පශ්චාත්තාපික පිළිවෙතේදී, දේව අම්මා මට මෙසේ පැවසුවා. “ස්වාමින් වහන්සේට විරුද්ධව කළා වූ වැරදි වලට මුළු හදින්ම සමාව යදින්න. එවිට නිසි අන්දමින් මෙම ශුද්ධවු දිව්‍ය පූජා යාගයට සහභාගි වන්න ඔබට හැකිවේවි “ ඊයේ සවස මම පාප උච්චාරණය කළානේ, ඒ නිසා මම ඉන්නේ වරප්‍රසාදීය තත්වයක මම එසේ සිතුවා.

එවිට මරියතුමිය මෙසේ පැවසුවා. “ඊයේ සවස පටන්, ඔබ දෙවියන් වහන්සේට අනදර කළේ නැතැයි ඔබ සිතනවා ද? මම මතක් කර දෙන්නෙමි. ඔබ මෙහි එන්න පිටත්වන් සූදානම් වූ අවස්ථාවේ දී, නිවසේ දී, ඔබ ඒ දැරිය ඔබ වෙතට පැමිණ යමක් අසන්නට තැත් කරන විට, ඔබ ඒ දැරියට කාරුණිකව කතා කළේ නැහැ. අතරමඟ බස් රථයක් ලිස්සා ඔබ කිට්ටුවට ආ විට, ශුද්ධවු දිව්‍ය පූජාවට සූදානම් වෙමින් පැමිණෙනවා වෙනුවට, ඔබ රියදුරාට බැන වැදුනා. ඔබ කරුණාවන්ත නොවී ඉවසිලිවන්ත නොවී, සාමය නැති කරගෙන ඔබ ශුද්ධවු දිව්‍ය යාගයට පැමිණියේ ද ඇතුල්වීමේ පෙරහැර ආරම්භ කළාට ද පසුවයි. ඔබ ඊට සහභාගි වන්නට යන්නේ පෙර සූදානමක් ද නැතිවයි.“ එවිට මම “තවත් ‍දේවල් කියන්න එපා මෑණියනි, මට මා ගැනම ලැජ්ජයි.කනගාටුයි.” යැයි පැවසුවා.

මරිය තුමී පැවසුවා, “ශුද්ධවු දිව්‍ය පූජ යාගයට අවසාන මොහොතේ් දී, පැමිණෙන්නේ ඇයි? කළින් පැමිණ මේ උතුම් ශුද්ධ යාගයට සූදානම් වනු සදහා ඔබ ශුද්ධාත්මයාණන් වහන්සේව එවන්නැයි යාච්ඤා කරන්න. එවිට උන්වහන්සේ ඔබව සාමයෙන් පුරවා ලෞකීකත්වයේ ඇල්මෙන් පවිත්‍ර කර ඔබේ ප්‍රශ්න දුක් කම්කටොළු සියල්ලෙන් සිත නිදහස් කර, මේ ශුද්ධවූ මොහොත තුළ ජීවත් වීමට ඔබට සහය වන සේක. මෙය සාමන්‍ය අවස්ථාවක් ලෙස සලකා, ඔබ හරියටම ශුද්ධවු දිවය පූජාව පටන් ගන්නා විට පැමිණ කිසිම අධ්‍යාත්මික සූදානමකින් තොරව ඊට සහභාගි වෙනවා. අති ශ්‍රෙෂ්ඨවූද අනගිතමවූද ප්‍රාතිහාර්යය මෙයයි. මහෝත්තම දෙවිඳුන් ඔබට ඒ උතුම් තිළිණය දානය කරන විට එය අගය කළයුතු ආකාරය ඔබ නොදනි.“

මේ මොහොතේ දෙවි උතුමන්ගෙන් සමාව යදින්නට කොතෙක් පාපයන් මට ඇද්දැයි වටහා ගැන්මෙන් කනගාටුවට පත් වුනෙමි.

මෙදින මංගල්‍ය දිනයක් නිසා සුරදූත ගීතිකාව ගයන්නට යෙදුනා. එවිට මරිය තුමිය මෙසේ පැවසුවා. “මැවිල්ලක් ලෙස ඔබ මුළු ප්‍රේමයෙන් ශුද්ධවු ත්‍රිත්වයට පැසසුම් කරන්න.”

ඒ ප්‍රශංසා ගීතිකාව කොතරම් අගනේද? හදිසියේම ඉතා දුරින් ද මහත් වූ ආලෝකයෙන් ද යුත් දෙවිඳුන්ගේ රාජකීය වැඩ සිටීම ඉදිරියේ මා සිටින බව මම අත්දුටුවා. ඉතා මහත් වූ ආදර භක්තියකින් යුතුව මම ප්‍රශංසා කීවා. ස්වර්ගීය රජාණෙනි, සියලු බලැති දෙවි පියාණෙනි, අපි ඔබ වහන්සේට ප්‍රසංශා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමි. පීතෘක දයාවෙන් යුත් පියාණන් වහන්සේව මම සිහිපත් කළා. ජේසු ක්‍රිස්තුනි, දේව ජේසු අජබාලකයාණෙනි, පියාණන්ගේ පුත්‍රයාණෙනි, ලොවේ පව් හරින ඔබ වහන්සේ….. මුදු මොළොක් දයානුකම්පාවෙන් යුත් ජේසු සමිඳාණන්ගේ ශ්‍රී මුහුණ මම දුටුවෙමි. ජේසු ක්‍රිස්තුනි, එකම ශුද්ධවු තැනන්වහන්සේ ඔබ වහන්සේය. එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේය….. දෙවි පියාණන්ගේ මහිමයෙහි ශුද්ධාත්මයාණන් සමඟ… අසීමිත ප්‍රේමයේ දෙවිඳාණන් වන උන්වහන්සේ ඒ මොහොතේදී දේව භක්තියෙන් මා මුළුමනින්ම වෙලා ගත් සේක.

