Sri Yamuna Sadaham Aramaya

Premier Meditation Centre located in Colombo Sri Lanka to propagate the message of Buddha to devotees in search of understanding the deep message of Lord Buddha

Operating as usual

29/06/2021
28/06/2021
17/02/2021

ලෝකය යන්නේ දුක දිශාවටයි.

ලෝකය යන්නේ දුක දිශාවටයි.

21/01/2021
18/01/2021
31/12/2020

වසරක් උදාවන මොහොතේ ...

13/12/2020

පිංවත් ඔබ වෛර සිත දුරු නොකොළොත් ...

පිංවත් ඔබ ගෘහ ජීවිතයේදී තමන්ට අසන්නට, දකින්නට, සිතන්නට, අකමැති සිද්ධියක්‌ නිසා බිරිඳ, ස්‌වාමිපුරුෂයා, දරුවා, දෙමාපියන්, ඥාතිවරයා, අසල්වැසියා නිසා නැති ආශ්‍රවයන් ඇති කරගන්නවා.

එක්‌ පිංවතියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළේ ‘ස්‌වාමීන්වහන්ස, මට නිරතුරුවම කේන්තියනවා. මගේ තාත්තා වයස දහයේදී අපිව හැර ගොස්‌ වෙනත් විවාහයක්‌ කරගත්තා. දැන් මගේ තාත්තා සිහිපත් වන සෑම මොහොතකම මට දැඩි වෛරයක්‌ ඇතිවෙනවා’ කියලා. මේ ද්වේශය දැන් මගේ ජීවිතයට පුරුද්දක්‌ වෙලාය කියල. ඇයි මට මෙහෙමවුණේ කියලයි මේ තරුණ කාන්තාව භික්‍ෂුවගෙන් විමසන්නේ.

