Srilanka Muslim

Srilanka Muslim

Comments

ෂුක්රා දැන් කළ යුතු දේ පිළිබදව හාමුදුරුවන් ලබා දුන් වටිනා උපදෙස/ Shukra munawwar Sirasa Lakshapathi
நீங்கள் இஸ்லாமிய அறிவை கற்க ஆசை உள்ளவர்களா? இதோ அறியதோர் சந்தர்ப்பம்.
இக் குழுமத்தில் இணைந்து பயன்பெறுவதோடு உங்கள் நண்பர்களுக்கும் share செய்து உதவிபுரியுங்கள்.
*யார் ஒரு நலவின்பால் வழிகாட்டுகின்றாரோ அந்த நலவை செய்தவரின் கூலி போன்றது இவருக்கும் இருக்கின்றது.
{ முஸ்லிம் }
‎Open this link to join my WhatsApp Group:
மேலதிக தகவல்களுக்கு இந்த WhatsApp group இல் இணைந்து கொள்ளுங்கள்.

https://www.facebook.com/EnglishAasanT/posts/1832582836889816
Luxury land for sale with 10.1/2 perch decent area.
Gampaha district kalagedihena warana road thihariya godala
2 bedroom squares 16x16
One hall 18×10
Kitchen 25×18
Modern fully tiled 8×6
Tempery toilet with out door bathroom home
Next r to grand majidh rawla Price 100laks
URGENTLY SELLING . WORTH FOR PRICE
More information call tell 0754470313
உங்கள் நலன் கருதி குறைந்த செலவில் Anytime DATA & Any Network CALL & SMS கொண்ட Airtel Offer package வழங்கப்படுகிறது.

உங்கள் காலடியில் DELIVERY FREE
(நாடு முழுவதும்)

அனைத்து வலையமைப்புக்கும் ரீலோட் செய்ய தேவையில்லை. ஒரே sim ல் Call & Data & SMS களை பெற்றுக் கொண்டு உங்கள் வருமானத்தை விருத்தி செய்யுங்கள் .

#Package_1
-📱எந்த ஒரு வலையமைப்புக்கும் 1200 நிமிடம் இலவசம்.
-📲Group Calls Unlimited FREE
-📶5GB Any Time Data FREE
-💵 அரச வரி சேர்த்து மாதாந்தம் 735/- மட்டும்.

#Package_2
-📱எந்த ஒரு வலையமைப்புக்கும் 400நிமிடம் இலவசம்.
-📲Group Calls Unlimited FREE
-📶10GB Any Time data FREE
-💵 அரச வரி சேர்த்து மாதாந்தம் 695/- மட்டும்.

#Package_3
-📱எந்த ஒரு வலையமைப்புக்கும் 700 நிமிடம் இலவசம்.
-📲 ஏர்டெல் To ஏர்டெல் எல்லையற்ற calls இலவசம்.(Unlimited Free)
📲 எந்த வலையமைப்புக்கும் 300 SMS Free
-📶12+5 =17GB Any Time data FREE
-💵 அரச வரி சேர்த்து மாதாந்தம் 999/- மட்டும்

உங்களுக்கு பிடித்த இலகத்தையும் பெற்றுக் கொள்ள முடியும்

VIP NUMBER FREE


👇👇👇👇👇👇👇👇

Call & Whatsapp : 75 5411338
තස්ලිමා නස්රීන්ගේ "ලැජ්ජා" ව

ඉස්ලාම් දණ්ඩ නීති රාමුවට එරෙහිව නැගී සිටි
මුස්ලිම් ලෝකයේ යකඩ කත.