මා මෙසේ ද යාච්ඤා කළා. “ස්වාමිනි, සියලු නපුරෙන් මා ගලවා ගත මැනව. මගේ හදවත ඔබවහන්සේට අයිතිය, මාගේ ස්වාමිනි, ශුද්ධවු දිව්‍ය යාගය තුළින් මහඟු දීමනා ලබනු සඳහා ද, ඔබවහන්සේගේ සාමය මට දුන මැනව. ශුද්ධාත්මයාණෙනි, මට මග පෙනන්වා මා තුළ ක්‍රියාකර මා වෙනස් කළ මැනව. ඔබ වහන්සේට සේවය කිරීමට අවැසි වරම් දුන මැනව.“

ශුද්ධවු දේව වාක්‍ය පිළිවෙත ඇරඹෙද්දී මරියතුමි එතුමිය සමඟ මෙසේ යාච්ඤා කරන්නට මා යොමු කළා. “ස්වාමිනි, අද දින ඔබ වහන්සේගේ වචනයට සවන් දී පලදරන්නට, මට අවශ්‍යය. ඔබ වහන්සේගේ ශුස්ධවු වචනය මා තුළ වැඩි දරනු සදහා ඔබ වහන්සේගේ ශුද්ධාත්මයාණෝ, මගේ හදවත ඔබ වහන්සේ වෛතට හරවා ඇතුළාන්තය පවිත්‍ර කරන සේක්වා.“

එතුමිය මෙසේ ද පැවසුවා. “ඔබ සියලුම ප්‍රකාශන වලට හා දේශනයට සාවධානව සවන් දෙන්න. දේ වචනය පල නොදරා ආපසු නොයන බව ශුද්ධවු බයිබලය, ප්‍රකාශ කරන බව මතක තබා ගන්න. ඔබ හොඳින් සවන් දෙන්නේ නම්, ඔබ ඇසූ දෙයින් යමක් ඔබ තුළ පවතීවි. ඔබ තුළ තැන්පත් වුණ ඒ වචන කීහිපය නැත්නම් වගන්තිය, දවස පුරා වරින් වර සිහි කරන්න. එවිට ඒ වදන් ඔබ දිවියේ කොටසක් වී, ඔබව වෙනස් කර නවතාවයකට පත්කරාවි. දැන් ඔබ උන්වහන්සේට සවන් දිම සඳහා මෙතැන සිටින බවත්, උන්වහන්සේ හදවතට කතා කිරීම ඔබට අවශ්‍ය බවත් උන්වහන්සේට කියන්න.“

යළිත් දේව වචනය අසන්නට උන්වහන්සේ මට අවස්ථාව දීම ගැන තුති පුදමින්, මෙතෙක් කල් තද හදවතක් ඇතිව සිටීම ගැනත්, ණය යුක්තිය ඉටු කරනු නිසා මිස, දෙවි උතුමන් වෙත ප්‍රේමයෙන් දිව්‍ය යාගයට සහභාගි වන්නැයි මගේ දරුවන්ට කියා නොදුන් නිසාත් මම සමාව පැතුවෙමි. මෙතෙක් ශුද්ධවු දිව්‍ය යාගය ජීවත් කරන්නටත් ශුද්ධවු ලියවිලි පාඨවලට හෝ දේශනයට සාවධානව සවන් දෙන්නටත් මට අතපසු වී ඇති බව අවබෝධ කර ගත්තෙමි. මෙසේ වසර ගණනාවක් තුළ මගේ අඥානකමින් නැති කරගත් දීමනා ගැන මම වේදනාවට පත් වුනෙමි. අපි සමහර විට විවාහ හෝ අවමංගල ශුද්ධවු දිව්‍ය යාගයට සහභාගි වන්නේ, අපි පැමිණි බව ආරාධනා කළ අය දකින පිණිසයි. සභාව හා සක්‍ර‍මේන්තුව ගැන අපේ අඥානකම කොතරම් ද….? නොපවතින ලෞකීක දේවල් ගැන දැන ගන්නට, ඉගෙන් ගන්නට අපි කොතරම් උනන්දුද? එහෙත් ස්වර්ගය බිඳක් හෝ මෙලොවේ දී අත්දකින්නට සලසන; පසුව සදාතනික ජීවිතය ලබා දෙන දේ ගැන අපේ දැනීම කොපමණ අල්පද? නමුත් අපි කියනවා අපි යහපත් කිතුනුවෝ කියලා.