භික්‍ෂුව ඇයට ප්‍රකාශ කළේ ඔබ සෑම නිමේෂයකම ඔබේ තාත්තා කියන අර්ථයට ද්වේශ කිරීම නිසා බලවත් අකුසල් සිදුකරගනිමිනුයි සිටින්නේ. එම අකුසලයේ දිට්‌ඨධම්මවේදනීය විපාකයයි ඔබ ඔය අත්විඳිමින් සිටින්නේ. වයස දහයේදී තාත්තා ඔබව දාල ගියේ තාත්තාගේ වරදක්‌ නිසා නොවේ, ඔබට ළමා වයසේදීම තාත්තා අහිමිවෙන්නේ ඔබේ අතීත අකුසලයන් නිසා. ඔබේ අකුසලයට තාත්තාට වෛරකරල වැඩක්‌ නැහැ. කරුණාකරල මීට පස්‌සේ තාත්තා කියන රූපය සිහිවෙන සෑම මොහොතකදීම ‘ඔබ සුවපත් වේවා’ කියල චිත්තයක්‌ ඇතිකරගන්න. මෙතෙක්‌කල් ඔබ තාත්තා නිසා ඇතිකරගත් වෛර සිත්, අකුසල් සිත්, සියල්ලම මොහොතක්‌ සිහියට නගාගෙන ඒ සෑම අතීත අකුසල් සිතක්‌ම අතීත පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියට දකිමින් අතීත පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය දකින්න. ඔබ තාත්තලාට වෛර කරලා, පීඩාකරල, තිබෙන්නේ මේ ජීවිතයේදී විතරක්‌ නොවෙයි. එය ඔබේ සංසාරික පුරුද්දක්‌. එම සංසාරික පුරුද්දයි මේ ජීවිතයේදීත් මතුවී එන්නේ. අතීතයේ තාත්තාලාට කළ එම අකුසල් නිසයි ඒවායේ විපාක හැටියට ඔබේ තාත්තා මේ ජීවිතයේදී ඔබව ළමා කාලයේදීම හැරයන්නේ. එම නිසා පිංවත් ඔබ ඔය ආත්මීය වෛරය මෙතනින් නවතා දමන්න. ඔබ ඔය ආත්මීය වෛරය මෙතනින් නවතා දමන්න දක්‍ෂවුණොත්, ඊළඟ ජීවිතයේදී ඔබ මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුණොත් ඔබට ආදරය කරන ඔබව සුරක්‍ෂිත කරන, තාත්තා කෙනෙක්‌ ඔබට ලැබේවි. එසේ නොවී තාත්තලා දුවලා මේ ජීවිතයේදී වෛර කළොත් ඊළඟ ජීවිතයේදීත් ඔබ පූස්‌ පැටියෙක්‌ වෙලා ඉපදිලා එම පූස්‌ පැටියාගේ තාත්තා විසින්ම පූස්‌ පැටියාව මරාගෙන කන්නත් පුළුවන්. ද්වේශය නිසා ඔබ කිඹුල් පැටියෙක්‌ව ඉපදිලා, කිඹුල් තාත්තා විසින් කිඹුල් පැටියාව මරාගෙන කන තත්වයට එන්නත් පුළුවන්. භික්‍ෂුව මේ කථාව කියන විට ඇය ගොඩාක්‌ තැතිගත්තා. භික්‍ෂුව සිතනවා මේ සටහන කියවල පිංවත් ඔබ අකමැති ඔබේ දෙමාපියන්, බිරිඳ, ස්‌වාමිපුරුෂයා, දරුවා, ඥාතිවරයා, අසල්වැසියා සිහිපත්වන සෑම මොහොතකම ඊළග චිත්තය සුවපත් වේවා කියල ඇතිකරගන්න. එවිට සුවපත්වෙන්නේ අනුන් නොව ඔබම බව හොඳින් තේරුම්ගන්න. එසේ නොවී පිංවත් ඔබ වෛර සිත දුරු නොකළොත් අකමැත්ත ඇතිවෙන තැනට වෛරකළොත්, ඔබ තුළ නිරතුරුවම නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා කියලා, බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ භික්‍ෂුව වැඩසිටින සමහර කුටිවල කැපකරු මහත්වරුන් තමන්ගේ සෙලියුලර් දුරකථන නිසා නැති ආශ්‍රවයන් ඇතිකරගන්න බවත් ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නා බවත් භික්‍ෂුවට බොහෝම හොඳට පෙනෙනවා. අපරාධයක තරම කියන්නේ එම පිංවතුන් තමන් සංඝරත්නය උදෙසා කරන සිවුපසයන් ඇපඋපස්‌ථාන හේතුවෙන් රැස්‌වෙන පින, අකුසල් මූලයන් ඇතිකරගැනීම තුළින් අපවිත්‍ර කරගන්නවා. භික්‍ෂුව නිහඬව බලා සිටිනවා. ලෝකය ගොඩාක්‌ වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. ලෝකය ගමන් කරවන්නේ ආශ්‍රවයන් විසින්ම බව බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා.

07/11/2020

මනුෂ්‍ය ලෝකයේ ආශ්චර්යමත් මනුෂ්‍යයෙක්ව ඉපිද ...

04/11/2020

අපි කැමති දෙයම, අපි පුරුදු කළ දෙයම ...

26/10/2020

ඔබේ දක්ෂතාවය නිසා පමණක්මයි ...

24/10/2020

තමාට අයිති නොමැති ...

03/09/2020

මනුෂ්‍යයෝ ...

27/08/2020

සැප සොයන සියලු සත්වයෝ ...

26/08/2020

ඒ ජය ඔවුන් ලබා ගන්නේ ශ්‍රද්ධාව, ශීලය උකසට තියලා අධාර්මිකව නම් ...

24/08/2020

බුදු සමිඳුන් දේශනා කළ සත්පුරුෂ ධර්මයන්, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් ජීවිතය තුළින් වැඩීමට

09/08/2020

මේ වස්සාන කාලයයි..