ඇය වෘත්තියෙන් වෛද්‍යවරියකි. එහෙත් ලොව පුරා ඇය ජනතාවගේ ආදරය දිනාගනු ලැබුවේ සුප්‍රකට නවකතාකාරියක් ලෙසය. බංගලාදේශ ලේඛිකාවක වන තස්ලිමා නස්රින්ගේ ‘ලජ්ජා’ නම් නවකතාව තරම් බංග්ලාදේශ මුලධර්මවාදීන් කැළඹු අන් කිසිවක් නැත. සමාජය විනිවිද දකිමින් පෑනට පන පෙවීමට තරම් ඇය නිර්භීත වුවාය. මුස්ලිම් ජාතික කාන්තාවක් ලෙස ඉපිද , වර්ගවාදී , ඊනියා ආගමික අන්තවාදයන් කරපින්නාගෙන එන තමා අයත්වන ජාතියටම එරෙහිව ඇය නිර්භයව නැගී සිටියාය. . තස්ලිමා නස්රීන් පෙනී සිටියේ අමානුෂිකත්වය රජයන වර්ගවාදයයට හෝ ආගම් වාදයට පන පෙවීමට නොව , ත හදවතේ පිරි ඉතිරී යන මානව දයාවේ සුවඳ ලොවට බෙදීමටය. ඒ වෙනුවෙන් ඇය සතු සහජ කුසලතාවයන් ඔප මට්ටම් කරමින් "ලජ්ජා" නම් ලෝක ප්‍රකට නවකතාව රචනා කාලය. ඇය උපත ලබන්නේ 1962 බංග්ලාදේශ ඩකා නගරයට ආසන්න Mymensingh.ප්‍රදේශයේය.
ඇගේ නවකතාව එලි දැක්වීමත් සමගම රටේ සාමයට තර්ජනයක් ලෙස සලකා තහනම් කිරීමට බංග්ලාදේශ් රජය පියවර ගන්නා ලදී. .රට පුරා තස්ලිමා නස්රීන් ට එරෙහිව අන්තවාදීන් නැගී සිටිමින් ඇය මරා දැමිය යුතු බවට තර්ජනය කළේය. දැඩි විරෝධතා හමුවේ තස්ලිමා නොසැලෙන ශක්තියෙන්නැගී සිටිමින් තමා පෙනී සිටි මතවාදය නොබියව සමාජ ගත කළේය. තම ජීවිතය පවා පරදුවට තබමින් , බංග්ලාදේශ අන්තවාදී ආගමික කල්ලි වලට එරෙහිව දබරැඟිල්ල දිගු කළාය . ඇයගේ තුරුණු විය වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස ගෙවී ගියේ ජාතීන් අතර ගැටුම්කාරී වාතාවරණයක් මැදය . බහුතර මුස්ලිම් ජනතාවක් වසන බංග්ලාදේශයේ හින්දු ජනයා සුළුතරය වේ. නිරන්තරයෙන් ඇය දුටුවේ බහුතරය විසින් සුළුතරය පෙලා දමන නිර්ලජ්ජී ගැටුමයි. තමා අයත් මහා ජාතිය විසින් සුළු ජනයා තලා පෙලා දමන ආකාරය ඇය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැක්කේය. තම මතය ප්‍රකාශ කිරීමේදී ඇය සමාජ තත්වයන් නොසලකා සත්‍යවාදීව තම පෑන කගපතක් කර ගත්තාය. තස්ලිමා නස්රීන් පිළිබඳව රටට හෙළිවන්නේ බහුතර මුස්ලිම් ජනයාගේ මතයට හිස නොනමන රැඩිකල් බටහිර පන්නයේ කාන්තාවක් ලෙසය.
ලෝක ප්‍රසිද්ධියට පත් වූ ලජ්ජා නවකතාව ගෙතී ඇති වටපිටාව සංක්ෂිප්තව මෙසේ දිගහරින්නෙමි.
1992 දී බංගලාදේශයේ හින්දු විරෝධී ගැටුම උච්චස්ථානයට පැමිණියේය. එම ලේ වැගිරුණු ගැටුම්කාරී තත්වය ආරම්භ වන්නේ ඉන්දියාවෙනි. දින 13 ක් පුර මිලේච්චත්වය රජයන එම ගැටුම අවසන් වන්නේ බංග්ලාදේශ බහුතර මුස්ලිම් ජනයා අතින් සුළුතර හින්දු ජනයා සාහසික ලෙස ඝාතනය වීමෙනි. හින්දු මුස්ලිම් ගැටුමේ තිඹිරි ගේ වන්නේ 1992 දෙසැම්බර් 06 වන දින අන්තවාදී හින්දූ ජනයා විසින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි පිහිටුවා තිබු බාබ්රි මස්ජිද් පල්ලිය විනාශ කිරීමය. බාබ්රි මස්ජීඩ් විනාසැහැ කිරීමෙන් තෙදිනකට පසුව ඉන්දීය මුස්ලිම් ජනයා විසින් හින්දු කෝවිලක් ගිනිතාබා විනාශ කර දැමුවා. කිසිවෙකුට කිසි දිනක හමු වී නැති දෙවියන් වෙනුවෙන් මිනිස් ජීවිත 1200 ක පමණ රුධිරයෙන් භාරතය නැහැවී ගියේය. ගලාගිය ලේ වල සුවඳ ඉන්දියාවේ අසල්වැසියා වන බංග්ලාදේශයට හමා එන්නට ගත වුයේ නිමේෂයකි. ආගමනේ ජාතියෙන් අන්ධව සිටින මිනිසුන්ට , ඒ වෙනුවෙන් කැතිමන්නා ඔසවන්නේ ද දැඩි භක්තියකිනි. ව්‍යාජ දෙවියන් ඉදිරියේ මිහිමත මවන ලද සැබෑ දෙවියන් කැති මන්නා පහරින් දෙපලු වී යන ආකාරය තස්ලිමා දුටුවාය. මුස්ලිම් ජනයා විසින් සුළුතර හින්දු ජනයා පොඩි පට්ටම් කරන නින්දිත ආකාරය ඇය සජීවීව දුටුවාය. හින්දු කාන්තාවන් සමුහ ලෙස දුෂණයට ලක් කරනු ඇය දුටුවාය. එයට දිය හැකි වඩා හොඳ පිළිතුර ලෙස එම කාල වකවානුව තුල තමාගේ ජාතිය හැසිරුණු ආකාරය නොසඟවා ලොවට කියා පෑවාය. එම පුවත ඔබ අප අතට පත් වුයේ අතිශයින්ම ලජ්ජාවන්ගෙන් පිරුණු "ලජ්ජා" කෘතිය සමගය. වාර්තාමය නවකතා ශෛලියට අයත් මෙම නවකතාව මුද්‍රණය කර පස් මාසයක් ඉකුත් වෙත් ම වාරණය කරනු ලැබුවා. රජයේ චෝදනාව වූයේ නවකතා ලේඛිකාවක්, කිවිඳියක්, පුවත්පත්වේදිනියක් වූ තස්ලිමා නස්රින්, ස්ති‍්‍රීවාදය පිළිබඳ පමණ ඉක්මවා ලෙස හඬ නැඟූ බවයි.
ස්වාධීන පුවත්පත් කලාවේදිනියක් ලෙස බංග්ලාදේශ පුවත් පත්වලට ලිපි ලියමින් නොනැමෙන කශේරුකාවක් ඇත්තියක් ලෙස පෙනී සිටියාය. ඇයගේ නිර්ධය විවේචනය භාජනය වුයේ එරට රජකළ ආගමික අන්තවාදයයි. ආන්දෝලනාත්මක අයුරින් වාර්තාකරණයේ යෙදීම මත අන්තවාදයට එරෙහිව මතයක් ගොඩනැගීමට තස්ලිමා සමත් වුවාය. ඉන් කුපිත වූ මුලධර්මවාදී කොටස් ප්‍රථමයෙන් ඇයට එරෙහිව නඩු මගට බසින ලදී. කොතෙකුත් තර්ජන ගර්ජන පැමිණියද , ඇය සතු රැඩිකල් මතවාදය මනරම් වචන වලට පෙරලමින් ජාතිවාදයට , ආගමික අන්තවාදයට එරෙහිව වැරෙන් පහර දෙනු ලැබීය. තස්ලිමා නස්රීන්ගේ ලේඛණ දිවියේ ප්‍රභාශ්වර යුගය උදාවන්නේ ලජ්ජා නවකතාව 1993 දී බෙන්ගාලි බසින් මුද්‍රණය වීමත් සමගය. එම කෘතිය ජනතාව අතරට මුදාහැර මාස හයකින් තහනමට ලක් වුවද , ඒ වනවිට බංග්ලාදේශ දේශසීමා පසු කරමින් ලොව වටා විවිධ භාෂාවන් ගනනාවකට ඇයගේ කතාව පෙරලෙන්නට විය. රචකයා සිර කලද ඔහුගේ හෝ ඇයගේ අදහස් සිරකර දැමීමට දක්ෂ කවර නම් පාලකයෙක්ද යන පැනය යලිත් මතු වුයේ ලජ්ජා නවකතාව සමග උද්ගතවූ තත්වය මතය.
බංග්ලාදේශයේ ජාතිවාදීන්ගෙන් , ආගමික අන්තවාදීන්ගෙන් වැලනොකැඩී මරණ වරෙන්තු ඇය වෙත එල්ල විය. අවසානයේ තස්ලිමා සිය මවුබිමෙන් ද පිටව ජීවිතය ආරක්ෂා කර ගැනීමට බල කරන ලදී. ඉන් පසුවතස්ලිමා නස්රීන් බංගලාදේශයෙන් පිටත සහ ඉන්දියාව ඇතුළු බාහිර ලෝකය තුල භාෂනයේ අයිතිය වෙනුවෙන් මෙන්ම කාන්තා අයිතීන්හි වෙනුවෙන් හඬ නගන කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා.
පුරුෂාධිපත්යට යටත් වූ දකුණු ආසියාවේ කාන්තාව ට උරුම කර ඇති අසාධාරණය පිළිබඳව තස්ලිමා තමාගේ ප්‍රකාශන මාධයෙන් ලොවට පණිවිඩයක් ගෙන ආවේය . රැඩිකල්වාදී තස්ලිමා, ස්ත‍්‍රීන් මුහුණ දෙන අනුවේදනීය තත්වයන් ඉස්මතු කරමින් කවි, කෙටිකතා, නවකාතා ගණනාවක් රචනා කළාය . යථාර්තවාදී ලේඛනයේ යෙදුණු තස්ලිමා නස්රින් සත්‍ය සමාජ ගත කිරීමේ වරදට තම උපන් දේශය පවා අහිමිව කාලයක් ජීවත්වීමට පවා සිදුවිය. ආසියානු මුග්ධ ජන සමාජය පිළිබඳව සත්‍යයේ පිහිටා තම මතය ලොවට කිවූ ඔබ , යුගය විසින් බිහිකළ ජනතාවාදී ලේඛිකාවකි. අල්කයිඩා ඇතුළු ලොව පුරා ඉස්ලාම් අන්තවාදීන්ගෙන් එල්ල වූ තර්ජනය හමුවේ වර්තමානයේද ඇය ගත කරන්නේ පිටුවහල් ජීවිතයකි. වර්තමානයේ ඇය ඉන්දියාවේ කල්කටා නගරයේ ජීවත් වේ.
The lifeline course for deciding life journey.
Rizwan cassim kiyana me puthgalaya inna thenak dannwanm kiynna... mohu salli wanchawak kara segawi sitina keneki... danna kenek innwanm kiyanna