පඬුරු පිදීමේදි මරියතුමී මෙසේ පැවසුවා. “ මෙලෙස යච්ඤා කරන්න.“ මමද ඇයට පසුව එසේම යැදුවා. “ස්වාමිනි, මා ද මට ඇති සැම දෙය ද මම ඔබට පුදමි. සියල්ල ඔබ වහන්සේගේ හස්තයට බාර කරමි. මහෝත්තම දෙවිඳුනි, ඔබ පුතණුවන්ගේ වරප්‍රසාද තුළින් මා නවතාවයකට පත් කළ මැනව. මගේ පවුලේ සැමගේ ද, මට සහය වන අයගේ ද, මගේ සේවය ලබන්නන්ගේ ද, මට විරුද්ධව කටයුතු කරන අයගේ ද, මගේ දුගී යැදුම් පිහිට බලාපොරොත්තු වන අයගේ ද, පැතුම් මම ඔබ වහන්සේට පිළිගන්වමි. ඔවුන්ගේ ජීවිත ගමනෙහි (මඟෙහි) දුක් පීඩා අඩුවන පිණිස ඔවුන් හමුවේ බැහැපත් වන්නට මට උගන්වන්න. ශුද්ධවන්තයන් යාච්ඤා කළේ එලෙසයි. ඔබ සැම දෙනා ද ඒ අයුරින් යාච්ඤා කිරීම මගේ කැමැත්තයි.“

ආසන දෙව් මැදුර තුළ සිටි සියලු දෙනාගේම පැත්තකින්, මම කිසි දිනක දැක නොමැති ආගන්තුක අමුත්තන් පිරිසක් නැඟිට සිට ගත්තා. ඉතාම ලස්සන යොවුන් ජවයෙන් පිරි පරිපූර්ණ පෙනුමෙන් යුත් ඒ අයගෙන් මුළු දෙව් මැදුරම පිරී ගියා. ඉතා දීප්තිමත් ධවල වස්ත්‍ර ඇද සිටි ඔවුන් දෙව් මැදුර මධ්‍යයයේ ඇති තීරුවට පැමිණ අල්තාරය දෙසට ගමන් කළා. එවිට මරිය තුමිය කතා කළා. “බලන්න මේ අය, මෙතැන රැස්ව සිටින ඔබ සියලු දෙනාගේම රැකවල් දූතයෝ ය. ඔවුන් ඔබගේ පඬුරු සහ ඉල්ලීම් පුදසුන කරා රැගෙන යන මොහොතයි ඔබ දර්ශනය කරන්නේ.“

ඒ චමත්කාර මොහොත මම පුදුමයෙන් බලාසිටියා. මන්ද අපට සිතා ගන්නටවත් බැරි අන්දමේ ඉතා පියකරු මුහුණුවලින් යුතු ඉමහත් දීප්තියකින් දෙව් මවුන් මෙන්ම ඔවුන් ද බැබළුණා. දේව දූතවරුන්ගේ මුහුණු යොවුන් තරුණියන්ගේ මෙන් වූවත්, ශරීර, අත් සහ උස උත්තුංඟ දේහ සහිත පුරුෂයන් මෙන් විය. ඔවුන්ගේ පාද පොළොව ස්පර්ශ වුනේ නැහැ. ඔවුන්ගේ ගමන ඉදිරියට පාවෙන ස්වභාවයක් වුනා. එය වචනයෙන් විස්තර කළ නොහැකි දැකුම්කළු පෙරහැරක් විය. සුදු හා රන්වන් ආලෝකයක් විහිදුණ යමක් අඩංඟු රන්වන් භාජන ඇතැම් දේව දූතවරු රැගෙන ගියා. මරිය තුමිය මට කතා කර මෙසේ කීවා, “මේ පෙරහැර කරන්නේ, තේරුම් පැහැදුම් ඇතිව දිව්‍ය යාගය පුද කරන්නාවුද, බොහෝ ඉල්ලීම් සදහා මෙම යාගය පුද කරන්නාවුද අයගේ රැකවල් දේව දූතයෝ ය. දෙවි මහෝත්තමයාණන්ට පුදන්නට ඔවුනට යමක් තිබෙනවා. එම නිසා මේ මොහොතේදී ඔබව ඔප්පු කරන්න. ඔබේ දුක් වේදනා, බලාපොරොත්තු, සතුට, ඉල්ලීම් සේ සියල්ලක්ම පුදන්න. දිව්‍ය පූජා යාගයට අසීමිත වටිනාකමක්, අරුතක් තිබෙන බව වටහා ගන්න. ඔප්පු කිරීමේදීත් ත්‍යාගිවන්ත වන්න.”

පළමු දේව දූතයන් පිටුපසින් හිස් අතින් පැමිණි දේව දූතයන් පිරිසක් සිටියා. ඔවුන් ගැන මරිය තුමිය මෙසේ කීවා, “හිස් අතින් යන මොවුන් නම් මෙතැන සිටින නමුත් කිසිවක් ඔප්පු නොකරන, සෑම යාගික මොහොතකදීම අවදියෙන් නොමැති අයගේ දේව දූතයන්.”

පෙරහැර අන්තීමයේ සිටි දේව දූතයන් කණගාටුවෙන් සිටියා. ඔවුන් යාච්ඤාවේ යෙදෙමින් බිමට බරවු දෑසින් දෙඅත් එක්කරගෙන සිටියා. ඔවුන් ගැන මරිය තුමිය මට මෙසේ පැවසුවා, “මේ තමයි අකමැත්තෙන් හෝ කාගේ හෝ බලකිරීමකින් හෝ ණය යුක්තියක් ලෙස හෝ මෙතැට පැමිණි අයගේ රැකවල් දූතයන් ; පුදසුන කරා ගෙන යන්නට ඔවුන්ට තමන්ගේම යැදුම් හැරෙන්නට වෙන කිසිවක් නැති නිසා ඔවුන් ඉතා කණගාටුවෙන් සිටිනවා. ඔබේ රැකවල් දේව දූතයාව දුකට පත් නොකරන්න. බොහෝ දේ අයදින්න. පව් කරුවන්ගේ සිත් හැරීම සඳහා ලෝක සාමය සඳහා ඔබේ පවුලේ අය, අසල්වාසින්, ඔබෙන් යාචඤා ඉල්ලූ අය යන මේ සියලු දෙනා වෙනුවෙන් ඉල්ලන්න. “