05/08/2020
26/07/2020

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ !!!

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස"

"න පුප්ඵගන‍්ධෝ පටිවාතමේති – න චන‍්දනං තගර-මල්ලිකා වා,
සතං ච ගන‍්ධෝ පටිවාතමෙති – සබ්බා දිසා සප්පුරිසෝ පවාති"
"චන‍්දනං තගරං වාපි – උප්පලං අථ වස්සිකී
එතේසං ගන‍්ධජාතානං – සීලගන‍්ධෝ අනුත්තරෝ"

සැදැහැවත්නි,
ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ගාථාවන් ධම්මපදයේ පුෂ්ප වග්ගයට අයත්වේ. ඒවායෙහි සිංහල අර්ථ මෙසේය.
මල් සුවඳ ද සඳුන් තුවරලා ඉද්ද මල් යන මේවායෙහි සුවඳ ද උඩු සුළඟට නොයයි. සත්පුරුෂයන් ගේ සීලාදී ගුණ සුගන්ධය වු කලි උඩු සුළඟට ද යයි. සත්පුරුෂ තෙමේ ගුණ සුවඳින් හැම දිසාවන් පුරා ප්‍රකට වෙයි.
සඳුන් සුවඳ ද තුවරලා සුවඳ ද මහනෙල් සුවඳ ද දෑසමන් සුවඳ ද යන මෙකී හැම සුවඳ සමූහයකට වඩා සිල් සුවඳ උතුම්ය.
බුදුරජාණන් වහන්සේ මෙම ගාථාවන් දේශනා කළේ ආනන්ද තෙරුන් වහන්සේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසයි. දිනක් බුදුරජාණන් වහන්සේ මූලගන්ධ හෙවත් මුල්වල සුවඳ ,සාරගන්ධ හෙවත් සඳුන් ආදී අරටුවල සුවඳ හා පුප්ප ගන්ධ හෙවත් මල්වල සුවඳ යැයි උතුම් සුවඳ වර්ග තුනක් ගැන දේශනා කළහ.
එකී සුවඳ වර්ග සියල්ලක්ම අනුවාතයට හෙවත් සුළඟ හමන අතට යයි. පටිවාතයට හෙවත් උඩු සුළඟට නොයයි. මෙම සුවඳ වර්ග අතර උඩු සුළඟට යන සුවඳකුත් ඇද්දැයි ආනන්ද තෙරණුවෝ පසු අවස්ථාවක කල්පනා කළහ. ඉක්බිතිව බුදුරදුන් වෙත මෙම ගැටළුව යොමු කළහ.
“ස්වාමීනි, සුවඳ වර්ග තුනක් ඇත. ඒ සෑම සුවඳක්ම සුළඟ හමන අතට යයි. උඩු සුළඟට නොයයි. උඩු සුළඟටත්, යටි සුළඟටත් එකසේ ගලා යන සුවඳකුත් ඇද්ද?” පසුව බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නය විසඳමින් අනුවාත හා පටිවාත යන දෙපැත්තටම එක සේ ගලා යන සුවඳක් ඇත. යම් ගමක, නියම් ගමක සිටින ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේද දහම් සරණ ගියේද, සඟුන් සරණ ගියේ ද