Make islam correct way.. Assalamualaikum, Jazak'Allah for joining this page. Kindly make 'Dua' for me that may ALLAH (swt) give me the ability to do dawah with a clear heart & only for the pleasure of HIM; Ameen.

ඉස්ලාම් හී මානව හිත සුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. යථෝක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාමය ඉදිරිපත් කරයි.

පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, කියාමත් දවස (ලොව අවසන් දිනය) හා මලාධිකාවරු ආගම් හා නබිවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම, අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයින් දිළින්දන්, මගීන් හා යාචකයින් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලුන් නිදහස් කරවීම, අදාළ වතාවත් කිරීම සකාත් ගෙවීම පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා හිදී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති. මෙවැන්නෝ අල්ලාහ්ට බිය ගැත්තෝ වෙති. (අල්කුරානය 2:177)

ඉස්ලාමයට අනුව මිනිසා විනයානුකූ®ල ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහෙවන්ත වීමෙහිලා නිරතුරු සැළකිළිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙර්.

1. අපේ ඊමාන් භක්තිව අව්‍යාජ විය යුතුය. අවංක විය යුතුය.

2. සහෝදර ජනතාව වෙනුවෙන් දාන පරිත්‍යාග කළ යුතුය.

3. සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

4. සෑම විටකම සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක් කල් ක්‍රියාවක් යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත කී කරුණු පදනම් කර ගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා භ්‍රමණය වේ.

මිනිසකු කෙරෙහි සදාචාරාත්මක අණපනත් පැනවීමට පෙරාතුව ඔහුගේ සෑම කටයුත්තක් ක්‍රියාවක්ම මෙන්ම සෑම තැනකදීම සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස ඥෂ්ටිය හෙලමින් සිටින බව මුලු ලෝකයෙන්ම සැඟවුවත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි බව අන් සියල්ල මුලාවට පත්කළත් අල්ලාහ් මුලා කිරීමට නොහැකි බව, කවරකුගේ ග්‍රහහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීමට ඉස්ලාමය වෙර දරයි.

Operating as usual

13/04/2021

මේ උදා වන්නේ උපවාස මාසයයි...

25/12/2020

Muslim Aid Sri Lanka ආයතනය මගින් සංවිධානය කළ "අත්‍යවශ්‍ය වියලි ආහාර මලු" බෙදා දීමේ වැඩසටහනත් ඊයේ දින වත්තල ප්‍රදේශයේදී සිදුවිය.
අතේ කිසිදු මුදලක් නොමැතිව ඉතාමත් දුෂ්කරව තම ජීවිතය ගෙවමින් සිටින සිංහල මුස්ලිම් හා ක්‍රිස්තියානි පවුල් 700 කට පමණ මෙම ආහාර මලු බෙදා දෙනු ලැබිය. කිසිදු මාධ්‍ය සංදර්ශනයක් නොකර මෙම සත්කාරය මේ දිනවල ඔවුන් විසින් සිදු කරනු ලබනවා.

මෙහිදී කිවිය යුතු ම කාරණාව වන්නේ, අද දින උදාවූ සුන්දර නත්තල වඩාත් අර්ථවත් කිරීමට මට හැකි වුණා. එය කෙසේ නම්, මුස්ලිම් ජාතික ධනවත් පුද්ගලයන්ගේ #zaqath හෙවත් "පරිත්‍යාග මුදලින්" එම ප්‍රදේශයේ සිටි ක්‍රිස්තියානි සහෝදර ජනතාව ඔවුන්ගේ නත්තල අද සමරනවා.
එයට කුමන හෝ ආකාරයකින් මගේද දායකත්වය තිබුණා.
හැමදාමත් විවිධත්වයට ගරු කරන ලාංකිකයෙකු ලෙස නත්තලට ඔවුන්ට දිය හැකි මෙයට වඩා වටිනා දෙයක් මා සතුව නැත.

ඔබ සැමටම සුභ නත්තලක්.........

#our_strength_is_our_deferences
#Covid19 #LKA #EmergencyRelief #FoodPacks #Wattala #MuslimAidSriLanka

25/12/2020

කොවිඩ් මර්ධනයට මුස්ලිම් ප්‍රජාවගෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය

24/12/2020

What happened to donation ?

12/11/2020

බොහෝ රටවල් වල සිදුවන කොරෝනා භූමදානය

බොහෝ රටවල් වල සිදුවන කොරෝනා භූමදානය

08/10/2020

ඉස්ලාම් බැතිමතුන්ට නිවේදනයක් ..
පවතින වසංගතය හමුවේ සිකුරාදා දින ජුම්මා දේශනය හා වන්දනය වරකට පුද්ගලයන් 50 දෙනෙකුට සීමාකොට ආරක්ශිත් ක්‍රමවේද අනුගමනය කරමින් සුදුකරන ලෙස ඉල්ලා සිටියි.

05/07/2020

සිංහලෙන් කතා ලියන යෝනක/මරක්කල ජාතික ලේකිකාව.

[06/18/20]   கொரோனாவை கட்டுப்படுத்த WHO மற்றும் இலங்கை சுகாதார அமைச்சு மக்கள் ஒன்று கூடுவதை தவிர்க்குமாறு அறிவுறுத்தியுள்ளது. அந்த வகையில் மஸ்ஜித்களில் ஐங்கால தொழுகை உட்பட ஏனைய அனைத்து ஒன்று கூடல்களையும் மறு அறிவித்தல் வரை இடைநிறுத்துமாறு ஜம்இய்யா முஸ்லிம்களை அன்பாக வேண்டிக் கொள்கின்றது.

11/06/2020
08/05/2020

නෙදර්ලන්ත ඇමතිගෙනුත් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක්.