මතක තබා ගන්න, දෙවිඳුන්ට ප්‍රසන්නතම යාගය නම් ඔබේ ජීවිත පිදුමයි. එවිට උන්වහන්සේගේ වරප්‍රසාද වලින් ඔබව නවතාවයකට පත්කරන්නාහ. දෙවි පියාණන් වහන්සේට පුදන්න ඔබට ඇත්තේ කුමක්ද… කිසිත් නැතිකම හා පාපි බව නොවේ ද? ජේසු සමිඳුන්ගේ වරප්‍රසාද වලට එක්වී තමන්වම පිදීම දෙවියන් වහන්සේට ප්‍රසන්නතම පිදුම යි.

එම පෙරහැරේ එම දර්ශනය කොතරම් චමත්කාරද කිවහොත්, එය තවත් කිසිම පෙරහැරක් හා සමකල නොහැකියි. ස්වර්ගීය දූතයන් පුදසුන හමුවේ හිස නමමින්, සමහරු පඬුරු බිම තබමින් තවත් සමහරු දණ ගසා හිස බිම තබා නමස්කාර කරමින් සිටියා. ඔවුන් අල්තාරයට ලංවූ පසු මට නොපෙනි ගියා.

සුවිශුද්ධය පවසන විට පිටුපසින් දකින්නට තිබු සියල්ල ඉවත්ව ගොසින්, අගරදගුරු තුමාගේ වම් පැත්තේ පිටුවසින් කුඩා, ලොකු, තටු නැති දේව දූතයන් දහස් ගණනක් පෙනී සිටියා. සෑම දේව දූතයෙක්ම සිටියේ අත් වැඳගෙන නමස්කාරයෙන් හිස නමා ගෙනයි. විවිධ කට හඬින් යුත් ගායනා කණ්ඩායම් කීපයක් එක්වුනා හා සමානව ලස්සන සංගීතයක් සමඟින් ජනතාව හා එක්ව ඔවුන් සියල්ලෝම සුවිශුද්ධය එක්ව ගායනා කළා.

කැප කිරීමේ යැදුමේ දී අති ශ්‍රේෂ්ඨතම ප්‍රාතිහාර්යය සිදුවුනා. අගරදගුරුතුමාගේ දකුණුපස පිටුපසින් මහා ජන සමූහයක් පෙනි සිටියා. ඔවුන්ද කළින් දුටු ආකාරයේ සළු හැඳ සිටියත්, ඒවා රෝස, රතු, කොළ, නිල් යන ඉතා ලා පාටින් යුක්ත වුනා. ඔවුන් ද එකම වයසේ අය නොවූවත් ඔවුන්ගේ මුහුණු ප්‍රිතියෙන් බැබලෙමින් තිබුණා. සියල්ලෝම එකම එකම වයසේ අය මෙන් පෙනුණා. ඔවුන් සිටියේ දණ ගසා ගෙනයි. ඔවුන් ගැන මරිය තුමිය මට මෙසේ පැවසුවා, “මේ සියල්ලෝම ශුද්ධවන්තයෝ; ස්වර්ගීය සතුට විඳින අය. මේ අය අතර ස්වර්ගීය සැපත විඳින ඔබගේ ඥාතීන්ද සිටී.”

අගරදගුරු තුමාගේ දකුණුපසින් පඩියකට පහළින්, පොළවට මදක් ඉහළින් සිදුපාට දිලිසෙන සුමුදු සේද ඇඳුමක් හැඳ සිටි දේව අම්මා අත් වැඳගෙන සාවධානව හා ගෞරවාන්විතව පූජකතුමා දෙස බලා සිටියා. එතුමිය එතැන සිට මා දෙස නොබලා නිහඬවම මාග් හදවතට කතා කළා. “ඔබ පුදුමයට පත් වේවි, මම අගරදගුරු තුමාගේ පිටුපසින් සිටීම ගැන එය එසේ විය යුතුයි. මගේ පුතණුවන් මට ඉතා ආදරය දැක්වූවත් පූජප්‍රසාදි තුමන්ලාට දී ඇති මේ වරම එනම් එතුමන්ලා මෙන් මගේ අතින් දිනපතා මෙම ප්‍රාතිහාර්යය සිදු කිරීමේ බලය මට ලබා දී නැහැ. දෙවි මහොත්තමයාණන් ඉදිරියේ පූජාප්‍රසාදි තුමන්ලා සමග මමද මෙසේ දණගසා සිටිනවා.”

අපත්, සමහරවිට සමහර පූජකතුමන්ලාත් වටහා ගෙන නොමැති කොයි තරම් උතුම් බවක් කොතරම් වරප්‍රසාදයක් පූජක ආත්ම වලට ස්වාමින් වහන්සේ ලබාදී තිබෙනවාද?.