ප්‍රාණඝාතයෙන් , සොරකමෙන් වැරදි කාමසේවනයෙන්, මුසාවාදයෙන්, හා රහමෙර පානයෙන් වැළකී සිටින්නේ ද, සිල්වත් යහපත් පිළිවෙතින් දුරු කළ මසුරු මල කෙලෙස් ඇති සිතින් ගිහි ගෙයි වසන්නේද පරිත්‍යාගය සඳහා මුදා හළ වස්තු සම්පත් ඇති, දීමෙන්, පිරිසුදු අත් ඇති, දන්දීමෙහි යෙදෙන යාචකයන්ට දන්දෙන, දාන සංවිධානයෙහි යෙදෙන පිළිවෙත්වලින් යුක්ත නම් ඔහු හෝ ඇය පිළිබඳව දිසා අනුදිසාවල සිටින ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ වර්ණනා කරති. දෙවිදේවතාවෝ ද ගුණ වර්ණනා කරති. මෙසේ ගුණ වැණුම් නමැති සුවඳ වර්ගය දිසා අනුදිසා සැම තැනෙකමත්,අනුවාතයෙහිත් පටිවාතයෙහිත්, අනුවාතපටිවාත, දෙකෙහිත් හමා යයි” යනුවෙන් වදාරා මෙම ගාථාවන් දේශනා කළහ.
තව්තිසා දිව්‍ය ලෝකයේ පරසතු ගස දිගින් හා පළලින් යොදුන් සියයකි. එහි මල්වල ප්‍රභාවය පනස් යොදුනක්ද, සුවඳ යොදුන් සියයක් ද පුරා පැතිරෙයි. එම සුවඳ වුවද ගමන් කරනුයේ සුළං හමන පැත්තටය. උඩු සුළඟට අඟල් භාගයක්වත් නොයයි. මේ අයුරින් මල් සුවඳ පටිවාතයට නොයයි. “චන්දනං යනු සඳුන් සුවඳයි. සුවඳින් අග්‍ර වු රත්සඳුන් වල ද, තුවරලා බෝලිද්ද යන මල් වර්ගවල සුවඳ ද සුළං හමා ගෙන යන පැත්ත අනුවම යයි. උඩු සුළඟට හමා නොයයි. බුදු,පසේ බුදු මහරහතන් වහන්සේලා ගේ සිල් සුවඳ සුළං හමා එන උඩු සුළඟෙහි පවා හමා යයි. එසේම සත්පුරුෂයා තම සිල් සුවඳ සියලු දිසාවන් හි පතුරුවා හරීද, ඒ නිසාම ඔහු ගේ සිල් සුවඳ උඩු සුළඟටත් හමා යන්නේ යැයි, වටහා ගත යුතුය. මේ සියලු සුවඳින් අනූන සිල්වත් සත්පුරුෂයන්ගේ සිල් සුවඳ අනෙකුත් සියලු සුවඳ වර්ග වලට වඩා උතුම්ය.
මේ බැව් මැනවින් වටහාගෙන දාන, සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් හි යෙදීමන් පස් පව් දස අකුසලයෙන් වැළකී මනා සිල්වතුන් සේ ක්‍රියාකොට මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය සලසා ගැනීම කෙරෙහි සෑම දෙනෙක්ම උත්සාහ ගත යුතු වන්නාහ.
අති පූජ්‍ය ඌරුගමුවේ අස්සජි හිමි
උතුම් තිසරණයේ බලයෙන් ධර්මාවබෝධය වේවා !!!