08/05/2020

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හමුවේ ජඩ මාධ්‍ය හැසිරෙන ආකාරය සමාජයේ සබුද්ධික ප්‍රජාවගේ දැඩි විවේචනයට ලක්ව ඇති ආකාරය දැකිය හැක. සමාජයේ තවත් කොටසක් මෙයින් යම් කම්පනයකට පත්ව සිටියි. සමස්ථ ලෝකයම මේ මොහොතේ ඖෂධයක් සොයාගෙන නොමැති වසංගතයකට මුහුණ දී සිටියි. මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොසිනි. මැස්සන්, මදුරුවන් මෙන් ආසාදිතයෝ මියයති. මෙවැනි ඛේදවාචකයට ලොව මුහුණ දුන්නේ වසර සියයකට පසුවය. ලොව පුරා ජනතාව ආර්ථික, සාමාජීය වශයෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටිති. ලෝක කම්කරු සංවිධානය පවසන අන්දමට ලොව පුරා මිලියන 300 කගේ රැකියාවන් අහිමි වනු ඇත. ලංකාවේ ජනතාව ද අඩුවැඩි වශයෙන් මෙම තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටිති. ඒ අතරේ ලෝකයේ බොහෝ රටවල දක්නට නොමැති “කොරෝනා මාධ්‍ය භීෂණයකට” මුහුණ දීමට මෙරට ජනතාවට සිදුව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අන්දමට වසංගතයක් මර්දනය කිරීමට ශක්තිමත් සංනිවේදන ජාලයක් අවශ්‍යය. අදාල වසංගතය පිළිබඳ විද්‍යාත්මක නිවැරැදි කරුණු ජනතාවට සංනිවේදනය කිරීම එහි මූලික අරමුණ විය යුතුය. ඕනෑම වසංගතයක් මර්දනය කළ හැක්කේ එයට ගොදුරුවන්නන් බියක් සැකයක් නොමැතිව සෞඛ්‍ය බලධාරීන් ඉදිරියේ අභිමුඛ වීම සඳහා ඇතිවන විශ්වාසය මතය. එවිට වසංගතයට ගොදුරුවූවන් හෝ ගොදුරුවූ බවට සැකකරන්නන් සැඟවෙන්නට උත්සාහ ගන්නේ නැත. රෝගීන් නිසි ප්‍රතිකාර නොගෙන සැඟවීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ වසංගතය වේගයෙන් ව්‍යාප්තවීම පමණි. එබැවින් සෞඛ්‍ය බලධාරීන් සහ සංනිවේදකයින් උත්සාහ කළ යුත්තේ ජනතාව තුළ වසංගතය පිළිබඳ තිබෙන බිය සැක දුරුකිරීමය.

එහෙත් ලංකාවේ දෙරණ, හිරු ඇතුළු ජඩ මාධ්‍ය ක්‍රියාකරන්නේ කොරෝනා වසංගතය පිළිබඳ අනවශ්‍ය බියක් ජනතාව තුළ ඇතිවන ආකාරයටය. ඔවුහු කොරෝනා අසාදිතයන් භයානක අපරාධකරුවන් ත්‍රස්තවාදීන් ලෙස සමාජයට ගෙන හැර දක්වති. ආසාදිතයන් පිළිබඳ වෙෙරයක් , පිළිකුලක් ඇති කරති. පළමු කොරෝනා ආසාදිතයා වශයෙන් චීන ජාතික කාන්තාවක් හමුවීමෙන් පසුව මේ ජඩ මාධ්‍ය ලංකාවේ සිටින චීන ජාතිකයන්ට එරෙහිව වෙෙරය වැපිරවූහ. දෙවනුව ඒ සඳහා දකුණු කොරියාව සහ ඉතාලියේ සිට සියරට පැමිණි ශ්‍රී ලාංකිකයෝ ඉලක්ක කර ගත්හ. ඉන් පසුව මේ ජඩ මාධ්‍ය රටේ සිටින මුස්ලිම් ජාතිකයෝ ඉලක්ක කර ගත්හ.

දැන් ඉලක්කය වී ඇත්තේ කොළඹ නගරයේ "වතු" වල ජීවත්වන ජනතාවයි. මේ වතුවල සිටින "කුඩුකාරයෝ" කොරෝනා වසංගතය පතුරන බවට මේ ජඩ මාධ්‍ය චෝදනා කරති. මේ ලිපිය ලියන මොහොතේ අලුත්ම ගොදුර වී ඇත්තේ නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයෝය. කොරෝනා වසංගත මර්දන වැඩපිළිවෙළට සම්බන්ධවීම හේතුවෙන් රෝගය වැළඳුන ආරක්ෂක හමුදා සාමාජිකයෝ කොරෝනා පතුරන බවට ඔවුහු චෝදනා කරති. ආසාදිතයින්ට එරෙහි වෙෙරීය ජනමතයක් ඇති කරති. ඔවුන් ත්‍රස්තවාදීන්ට වඩා භයානක සත්ව විශේෂයක් වශයෙන් ප්‍රතිනිර්මාණ කරති.

සාමාන්‍ය මාධ්‍ය සදාචාරයන්ට අනුව රෝගීන්ගේ අන්‍යනතාවය මෙන්ම ඔවුන්ගේ ඡායාරූප දර්ශන ප්‍රසිද්ධ කරන්නේ නැත. එහෙත් ලංකාවේ ජඩ මාධ්‍යයන්ට එම මාධ්‍ය සදාචාර සම්මතයන් අදාල නොවේ. ආසාදිතයන් හඳුනාගැනීමට ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ප්‍රජා සෞඛ්‍ය නිළධාරීන් යන්නේ පොලීසිය සහ මේ ජඩ මාධ්‍යකරුවන් සමඟයි. මොවුන් මේ සිද්ධීන් "ප්‍රවෘත්ති විකාශන"හි වාර්තා කරන්නේ පාතාල ලෝකයේ අපරාධකරුවන් කොටුකර ගන්නා ආකාරයේ මෙහෙයුම් ලෙසය. කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම, ඔවුන් ඇසුරු කරන්නන් නිරෝධායනයට ලක්කිරීම, රෝහල්ගත කිරීම් ඇතුළු සියඵ අවස්ථා මේ ජඩ මාධ්‍ය සිය "ප්‍රවෘත්ති විකාශන"හි වාර්තා කරන්නේය.

ආසාදිතයින්ට හෝ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ හෝ පෞද්ගලිකත්වය පිළිබඳ මේ ජඩ මාධ්‍යයන්ට කිසිදු හැඟීමක් නැත. ඔවුහු බලහත්කාරයෙන් ආසාදිතයින් සහ ඔවුන්ට සම්බන්ධ පුද්ගලයන් නිවාසවලට ඇතුළුවී එහි දර්ශන රූ ගත කරති. ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස් වලට ඇතුළු වෙති. ඇතැම් අවස්ථාවන්හි ගෙහිමියන් මේ බලහත්කාරී රූ ගත කිරීම් වලට විරෝධය ප්‍රකාශ කරන විට "අපි මීඩියා. අපිට ඕනෑම තැනක යන්න පුළුවන්" යැයි ඔවුහු තර්ජන කරති.