දුඹුරු පාට ඇඳුම් ඇඳ අත් දිඟු කරගෙන සිටින ජන සමූහයක් අල්තාරය ඉදිරිපිට මම දුටුවා. ඒ අය ගැන මරියතුමිය පැවසුවා, “මේ අය ඔබගේ යාච්ඤා බලාපොරොත්තු වන ශුද්ධිකාග්නි ස්ථානයේ ආත්මයන් , ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමට අමතක නොකරන්න. ඔවුන් ඔබ වෙනුවෙන් යාච්ඤා කරනවා. නමුත් තමන් වෙනුවෙන් යාච්ඤා කිරීමට ඔවුනට නොහැකියි. ඔවුන් එම ස්ථානයෙන් පිටවී ස්වාමින් වහන්සේව දර්ශනය කරනු සඳහා ඔවුන් වෙනුවෙන් නොකඩවා යාච්ඤා කළ හැකි වන්නේ ඔබටයි. බලන්න, දැන් ඔබ දකිනවා සෑම මොහොතකම ශුද්ධවු දිව්‍ය යාගය සිදු කරද්දී මා එතැන සිටින බව, නමුත් මා දර්ශනය වූ තැන් සොයමින් ජනතාව වන්දනා ගමන් යනවා. ඔවුන්ට එම ස්ථාන වලදී ලැබෙන වරම් නිසා එසේ යාම හොඳයි. නමුත් කිසිම දර්ශනය වීමකට හෝ කිසිම ස්ථානයකට වඩා දිව්‍ය යාගයේදි මම විශේෂයෙන් පෙනී සිටිනවා. සැමවිටම දිව්‍ය පූජාව පවත්වන සෑම ස්ථානයකදීම පුදසුන පාමුල ඔබට මා හමුවේවි. මම සැමවිටම උන්වහන්සේ සමග වන දිව්‍ය සත්ප්‍රසාද නිවහන පාමුල දේව දූතයන් සමග මම සිටිමි.”

සුව්ශුද්ධය යන වචනය පවසන විට ඒ ප්‍රාතිහාර්යය බලාපොරොත්තුවෙන් දෙඅත් වැඳ බලාසිටින මරිය තුමියගේ සහ අන් සියල්ලගේ දීප්තිමත් මුහුණු දැකීම හරියට ස්වර්ගයේ සිටිනවා යන අත්දැකීම ලැබුවා මෙන් විය. ඒ මොහොතේදීත් පූජාවෙන් බැහැරවී දේව ස්ථාන භූමියේම කතා කර කර ඉන්නට ජනතාවට හැකි යැයි සිතන්නට පුළුවන් ද? ජේසුස් වහන්සේව සාමාන්‍ය පුද්ගලයෙකුගේ තත්වයට දමා සළකමින් අත් බැඳගෙන සිටින අය දැකීමට ලැබීම කණගාටුවට හේතුවකි.

“මනුෂ්‍යෙයක් සැබැවින්ම මනුෂ්‍යයකු වන්නේ ඔහු හෝ ඇය දෙව් උතුමාණන් ඉදිරියේ දණ නමන විට බව ජනතාවට පවසන්න” යැයි මරිය තුමිය මට පැවසුවාය.

අගරදගුරුතුමා කැප කිරීමේ වචන උච්චාරණය කළා. සාමන්‍ය අස්න් යුත් තැනැත්තෙක් වුවද හදිසියේ ශරීරය ප්‍රමාණයෙන් වර්ධනයවී රත්රන් හා සුදුපාට අතරවු අස්වාභාවික ආලෝකයකින් එතුමාව වෙලාගෙන මුහුණ වටා එම ආලෝකය බැබලුනා. මේ නිසා එතුමාගේ ස්වරූපය මට පැහැදිලිව දක්නට නොහැකි වුනා. එතුමා පූපය ඔසවන විට දෑත් පිටුපස ඉතා මහත් ආලෝකයක් විහිදෙන සලකුණු තිබෙන බව මම දුටුවා. ඒ ජේසු සම්‍ිඳාණන්මය. උන්වහන්සේම තමයි, අගරදගුරු තුමාගේ සිරුර වෙලා ගත්තේ හරියට අගරදගුරු තුමාගේ දෑත් ආදයෙන් වට කරගෙන වාගෙයි. එෟ මොහොතේ දී ශ්‍රී පූපය කෙමෙන් විශාල වී ඒ මත ජේසු සමිඳාණන් තම ජනයා දෙස බලා සිටින ආකාරය දක්නට ලැබුණා.

හිසනමා උන්වහන්සේට නමස්කාර කරන්න මා යොමු වූවත්, “පහත නොබලන්න, උන්වහන්සේ දෙස බතා මෙනෙහි කරන්න. ඔබේ දෙනෙත් උන්වහනසේගේ දෙනෙත් හා ගැටෙන්නට සලසා පාතිමා යැදුම උච්චාරනය කරන්න. ෂ්වාමිනිථ මම අදහමි, මම නමස්කාර කරමි. මම විශ්වාස කරමි. මම ඔබ වහන්සේට ආදරය කරමි. විශ්වාස නොකරන්නන් වෙනුවෙන් මම සමාව අයදිමි, දැන් ඔබ කොයි තරම් උන්වහන්සේට ප්‍රේම කරනවාදැයි පවසා, රාජාති රජාණන් වන උන්වහන්සේට නමස්කාර කරන්න.”හැයි මරිය තුමුය පැවස්වාය.

එසේ පවසද්දි මට පෙනුනේ එම විශල පූපය තුළින් ජේසු සමිඳුන් මා දෙස පමණක් බලා සිටින බවයි. නමුත් උන්වහන්සේ සැම කෙනෙකු දෙසම එෟ අයුරින් බලන බව මම තේරුම් ගතිමි. පූර්ණ ප්‍රේමයෙන් යුතුව දේවදූතයන් හා ස්වර්ගීය සේනාවන් කලාක් මෙන් මමද පොළොව මතට මගේ හිස නමා උන්වහනසේට නමස්කාර කළෙමි. ජේසු සමිඳුන් එකම මොහොතේ පූජක තුමා වටාත් දිව්‍ය පුපය තුළත් වැඩ සිටින්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි. අගරදගුරුතුමා දිව්‍ය පූපය පහතට ගත්විට යළිත් එම දිව්‍ය පූපය සාමාන්‍ය ප්‍රමාණයට පත්විණි. අදහාගන්න බැරි තරම්වූ ඒ අත්දැකීම තුළ මගේ දෙනෙත් වලින් කම්මුල් දිගේ කඳුළු ගලන්නට පටන් ගත්තා.