24/07/2020

ඔබ කය මහණ නොකරාට කමක් නැහැ. සිත මහණ කර ගන්න.

15/07/2020

'දුකටමයි'

10/07/2020

කල්‍යාණ මිත්‍ර ඇසුරින් තොර ජීවිතය ගැන බිය ඇති කර ගන්න

07/07/2020

ලෝකයේ අර්ථය අවිද්‍යාවෙන් පටලවා ගතහොත් ...

30/06/2020

වෛරයේ ක්‍රෝධයේ සිතුවිලි වෙනුවට ...

25/06/2020

පරම ධනයේ හිමිකාරිත්වය මුලින්ම ඔබ අයිති කරගන්න.

24/06/2020

... කුසල් සංස්කාර ධර්මයන් නිසාමයි.

24/06/2020

අතහැරීම තුළ ඇති සැහැල්ලු සුවය අත්විදීමට ඔබට හැකිවේවි

22/06/2020

ඔබට 'අවබෝධය' තිබෙන්න අවශ්‍යමයි.

18/06/2020

ධර්මය තිබෙන්නේ ගැටෙන්න නොවේ.

17/06/2020

සමාජය හැමවිටම ඔබලාට අත දිගු කරන්නේ ප්‍රශ්න ඇතිවන දිශාවටයි.

17/06/2020
10/06/2020

නිරෝගී ජීවිතයක් යහපත් රාත්‍රියක් උදෙසා ...

[06/10/20]   Sri Yamuna Sadaham Aramaya . Colombo 6.

09/06/2020

මිත්‍යාදෘෂ්ටික භාවයේ අඳුර රැඳි භව ගින්දරමයි උරුම වන්නේ

03/06/2020

අතීත සංසාරයේ පසළොස්වක පොහොයවල් කෝටි කීයක් භික්ෂුව අත්දකින්න ඇතිද ?

පසළොස්වක පොහොය ලබන්න තව දින දෙකයි තිබෙන්නේ. මේ රාත‍්‍රියේ ළා සඳ එළියෙන් කැලෑ පරිසරය ආලෝකමත් වෙලා.
මගේ ජීවිත කාලය තුළ පසළොස්වක පොහොය දිනයන් කොච්චරක් නම් ගෙවී යන්න ඇත්ද..? අනාගතයේ, තව පසළොස්වක පොහොය කීයක් නම් භික්ෂුව ජීවත්වෙයිද..? අතීත සංසාරයේ පසළොස්වක පොහොයවල් කෝටි කීයක් භික්ෂුව අත්දකින්න ඇතිද..? අතීත පටිච්චසමුප්පන්න සංසාරයක් පුරාවට පසළොස්වක පොහොයවල් කෝටි ගණනක් අත්වින්දත් තවත් දින දෙකකින් උදාවෙන පසළොස්වක පොහොය අපිට නැවුම් දෙයක්මයි, අලූත් දෙයක්මයි.
කාමයේ ආශ්වාදය සහ රූපයේ ආශ්වාදය නිරතුරුවම අපිට පරණ දේවල් අමතක කරවනවා. අලූත් දේවල් සඳහා අපි බලාපොරොත්තු ඇති කොට ගන්නවා. උදාවෙන සෑම බලාපොරොත්තුවක්ම පරණ දෙයක් බවට පත්වෙනවාය කියන කාරණය නුවණින් දකින්නේ නැහැ. අතීත පංචඋපාධානස්කන්ධ ලෝකයේ අනිත්‍යභාවය නොදකින පිංවතා වර්තමාන පංචඋපාදානස්කන්ධයට බැඳී, නිරතුරුවම අනාගත පංචඋපාදානස්කන්ධ ලෝකය ශක්තිමත්කොට ගන්නවා.
මෙය සටහන් තබන භික්ෂුව මේ ආසනය මත හිඳගෙන මීට වසර එකොළහකට පෙර භික්ෂුව උතුම් පැවිදි උපසම්පදාවන් සිදුවූ මොහොත සිහියට නඟාගන්නවා. ඒ සියලූම හේතුඵල ධර්මයන්ට අදාළ සිදුවීම්, අතීත අනිත්‍යවූ පංචඋපාදානස්කන්ධයක් පමණක්මයි. බැඳීමක්, ඇලීමක් වර්තමානයේ නැහැ. ඒ නිසාම ඒ අතීත පංචඋපාදානස්කන්ධයන් හේතුවෙන් භික්ෂුව අනාගත ලෝකය අස්වද්දන්නේ නැහැ.

29/05/2020

ඒ දුකමයි, හිංසාවමයි ඔබ ඔය අත් විඳින්නේ

ශ්‍රී යමුනා සදහම් ආරාමය

්‍රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා අනූපමේය සේවයක් සිදු කර දිවංගත වූ රාජ්‍යනීතීඥ එච්. නිශ්ශංක මැතිතුමා වාසභූමිය කරගත් යමුනා මන්දීරය 50 වෙනි දශකයේ නව දේශපාලන ප්‍රගමනයක තිඹිරි ගෙය බවට පත්විය. ඒ ඓතිහාසික යමුනා මන්දීරය 2008 පෙබරවාරි 26 වෙනි දින රාජ්‍යනීතීඥ එච්. නිශ්ශංක මැතිතුමා ගේ කණිටු දියණිය වන ගීතා ශ්‍රී නිශ්ශංක මැතිණිය විසින් ශ්‍රී සම්බුද්ධ ශාසනයට පූජා කරන ලදී.