මේ ජඩ මාධ්‍යකරුවන්ට පෞද්ගලික අවකාශය (Private space) හෝ පෞද්ගලික දේපල (Private property) පිළිබඳ කිසිදු අවබෝධයක් නැත. ඔබ පොලිස් නිළධාරියකු, නීතීඥයකු, බස් රියදුරෙකු , මිතුරෙකු හෝ වෙනයම් ඕනෑම පුද්ගලයකු සමඟ කථාබහ කරමින් සිටින අවස්ථාවක ඒ අතරට පැන කැමරා ඇල්ලීම නීති විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවකි. එය ඔබගේ පෞද්ගලික අවකාශය ආක්‍රමණය කිරීමකි. ඔබගේ අනුමැතියකින් තොරව කිසිවෙකුට එයට ඇතුළුවිය නොහැකිය. මහජන සෞඛ්‍ය නිළධාරීන් කොරෝනා ආසාධිතයකුට උපදෙස් දෙනවිට ඒ මැද්දට පැන කැමරා ඇටවීමට ජඩ මාධ්‍යකරුවන්ට නොහැකිය. ඔබගේ නිවස සහ ගෙවත්ත පෞද්ගලික දේපලකි. එයට ඔබේ අවසරයෙන් තොරොව කිසිවෙකුට ඇතුළු විය නොහැකිය. එසේ ඇතුළුවීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. ඇතැම් බටහිර රටවල එසේ නීතිවිරෝධීව ඇතුළුවන්නන්ට වෙඩි තැබීමට නීතියෙන් අවසර තිබේ. "අපි මීඩියා.

අපිට ඕනෑම තැනක යන්න පුළුවන්" යැයි කියමින් පෞද්ගලික දේපලකට තබා රාජ්‍ය දේපලකට හෝ ඇතුළුවීම නීති විරෝධීය. රජයේ ආයතනයකට ඇතුළුවීමට එහි ප්‍රධානියාගේ අවසරය අවශ්‍යය. ජඩ මාධ්‍යයන්ගේ මේ අනවසර ඇතුළුවීම් (Trespassing) එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පුරවැසියන්ට හැකිය. ඒ සඳහා කාලයක් ගත වන බැවින් 2x2 පොලු කැබලි කිහිපයක් ආත්මාරක්ෂාව සඳහා උපයෝගී කර ගනිමින් ද ප්‍රශ්නය ලෙහෙසියෙන් විසඳාගත හැකිය.

ලංකාවේ විද්‍යුත් මාධ්‍යයන්හි සේවය කිරීමට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවෙයි. අවශ්‍යවන්නේ කටහැකරකම පමණි. එයට අමතරව ප්‍රධානීන්ට "ගොට්ට" ඇල්ලීමේ කලාව ප්‍රගුණ කර තිබීම අවශ්‍ය වේ.

එවැනි ජඩ මාධ්‍යවේදීන් "අපි මීඩියා. අපිට ඕනෑම තැනක යන්න පුළුවන්" යැයි පැවසීම ගැන පුදුම විය යුතු නැත. කොරෝනා වසංගතය හමුවේ ජනතා භීතියට පත් කර ආසාදිතයන් බියේ සැඟවෙන තැනට රට ගෙන ආවේ මේ ජඩ මාධ්‍යයේ මාධ්‍ය ත්‍රස්තවාදයයි.

ආසාදිතයන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, ඥාතීන් , හිතවතුන් සියළු දෙනාගේ අන්‍යතාවයන් ඔවුන් පදිංචි වී සිටින ස්ථාන හෙළිකරමින් ඔවුන්ට එරෙහිව සමාජය උසි ගැන්වූයේ මේ ජඩ මාධ්‍යයයි. මෙවැනි බියකරු ව්‍යසනයක් ඉදිරියේ මනුෂ්‍යත්වයේ නාමයෙන් අවම මාධ්‍ය සදාචාරයක් හෝ පවත්වා ගෙන යෑමට මේ ජඩ මාධ්‍යයන්ට නොහැකි විය.

කොරෝනා වසංගතය වැනි මහා ව්‍යසනයක් ඉදිරියේ පවා ජනතාව තුළ බිය, අවිශ්වාසය, වෙෙරය, ජාතිවාදය, ආගම්වාදය සහ විශේෂයෙන්ම ආසාදිතයින් කෙරෙහි වෙෙරයක් නිර්මාණය කරන මාධ්‍ය ආයතන පිළිබඳ නිහඬව සිටිය යුතු නැත. මේ මාධ්‍ය පිස්සු බල්ලන් වී හමාරය. දැන් ඔවුහු මහමග සිටින ඕනෑම අයෙකු හපා කන මට්ටමට පැමිණ ඇත. මේ පිස්සු බල්ලන් බැඳ දැමිය යුතුය. එසේ නොමැතිව මේ ව්‍යසනය පාලනය කළ නොහැක.

07/05/2020

කොරෝනා වැළඳීමෙන් මිය ගිය 9 වැනියා ලෙස පසුගිය 5 වෙනිදා ආණ්ඩුව නිල වශයෙන් වාර්තා කළ මෝදර කොළඹ 15 පදිංචි කාන්තාවට කොරෝනා වැළඳී නැති බවත් ආණ්ඩුව තමන්ට වැරදුනු බව දැන දැනත් මෙතෙක් වරද නිවැරදි කර නැති බවත් වෙත වාර්තා වේ.

58 හැවිරිදි මෝදර රෝගී කාන්තාව ඊට දින දෙකකට පෙර එනම් 3 දා කොළඹ මහ රෝහලේ 48 වැනි වාට්ටුවට ඇතුලත් කර තිබිණ. 5 වෙනිදා ඇයට කොරෝනා වැළඳී ඇත් දැයි PCR පරීක්ෂාව සඳහා සාම්පල යවා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයට ය. ඒ සමග කොළඹ ජාතික රෝහලේ මේට්‍රන් වරියක ඇතුළු තවත් සිව් දෙනෙකුගේ සාම්පලද කොළඹ විශ්ව විද්‍යාලයට යවා ඇත. පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙස කොළඹ විශ්ව විද්‍යාලය එදිනම දැනුම් දී ඇත්තේ පස් දෙනාම කොරෝනා පොසිටිව් බවයි. ඒ සමගම කොළඹ මහ රෝහල කලබල වී ඇති අතර රෝගී කාන්තාව වහාම අයිඩීඑච් රෝහලට මාරු කර යවා ඇත. අයිඩීඑච් රෝහලේ දී ඇය එදිනම මිය ගොස් තිබේ.

ඉන්පසු ඇයගේ අවසන් කටයුතු ද කොරෝනා රෝගියෙකු ලෙස සිදුකර ඇත. ඒ අතර දී එකී කාන්තාවගෙන් අයිඩීඑච් රෝහල ලබා ගත් සාම්පල එම රෝහලේ ඇති ලැබ් එකේ දී PCR පරීක්ෂාවට ලක් කළ විට එය නෙගටිව් ලෙස සඳහන් වී තිබේ. වැඩි හොඳට ඇයගේ තවත් සාම්පලයක් කොළඹ වෛද්‍ය පර්යේෂන ආයතනයට ද (MRI) යවන ලද අතර එහි ප්‍රතිඵලයෙන්ද දක්වා ඇත්තේ ඇයට කොරෝනා නෙගටිව් බවයි.


කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රථම පරීක්ෂන වලින් පොසිටිව් යැයි කී කොළඹ මහ රෝහලේ මේට්‍රන් වරිය ඇතුළු සේවකයින් සිව් දෙනාගේ සාම්ලද අයිඩීඑච් රෝහලේ ලැබ් එකෙන් සහ MRI ආයතනයෙන් දෙවන වරට පරීක්ෂාවට ලක් කළ විට ඒවාද නෙගටිව් බව පෙන්වා ඇත.

කොළඹ මහ රෝහලේ මේට්‍රන් වරිය ඇතුළු සිව් දෙනෙකුට කොරෝනා යැයි කොළඹ මහ රෝහලේ පිරිස කලබල වී සිටි නමුත් අවසන් පරීක්ෂණ ප්‍රතිඵල වලින් පසු තත්ත්වය සන්සිඳින. එසේ නමුත් ආණ්ඩුව නිල වශයෙන් කොරෝනා වැළඳී මිය ගිය 9 වැනියා යැයි 5 වැනිදා සඳහන් කළ පෙර කී කාන්තාව සම්බන්ධයෙන් වූ වරද මේ දක්වා නිවැරදි කෙළේ නැත.

විශ්ව විද්‍යාල ලැබ් කෙළින පිස්සුව...
මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත විශ්ව විද්‍යාල වලින් ලබා දෙන වැරදි ප්‍රතිඵල නිසා බරපතල තත්ත්වයන්ට සෞඛ්‍ය බලධාරීහු මුහුණ දී සිටිති. මීට පෙර ජ’පුර විශ්ව විද්‍යාලයෙන් කොරෝනා පොසිටිව් කියා ලබා දී තිබූ වාර්තා 13 ක් වැරදි බවත් ඒ සියල්ල නෙගටිව් බවත් MRI වාර්තා වලින් තහවුරු විය. දැන් කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද වැරදි වාර්තා ලබා දී තිබේ.

මීට පෙර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් (KDU) ලබා දුන් වැරදි කොරෝනා වාර්තාවක් නිසා විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය. එනම් පෑලියගොඩ මාළු වෙළඳ පොලේ වෙළෙන්දෙකුට කොරෝනා පොසිටිව් කියා දුන් වැරදි වාර්තාවක් නිසා පෑලියගොඩ සිටි 553 දෙනෙක්ම පරීක්ෂාවට ලක්කරන්නට සිදුවීමයි. අවසානයේ MRI පරීක්ෂණ වලින් තහවුරු වුනේ KDU විශ්ව විද්‍යාලයේ ප්‍රතිඵලය වැරදි බවයි.

මෙලෙස රටේ විශ්ව විද්‍යාල 3 කින්ම වැරදි වාර්තා ලබා දී ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති MRI හෝ අයිඩීඑච් PCR පරීක්ෂණ කිසිවක් මේ දක්වා වැරදී නැත. එසේ තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පරීක්ෂණාගාර දියුණු නොකර පිටත ආයතන වලට සාම්පල යොමු කරන්නේ කාගේ වුවමනාවටදැයි සෞඛ්‍ය සේවකයෝ ප්‍රශ්න කරති

07/05/2020

MASHA ALLAH.
Whatever race or language or nationality ...
WE ARE ONE UMMAH.

ප්‍රාර්ථනා කරන්න, අයහපත දුරලා යහපත උදා වෙන්න.
උදාවූ රමසාන් මාසය පවු කමා කරන මාසයයි. 💚

විශ්වයටම අධිපති වන අල්ලාහ්ගෙන් අයදිමු කමා..

04/05/2020

Attention all..

19/04/2020

රාමදාන් උපවාස සමයේදී නිවසේ සිට යාඥාවල නිරත වන්නැයි සෞදි අරාබියේ ඉහළම ආගමික කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතුමන්ගෙන් ඉල්ලීමක් කරයි.


නිවේදනයක් නිකුත් කරමින් සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ කවුන්සිලය මෙම ඉල්ලීම කර ඇත.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව රටවල් විවිධ පියවර ගෙන ඇති බැවින් ඒ ඒ රටවල ආණ්ඩු හා පාලනාධිකාරීන් ගන්නා ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කරන්නැයි ද කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධ වූ වූ උපවාස මාසය වන රාමදාන් උපවාස මාසය මේ සතිය අගදී ආරම්භ වීමට නියමිතය.

ඒ ඒ රටවල බලධාරීන් සෞඛ්‍ය බලධාරීන් සමාජ දුරස්ථභාවය පවත්වාගන්නැයි නියෝග කරන්නේ නම් ඒ අනුව කටයුතු කරන්නැයි ද එම කවුන්සිලය ඉල්ලා ඇත.

‘‘මුස්ලිම්වරුන් එක්රැස්වීම නොකළ යුතුයි. මහජන ඒකරාශීවීම් වයිරසය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව’’ යැයි සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

Covid 19 Helping Hand 13/04/2020

මහනුවර මුස්ලිම් වෙළද සංගමය මස්ජිද් සම්මෙලනය මහනුවර ජමීයනතුල්උලමා සංවිධානය සැම ජාතීන් අනර බෙදාදෙනලදි

13/04/2020

මේ වගේ අය හැම ආගමකම ඉන්න බව දැන්වත් තේරුම් ගන්න.

Covid 19 Helping Hand 13/04/2020

අද පුස්සැල්ලාවේ ග්‍රාම නිලධාරී D.J.ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි Rauf stores (H.A.R) අනුග්‍රහයෙන්, කිසිම සහනාධාරයක් නොලැබුණු දෙසීයකට ආසන්න පවුල්වලට සහන (අත්‍යවශ්‍ය භාණ්ඩ)මලු බෙදා දුන් අවස්ථාව....

Covid 19 Helping Hand 12/04/2020

මාතර කඩේවීදිය මීරා ජුම්මා පල්ලිය මගින් කොරෝනා ව්‍යසනය නිසා අසරනයට පත් කඩේවීදිය මුස්ලිම් , සිංහල, දෙමළ ජනතාව අතර {රුපියල් මිලියනයක්} වටිනා වියලි ආහාර මලු (පවුල් 740 කට) 02/ 04/2020 දින බෙදා දෙනු ලැබිනි. සහය දුන් අපේ ගමේ වියාපාරික ප්‍රජාවටත් ගම් වාසීන්ටත් බෙහෙවින්ම ස්තුතියි.

Covid 19 Helping Hand 11/04/2020

COVID-19 වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදීම සඳහා වියළි ආහාර මළු ඇතුලු අලුත් අවුරුදු තෑගී පාර්සල් 1300 ක් සෞඛ්‍ය, හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ දින (10) සිදුවිය.

ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජය විසින් එම පරිත්‍යාගයන් සිදුකර ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජයේ සභාපති සුරේෂ් හෂීම් (Zurash Haisim) ව්‍යාපෘති සභාපති රිසාන් නාසීර් ඇතුළු පිරිසක් විසින් ලබාදුන් මෙම වියළි ආහාර පාර්සල් IDH රෝහලට පාර්සල් 570 ක් සහ මුල්ලේරියාව රෝහලට පාර්සල් 650 ක් වශයෙන් සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එහිදී උපදෙස් දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජයේ නියෝජිතයින් අදාල රෝහල් දෙක වෙත ගොස් එහි කාර්ය මණ්ඩල වෙත අදාළ තෑගී පාර්සල් ප්‍රදානය කර තිබේ.

Covid 19 Helping Hand 08/04/2020

උදේට අපි බෙදනවා, දවල්ට මීඩියා වලින් අපිට බනිනවා . අපි බනින්න බනින්න බෙදනවා

වැලිගම අජ්මල් සත්තාර් මහතා විසින් දුප්පත් සිංහල මුස්ලිම් දෙමල පවුල් 550 කට රැපියල් 2000 ක් වටිනා වියලි ආහාර ලබාදු අවස්ථාව

Covid 19 Helping Hand 07/04/2020

අඩු ආදායම්ලාභී පවුල් දහසකට රුපියල් 2000 බැගින් මුදල් .. ...☪️☪️☪️☪️

කොළඹ 14, මැඩම්පිටියා හි මස්ජිදුල් හිදයාත් ජුමා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය සහ ජමාත් සාමාජිකයින් එක්ව පවුල් 1000 ක් සඳහා මස්ජිඩ් වටපිටාව පිළිබඳ සියලු ඇදහිලිවන්තයන් සඳහා කොරෝනා රිලීෆ් අරමුදල සංවිධානය කළහ. 2000 / - සෑම පවුලකටම. පහත සඳහන් මණ්ඩල සාමාජිකයින් සහ පූජ්‍ය පක්ෂය මෙම උත්සවයට සහභාගී වූහ. අල්-හජ් ෆිරෝස් ෂම්සුදීන් ලේකම්, අල්-හජ් A.U.L.M සුෆියාන් වී. ජනාධිපති, අල්-හජ් ඒ.ඒ.එම්. රිස්වි භාණ්ඩාගාරික, අල්-හජ් එච්.එම්. අමීර්, සහකාර භාණ්ඩාගාරික, අල්-හජ් ඒ.එම්. ෂෆි වී.ප්‍රෙසිඩන්ට්, අල්-හජ් එම්. මස්ජිඩ් මවුලවි අන්වර්ඩීන් හි, කෙලනි නාඩි විහාරයේ අකුරෙස්සා ආරියා සාගර තෙරෝ, මහාවට් බබ්ටිස්ට් පල්ලියේ සහෝදරිය. පූජ්‍ය පක්ෂයේ ආශිර්වාදයෙන් මෙම කාර්යය සාර්ථකව අවසන් විය.

Covid 19 Helping Hand 06/04/2020

දුනියා ඉස්ලාම් දුනියා මලායි සංවිධානය කල මහර ජුම්මා මස්ජිද්වාසි පවුල් සදහා ආධාර බෙදා දෙන ලදි.
මහර ජුම්මා මස්ජිදය රජය විසින් පවරාගෙන තහනම් කොට වසරක කාලයක් ගතවී ඇති අතර, තවමත් ප්‍රදේශ්වාසි ජනතාවට විවෘත නැත.
එම ප්‍රදේශයේ පදිංචි දුගී පවුල් සදහා මෙම ආධාර බෙදා දෙන ලදී.
රාගම මැලේ සංගමය හා වැල්ලවත්ත මස්ජිද් එකමුතුව ධන පරිත්‍යාගය ලබාදෙන ලදී.

Alhamdu Lillah
Dunia Melayu Dunia Islam was able to coordinate and collected the required stuff to Mahara Jummah Mosque Mahalla families.
On the request of The Trustees Mr. Hafeel Laxana and Mr. Rajioon Laxana and the Kumpulan Melayu Ragama President Mr. Borham these food stuff were arranged for Distribution.
It was the great and timely donation by the DEHIWALA MOUNT LAVINIA MOSQUE FEDERATION headed by Haji Ismail Hanzar,
Haji. Riyas, Haji Siraj Ali and Haji Mohamed.
May almighty Allah reserve them Jennathul Firdouse for their yeoman services in this situation. We the entire Muslim community should thank them for their dedicated community service at this lock down situation and Almighty should reward them. We all should make Speacial Dua for their long and peaceful life in this world and the life hereafter in Akhira. Our Speacial thanks should goes to Mr. Zaith Farook for his dedicated work who is my staff. Jazakallahu Khair.
Dr. Anuwar Ulumuddeen
Ptesident /DMDI.

Covid 19 Helping Hand 06/04/2020

අද දින පවුල් 800කට වියලි ආහාර ද්‍රව්‍ය කිරුලපුර පල්ලියේ කමිටුවේ සාමාජිකයන් විසින් ලබාදුන් අවස්ථාවයි .

අපගේ විශේෂ ස්තූතියි

Poorwarama viharadipathi : Panditha Patheri Poorwarama Viharadipathi
Kirulapona Jumma Mosque : Mawlawi Azhar
Father : Father Nishan
Kurukkal: Kaalinga Mawatha Periya Ayyar
Kirulapura Ahadiya School : Al Haj Afthab and members
Kirulpona Police OIC : Mr, Kaluaarachi and Envoirment Protection Unit.

#lka #Srilankan #corona #covid19 #agiantscorona #ceylon ❤️🇱🇰💪

06/04/2020

බෝරා ජාතික මුස්ලිම් ප්‍රජාව කොලඹ තදාසන්න ප්‍රදේශයේ විපතට පත් ජනතාවට සහන මලු බෙදා දෙන ලදී.
The Bohra Community in Sri Lanka distributed food to hundreds of deserving people affected in Colombo as part of a Global Humanitarian Project initiated by Head of the Community.

Covid 19 Helping Hand 05/04/2020

කොලඹ ජාවත්ත මැලේ ජුම්මා මස්ජිදය මගින් වියලි සලාක ඇතුලු අත්‍යවශ්‍යය ආහාරමලු දහසක් විපතට පත් ජනතාවට බෙදා දෙන ලදී.

Covid 19 Helping Hand 05/04/2020

කොලඹ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවගෙන් අත්‍යවශ්‍ය ආහාර මලු 2000 ක් කොරෝනා වසංගතය හේතුවෙන් අසරන වූ ප්‍රජාවට බෙදා හරින ලදී.

Colombo muslim business community Distributed for needy people

Covid 19 Helping Hand 05/04/2020

ත්‍රිකුණාමලය හා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දුප්පත් ජනතාවට අතයවශය භාන්ඩ මලු 2650 ක් මුස්ලිම් ඒඩ් සංවිධාන විසින් බෙදා හරින ලදී.