අගරදගුරුතුමා මිදිරස ගෙන අදාල වචන පවසමින් එය පුද කරනවිට විදුලියක් වැනි ආලෝකයක් ස්වර්ගයෙන් එම ස්ථානයට පතිත වුනි. දෙව් මැදුරේ බිත්ති හා සීලිම මට දක්නට ලැබුනේ නැහැ. අල්තාරය තුළ වු ඒ දීප්තිමත් ආලෝකය නිසා ඉන් අවට ඇත්තේ ඝන අඳුර යැයි මට දැණුනි.

ඉහළින් ජේසු සමිඳාණෝ කුරුසියේ ඇණ ගැසී සිටිනවාත මම දිටිමි. මට දර්ශනය වූයේ උන්වහන්සේගේ පපුවේ පහල දක්වා පමණයි. ඉතා විශාල ශක්තිමත් අත් දෙකක් කුරුසිය උසුලාගෙන සිටියා. මේ මහා ආලෝකය තුළින් ඉතා දීප්තිමත් කුඩා ආලෝකයක් එනම් ඉතා දිලිසෙන තුඩා පරවියෙක් පැමිණ දෙව් මැදුර පුරාම ඉගිලී ගියා. පරවියා පැමිණ අගරදගුරුගුමාගේ වම් උරහිසේ වසා සිටියා. අගරදගුරුගුමා දට දක්නට ලැබුණේ ජේසු සමිඳුන් ලෙසයි. උන්වහන්සේගේ දිගු හිසකෙස් දිලිසෙන තුවාලයන් සහ ශරීරය මම දුටුවත්, උන්වහන්සේගේ මුහුණ මම දුමුවේ නැහැ.

කුරුසියේ ඇණ ගැසු ජේසු සමිඳුන්ගේ හිස උරහිසට කඩා වැටී තිබුණා. උන්වහන්සේගේ මුහුණ පහරදීම් වලින් අත් සහ ඉරුණු මාංහය ගැන මම මෙනෙහි කළා, උන්වහන්සේගේ දකුණු ඇලයේ තුවාලයත් ඉන් වමටත් දකුණටත් ගලා හැලෙන දිලිසෙන ජලය වැනිවූ රුධිරයත් මම දුටුවා. ඒ ලේ ධාරාවන් හරියට ආලෝක රැස්ධාරාවන් මෙන් ජනතාව දෙසට දෙපසට විහිදුනා. කුසලානට ඇද හැලුන රුධිර කඳ දැක්මෙන් මම විශ්මයට පත් වුනා. කුසලාන රුධිරයෙන් පරී ඉතිරි ගොස් අල්තාරය මතටද ගලා යාවි යැයි මට සිතුනා. නමුත් එක ලේ බිංදුවක්වත් එය මත වැටුනේ නැහැ.

ඒ මොහොතේදී මරියතුමියගේ වදන් වූයේ, “ප්‍රාතිහාර්යයන්ගෙන් උතුම්ම ප්‍රාතිහාර්යය මෙයයි. මම කළින් ඔබට පැවසුවා, ස්වාමින් වහන්සේ කාලයට හෝ විශ්වයට සීමා නොවන බව, කැප කිරීමේ යැදුම අවස්ථාවෙීදි ජේසු සමිඳාණන් කුරුසියේ ඇණ ගසන විට සියලුම ජනතාව කුරුසිය පාමුළට ගෙනෙනු ලබනවා.”

හිතාගන්නත් බැහැ නේද?… අපේ දෙනෙත් වලින් මෙය දැකිය නොහැකි වුනත්, අපි සැම දෙනාම උන්වහනසේව කුරුසියේ ඇණ ගසන මොහොතේදී එතැන ඉන්නවා. එවිට උන්වහන්සේ “පියාණෙනි, මොවුන් කරන දෙය නොදැන කරන නිසා ඔවුන්ට සමා වුව මැනව” යි පවසන්නේ උන්වහන්සේව කුරුසියේ මරණයට පත්කළ අය වෙනුවෙන් පමණක් නොව අපගේ ද පව් උදෙසා ද වෙයි.

එම දවසේ සිට මම හැම කෙනෙකුටම කියන්නේ දණින් වැටී තමන්ගේ මුළු හදවතින් හා තමන්ට හැකි පමණ අවධානයෙන් යුතුව ස්වාමින් වහන්සේ අපට ලබාදෙන මේ වාසනාවන්ත මොහොත ගත කරන්න කියලයි.