මෙරට සුප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් මෙන්ම, ග්‍රාම සංවර්ධන වැඩ පිළිවෙල, මැලේරියා මර්දන ව්‍යාපාරය, ධර්මදූත වැඩ පිළිවෙල ආදී සුවිශාල සමාජ මෙහෙවරක් සිදුකොට අපවත් වී වදාළ පරම පූජ්‍ය හීනටියන ධම්මාලෝක තිස්සාභිධාන මහානායක හිමිපාණන් වහන්සේ ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන අති පූජ්‍ය හීනටියන න්නද තිස්සාභිධාන අමරපුර මහානිකායේ අඹගහපිටි පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරපුරට ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා ආගමික මෙහෙවර ස්ථාපිත කරන්නට ධර්මය බෙදා හරින මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට මෙම උතුම් ආරාම පූජාව සිදු කරන්නට විය.

2008. 02. 26 වෙනි දින ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් අති පූජ්‍ය හීනටියන න්නද තිස්ස මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආධිපත්‍යයටත්, පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපාණන්ගේ අධිකාරීත්වයටත්, පත් කොට ගීතා ශ්‍රී නිශ්ශංක මැතිණිය පූජා කරන්නට යෙදුන යමුනා මන්දීරය හා භූමිභාගය අද වන විට “ශ්‍රී යමුනා සදහම් ආරාමය“ නමින් රමණීය වූ විහාරයක් බවට පත් වී ඇත.

Videos (show all)

SEVEN WONDERS IN LIFE !!!!

Location

Category

Telephone

Address


99, Sri Nissanka Mawatha (Maya Avenue) , Havelock Road
Colombo
00500
Other Buddhist Temples in Colombo (show all)
සාසන පාරමිතා පදනම සාසන පාරමිතා පදනම
Dehiwala
Colombo

ප්‍රඥාව පෙරටු කොට කරුණා සාසන පාරමිතා පූර්ණය කරන්නට අවශ්‍ය පරිසරය එක්තැන් කරනු ලබයි.

Lotus Pagoda නෙළුම් සෑය Lotus Pagoda නෙළුම් සෑය
Colombo, 12404

“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”

Siri Sadaham Ashramaya Siri Sadaham Ashramaya
02, Bellantara Junction
Colombo, 10350

Official page of Siri Sadaham Monastery- Sri Lanka

SRI Pushparamaya - kirulapona SRI Pushparamaya - kirulapona
Colombo, 1234

MIhidumaha perahera

Sri Dharmaashrama Vihaaraya - Sri Saddhathissa Daham Pasala Sri Dharmaashrama Vihaaraya - Sri Saddhathissa Daham Pasala
Colombo, # 34

වනාතමුල්ල ග්‍රාමයේ, දැවැන්ත මෙහෙවරක් ඉටු කරන්නා වූ විහාරස්ථානයකි...

Sri lankaramaya, grandpass Sri lankaramaya, grandpass
741/B, Sirimawo Bandaranayaka Mawatha Grandpass
Colombo, 0014

Siri Wijayasiriwardanaramaya Siri Wijayasiriwardanaramaya
Na \ Arawwala Road, Pannipitiya
Colombo

Ape Pansala Ape Pansala
Dhabare Mawatha,Narahenpita
Colombo

Gothami Viharaya Gothami Viharaya
Borella
Colombo

ගෝතමී විහාරය - බොරැල්ල

Sihala Deshaya - TV Sihala Deshaya - TV
Colombo
Colombo

සීහල දේශය