Muslim Aid NGO distributing 2650 dry rations pack for 2650 poor families through 4 religious leaders Buddies , Hindu, Christian and Muslim in the Trinco and Kurnagala
கொவிட்-19 வைரஸ் நெருக்கடியினால் வருவாய் இழந்த மக்களுக்கு முஸ்லிம் எய்ட் 2650 உலர் உணவுப் பொதிகள்; வினியோகம்

கொவிட்-19 அச்சுறுத்தலை தடுக்க தொடர்ச்சியான ஊரடங்கு பிறப்பிக்கட்டுள்ளது. இதன் காரணமாக மிகவும் வறிய, அன்றாடம் உழைத்து உண்ணுகின்ற பல்லாயிரம் குடும்பங்கள் பாதிக்கப்பட்டன. இவ்வாறாக பாதிக்கப்பட்ட 2650 நலிந்த குடும்பங்களுக்கு முஸ்லிம் எய்ட் சிறிலங்கா, சிறிலங்கா முஸ்லிம் கவுன்சில் மற்றும் சிறிலங்கா மினரெட் பங்காளர் அமைப்புகளுடன் இணைந்து உலர் உணவுப் பொதிகளை உடனடியாக வினியோகம் செய்துள்ளது.

பிரதேச செயலகங்கள், பள்ளிவாசல்கள், பன்சல, கிறித்தவ ஆலயங்களி;ன் ஒத்துழைப்புடன் 2809 உலர் உணவுப் பொதிகளை பொதியிடவும், பாதிக்கப்பட்ட ஒரு தொகுதி மக்களுக்கு உடனுக்குடன் வினியோகம் செய்யும் பணி பல்வேறு சவால்களுக்கு மத்தியில் வெற்றிகரமாக நிறைவு செய்யப்பட்டுள்ளது. கொழும்பு, புத்தளம், திருகோணமலை, குருநாகல் மாவட்டங்களைச் சேர்ந்த ஊரடங்கு மற்றும் தனிமைப்படுத்தல் என்பவற்றால் பாதிக்கப்பட்ட குடும்பங்கள் இவ் உலர் உணவுப் பொதி வினியோகத்தின் மூலம் பயன்பெற்றுள்ளன. ஆகவும் மோசமாகப் பாதிக்கட்ட வறிய குடும்பங்கள் உலர் உணவுப் பொதிகளை பெற்றுக் கொண்டதை மேற்படி 3 அமைப்புகளின் ஊழியர்களும் தொண்டர்களும் உறுதி செய்தனர்

Our Story



ඉස්ලාමයට අනුව මිනිසා විනයානුකූ®ල ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහෙවන්ත වීමෙහිලා නිරතුරු සැළකිළිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙර්.

1. අපේ ඊමාන් භක්තිව අව්‍යාජ විය යුතුය. අවංක විය යුතුය.

2. සහෝදර ජනතාව වෙනුවෙන් දාන පරිත්‍යාග කළ යුතුය.

3. සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

4. සෑම විටකම සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක් කල් ක්‍රියාවක් යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත කී කරුණු පදනම් කර ගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා භ්‍රමණය වේ.

මිනිසකු කෙරෙහි සදාචාරාත්මක අණපනත් පැනවීමට පෙරාතුව ඔහුගේ සෑම කටයුත්තක් ක්‍රියාවක්ම මෙන්ම සෑම තැනකදීම සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස ඥෂ්ටිය හෙලමින් සිටින බව මුලු ලෝකයෙන්ම සැඟවුවත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි බව අන් සියල්ල මුලාවට පත්කළත් අල්ලාහ් මුලා කිරීමට නොහැකි බව, කවරකුගේ ග්‍රහහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීමට ඉස්ලාමය වෙර දරයි.

Videos (show all)

බොහෝ රටවල් වල සිදුවන කොරෝනා භූමදානය
සිංහලෙන් කතා ලියන යෝනක/මරක්කල ජාතික  ලේකිකාව.
මේ වගේ අය හැම ආගමකම ඉන්න බව දැන්වත් තේරුම් ගන්න.
රාමසාන් උපවාසය - part 3
රාමසාන් උපවාසය - part 2
රාමසාන් උපවාසය - part 1
ඉස්ලාමය සහ මාධ්‍ය විකෘතිය
ඉස්ලාම් හා ත්‍රස්තවාදය
මාගේ ඉස්ලාමීය වෙනස
නවක මුස්ලිම් - ආගමනය

Location

Products

If you have problems viewing the Sinhala content in this website please install Sinhala Unicode kit in your computer from sinhala unicode , sinhala font , sinhala fonts , sinhala language , Download Sinhala Fonts , sinhala fonts download , Sinhala and Tamil Fonts

http://locallanguages.lk/

Address

Colombo

Opening Hours

09:00 - 17:00
Other Colombo places of worship (show all)
Human Base Human Base
Colombo

Human Base Organization is a charitable institution registered under SOCIAL WELFARE SERVICES ORGANISATION ACT

Saturday Bible school Saturday Bible school
252, Galle Road,
Colombo, 0030

Teaching bible truths and transforming young lives...

Buddhist Cultural Centre - Online BookShop Buddhist Cultural Centre - Online BookShop
Buddhist Cultural Centre - BookShop, No. 125, Anderson Road, Nedimala, Dehiwala.
Colombo

බුදු දහම පරපුරෙන් පරපුරට Buddhism from Generation to Generation.

Pontifical Mission Societies Sri Lanka Pontifical Mission Societies Sri Lanka
Colombo

The Pontifical Mission Societies is an invitation to share in the command of Jesus Christ when He said, "Go out to the whole world and make disciples".

லேக்ஹவுஸ் இந்து மன்றம் லேக்ஹவுஸ் இந்து மன்றம்
Colombo, 01000

”ஆறு சாத்திரமும் ஆறு தத்துவமும் வேதம் அடங்கலுடனே அள்ளிவந்தானையா…”

Calvary Church Sri Lanka Calvary Church Sri Lanka
123, High Level Road
Colombo, 00600

The ONLY OFFICIAL page for Calvary Church Sri Lanka and its Branch Churches.

Jesus Is My Life ජේසු මගේ ජීවිතයයි Jesus Is My Life ජේසු මගේ ජීවිතයයි
Colombo

☆සමිදුනි පව්කාර වූ මට කමා වුව මැනව☆

M***i Mustafa Raza M***i Mustafa Raza
Colombo

Secretary for Religious Affairs: Supreme Council of Sufi Thareeqas(SL). Founder of Markaz Al Haadi.

Buddha's Teaching Center Buddha's Teaching Center
WARDHANARAMAYA, GONAWALA, KELANIYA, COLOMBO, SRI LANKA
Colombo, 11600

Buddha's teaching center is to spread Buddhism all over the world and to teach Buddha's teaching for the betterment of all living beings

Ebay mart Ebay mart
Colombo
Colombo, 10000

Buy from ebay

Jesus' Golden Word Church Jesus' Golden Word Church
3rd Floor, 110 Elvitigala Mawatha, Colombo 00800
Colombo

Sunday Service : 08.30 a.m - 10.45 a.m Sunday School : 11.00 a.m - 12.00 a.m Youth Army of Joshua : 1st & 3rd Sundays 02.00 p.m - 04.00 p.m