ස්වර්ගයේ යැදුම
ස්වර්ගයේ වැඩ සිටින යාච්ඤාවට කළින් ජේසු සමිඳාණෝ දිව්‍ය යාගය තුළ පළමුවරට මට කතා කරමින්, “ඔබට හැකි පමණ ගැඹුරු භක්තියකින් යුතුව යාච්ඤා කරන්න. මේ මොහොතේ දී ඔබට සතුරු වූ, රිදවූ, අමනාපවූ හෝ ඔබට නපුර කළ අයව හෝ තැනත්තාව සිහිපත් කර ඇතුළාන්තයෙන් ඔවුන් වළඳගෙන ඔවුන්ට මෙසේ පවසන්න. ජේසු සමිඳුන්ගේ නාමයෙන් මම ඔබගෙන් මම සමාව දී, සාමය පතමි. ජේසු සමිඳුන්ගේ නාමයෙන් මම ඔබගෙන් සමාව යැද මගේ සාමය පතමි. සාමය ලබන්නට ඒ තැනත්තා සුදුසු නම් ඔහු එය ලබා ගනීවි. ඒ තැනත්තාගේ හදවත ඊට විවෘත නොවන්නේ නම් ඒ සමාව ඔබේ හදවත කරා ආපසු ලඟා වේවි. ඔබට සමාව දීමට නොහැකි නම් මුළින්ම ඒ සාමය ඔබේ හදවතේ නොමැති නම් ඔබ සාමය දී හෝ ලබා ගැනීම නොකළ යුතු බව මමපවසනවා.“

කොයි තරම් ස්වාමින් වහන්සේට අනදර කරන්නට අපට හැකිදැයි තේරුම් ගැනීමෙන් මට ඇතිවූ වේසනාව විස්තර කරන්නට නොහැකි තරම්ය. ආත්මාර්ථකමින් නැත්නම් අන්අය කී දේ නිසා ඇතිවන කෝපය ඊර්ෂ්‍යාව නරක සිතුවිලි පලි ගැනීමේ චේතනා ආදියෙන් අපි කොපමණ අපේ ජීවිත තුවාල කර ගන්නවාද? මේ මොහොතේ සමිඳුන්ගේ සාමය අත් දකිනු සඳහා මම මාගේ මුළු හදවතින්ම අන් අයට සමාව දී මට රිදවු අයගෙන් ද සමාව ඉල්ලා සිටියෙමි.

සාමය පැතීම
සාමය පැතීමේ අවස්ථාවේ දී සාමය පතන සමහර අය අතර ආලෝකයක් මම දුටුවෙමි.අපි සාමය පතන විට අසැල්වැසියා තුළ ඉන්නේ කිතු සමිඳාණන් බව මම වටහා ගතිමි. ඒ මොහොතේ දී, අපි සැබෑ සාමය අත් දැකීම කිතු සමිඳුන්ගේ කැමැත්තයි.

පියතුමා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන මොහොත පැමිණුනා. එවිට මරියතුමී මෙසේ පැවසුවා. “මේ මොහොත පූජව සිදුකරන පියතුමා වෙනුවෙන් යාච්ඤා කරන මොහොතයි. මා සමඟ මෙසේ කියන්න. ස්වාමිනි, එතුමන්ලාව ආශිර්වාද කරන්න. ශුද්ධවත් කරන්න. උදව් කරන්න. එතුමන්ලාව ආදරයෙන් රැකබලා ගනිමින් සහය වන්න. ලෝකයේ සිටින සියලුම පූජකතුමන්ලා සිහිකර යාච්තා කරන්න. කැපවූවන වෙනුවෙන් යාච්ඤා කරන්න.”

සොයුරු, සොයුරියනි, කැපවූවන්ද අප සමග සාන්ත සභාවට අයත් වන නිසා ඔවුන් වෙනුවෙන් ද යාච්ඤා කරන මොහොත මෙයයි. අපි බොහෝ විට ඒ අයද අපි වැනි මනුෂ්‍යයන් බව තේරුම් නොගෙන ඔවුන්ව අගය නොකර ඔවුන්ගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා. ජේසු සමිඳුන් කළ සේ පූජක තුමන්ලාද කිතු සමිඳුන්ට තම ජීවිත කැප කරමින් අපහට කරන්නාවු අනගි සේවාව අගය කර අපි එතුමන්ලාව ආදර ගෞරවයෙන් සැලකිය යුතුයි. පූජක තුමාට භාර දී තිබෙන ජනතාවගෙන් ජේසු සමිඳුන් පතන්නාවු දේ නම්, ඔවුන් තම එඬේරාට සහයවීම හා එතුමාගේ ශුද්ධවන්තකම වෙනුවෙන් යාච්ඤා කිරීමයි.යම දිනෙක අප සුරලොවට ලඟාවූ විට ජේසු සමිඳුන් පූජක තුමන්ලා මගින් අපට කලාවූ යහපත අපි තේරුම් ගනීවී.

දිව්‍ය සත්ප්‍රසාදය ලැබීමේ පිළිවෙත
ජනතාව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන්න යන්න පටන් ගත්තා. ස්වාමින් වහන්සේව හමුවන අවස්ථාවයි. කිතු සමිඳාණෝ මට මෙසේ පැවසුවා. “ඔබ යමක් දකින පිණිස මදක් නවතින්න.” පියතුමන් අතින් පූපය ලබන සොයුරික් මගේ නෙත ගැටුණා. මේ තැනත්තිය ඊයේ සවස පාපොච්චාරණය කළ අපේ කණ්ඩායමේ කෙනෙක් පියතුමා දිව්‍ය පූපය ඇගේ දිව මත තබන විට රත් හා සුදු එළියක් ඇය පිටුපසින් මෙන් පෙනී ඇය වටා එය විසිරී පැවතුණා. ඉතා ප්‍රීතියට පත් අයෙකුගේ මෙන් ජේසු සමිඳුන්ගේ කටහඬ මට ඇසුණා. “මා ලබා ගැන්මට පිරිසිදු හදවතින් පැමිණෙන ආත්මයන් ගැන මම සතුටු වන්නේ මේ ආකාරයෙන්.”

ජේසු සමිඳුන් විසින් වැළඳගෙන ආලෝකයකින් වටවී ආපසු තමන් සිටි ස්ථානයට එන සොයුරිය දැක විශ්මයට පත් වූයෙමි. මෙය මංගල්‍යයක් විය යුතුව තිබියදී, ඊට නුසුදුසු අයුරින් පාප සහිතව සහභාගි වීමෙන් අපි අපටම අහිමි කරගන්නාවු මහඟු වරප්‍රසාදයන් ගැන මම මෙනෙහි කළෙමි.

බොහෝවිට අප පවසන්නේ, එවැනි අවස්ථාවක පාපොච්චාරණය කර ගන්නට පියතුමන්ලා නොමැති බව, වරද ඇත්තේ බොහෝවිට අප අතයි. සැලොන් එකට, බාබර් ලඟට, පාටියකට අපි කෙසේ හෝ යනවා. එසේම පියතුමෙකු වෙතට ගොස් පව් සමාව ලබා ගැනීමට ද අපි උනන්දු විය යුතුයි. කිසිවිටක පාප සහිතව සිටියදී ජේසුස් සමිඳුන් ලබාගන්නට අපි නොපෙළඹිය යුතුයි.

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන්නට යනවිට ජේසු සමිඳාණෝ මට මෙසේ පැවසුවා.“මගේම වූවන් සමඟ ගැඹුරුතම සම්බන්ධතාවයෙන් යුතුව මා ගතකළ මොහොත අවසාන රාත්‍රි භෝජනය අවස්ථාවයි. එම ප්‍රේමයේ අනගිතම දීමනාව වන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපනය කරමින් ප්‍රේ්මයේ සිරකරුවකු වීම, මට අවශ්‍ය වූයේ මගේම ජීවිතයට වඩා මම ආදරය කළ ඔබව අනාථ වීමට ඉඩ නොදී ඔබ සමග ලෝකයේ අවසානය දක්වා විසීමටයි.”

Our Savior Jesus Christ is ones again, reaching out to all of us, "the men of the 20th century" thru Catalina Rivas. Watch her actual stigmata as witnessed a...

Location

Address


Colombo-02
Colombo
Other Religious Centers in Colombo (show all)
Bududahama Surakimu-බුදුදහම සුරකිමු Bududahama Surakimu-බුදුදහම සුරකිමු
Colombo

“Being satisfied with little, leads to great welfare.” -The Buddha,

Wekanda Jummah Masjid Wekanda Jummah Masjid
# 21, Wekande Jummah Masjid Mawatha, Slave Island
Colombo, 00200

One of the oldest masjids in Sri Lanka which is situated in Slave Island, Colombo 02. (Estb. in year 1786)

Sports Massage Colombo Sri Lanka Sports Massage Colombo Sri Lanka
No.103, Arunodaya Mawatha, Obesekarapura, Rajagiriya
Colombo, 0094/10100

Sports Massage Colombo SriLanka My name is safran. I am more than 7 years experienced sports massage therapist

Muhiyaddeen Jumma Masjid - Grandpass Muhiyaddeen Jumma Masjid - Grandpass
No 61, St. Joseph's Street, Grandpass
Colombo, 01400

Muhiyaddeen Jumma Masjid (Aalamarathadi Palli), Grandpass, Colombo 14.

National Christian Council of Sri Lanka National Christian Council of Sri Lanka
368/6, Bauddhaloka Mawatha,
Colombo, 00700

The National Christian Council of Sri Lanka :: Celebrating 100 years of Ecumenical Pilgrimage. Visit www.nccsl.org

Gangaramaya Buddhist Temple Gangaramaya Buddhist Temple
61 Sri Jinarathana Road
Colombo, 00200

Gangaramaya Temple is one of the most important temples in Colombo, Sri Lanka, being a mix of modern architecture and cultural essence.

Society Of Young Burmese Buddhist Monks Society Of Young Burmese Buddhist Monks
Dematagoda Road
Colombo, 00900

Sharing the knowledge for the sake of human society.

Siri Wijayasiriwardanaramaya Siri Wijayasiriwardanaramaya
Na \ Arawwala Road, Pannipitiya
Colombo

Gurdwara Colombo - Sri Guru Nanak Darbar Gurdwara Colombo - Sri Guru Nanak Darbar
50A, Sarasavi Lane, Colombo 0800
Colombo, [email protected]

Sikh Temple in Colombo. Sri Guru Nanak Dev Ji Foundation [email protected] Hazoori Ragi Jatha contact : +94 (77) 609 7795 +94 (77) 609 7086

Cinnamon Gardens Baptist Church Cinnamon Gardens Baptist Church
120 Dharmapala Mawatha
Colombo, 00500

The page of Cinnamon Gardens Baptist Church - Sri Lanka Weekly Sunday Services Tamil Service - 7:30 AM Sinhala Service - 9:00 AM English Service - 10:30 AM

Covenant Youth Covenant Youth
59, E.S Fernando Mawatha, Colombo 06
Colombo, 00600

We are freaks for JC

St. Lucia's Cathedral Colombo 13 St. Lucia's Cathedral Colombo 13
St. Lucia's Cathedral, Kotahena, Colombo 13, Sri Lanka
Colombo

This is the Official page of St. Lucia's Cathedral Colombo 13. Purpose is to promote the devotion to St. Lucy and other devotions.