Sri Lankan Catholics Church Media

Sri Lankan Catholics Church Media

Comments

https://fb.watch/2V5PmyZidI/

Today Psalm (Respond & Acclaim)

'You will draw water joyfully from the springs of salvation'
https://fb.watch/2V5HP0zdrL/

සබත් දින පිලිතුරු ගීය.(ජනවාරි 10 වන දින 2021)
https://youtu.be/S_D5m-vmxlI

*TOGETHER WE ARE CAROLLING*🎄💚🎄

*CHRISTMAS CAROL SESSION FROM HOME*🎵🤘

Watch out the Full video, Subscribe Aiya Malli Records 🎶🔥
Specially dont forget to Like, Comment & Share This Video as much as possible! Hope You Will Enjoy and Sing along with us! 😇🙏🎄🎄

#StayHome #staysafeeveryone
නත්තල් සීයා එසේ නැතිනම් සාන්ත නිකලස් තුමා කියන්නේ කතෝලික සභාවේ සාන්තුවරයෙක්. එතුමාට නොගැලපෙන පරිදි අශෝබන රූගතකිරීම් ඇතුලත් වෙළද දැන්වීම් වලට කතෝලික අපගේ බලවත් විරෝධය.

කතෝලික කටයුතු බාර අමාත්‍ය තුමනි ඔබතුමාගේ අවධානය පිණිස .(ඊයේ දිනයේ මා පළකරන ලද මෙම පොස්ට් එකට කතෝලික කම ගැන උජාරුවට කතා කරන්න එක පුද්ගලයෙක් නැහැ කමෙන්ට් එකක් දන්න. ඇයි ලොකු කම්පැනිවලට බයේද ..? මහා ලොකුවට පාර්ලිමේන්තුවේ දී ඇමති කෙනෙක් මේ ලගදි කියනවා බයිබලයට අගෞරවයක් වෙන විදිහේ කතා කරන්න එපා කියලා ඒ වුනාට මේ වාගේ Tv Commercial යු ටියුබ් වල යද්දී ඇස් කන් වහා ගෙනද ඔයා මන්ත්‍රීවරුන් ඉන්නේ සල්ලි බලය නිසාද .. ?? මෙම වීඩියෝ සම්බන්ධයෙන් නිතිමය පියවරක් ගන්න තුරා කතෝලික කම තියෙන කෙනෙක් හැටියට දවසක් ගානේ මා මෙය පලකරනවා මුහුණ පොතේ
Jeremiah 29:11
"For I know the plans I have for you," declares the LORD, "plans to prosper you and not to harm you, plans to give you hope and a future." Add me on Facebook for more prayers and counselling.
https://www.youtube.com/watch?v=zTFNbFHcVnA අපේ කතෝලික සහෝදරයෙකුගේ වැඩක්.
මා ඊයේ එළි දැක්වූ කාලෝචිත ගීතිකාවක්...
https://www.facebook.com/sumitta.nayakathero report this account plz....
What will happen 21st April

ලාංකීක කිතුණු විශ්වාසය ලොවට විදහා දක්වන්න අප හා ඵක්වන්න ...

As a country and a nation to spread the word of the lord Jesus christ throught the world ...

Operating as usual

11/11/2021

2021 නොවැම්බර් 11
ශු. සුවිශේෂය
ශු. ලූක් 17:20-25

20“දෙවියන් වහන්සේගේ රාජ්‍යය කවර කලෙක පහළ වන්නේ දැ”යි පරිසිවරුන් ඇසූ බැවින්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඇසට පෙනෙන අයුරින් නොපැමිණෙයි. 21මෙ‍න්න මෙ‍තැන ය, අන්න අතැන යයි කිසිවෙකුට කිව නොහැකි ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ අතරෙහි ය”යි වදාළ සේක. 22උන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: “මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩ සිටින දවස්වලින් එකක් වුව ද දැකීමට ඔබ ආශාවන කාලයක් පැමිණෙයි; එහෙත් ඔබ එය නොදක්නාහු ය. 23‘අන්න, එතැන ය! මෙ‍න්න මෙ‍තැන ය!’යි ඔවුන් කියන කල, පිටත් වී එය පසුපස්සේ නොයන්න. 24අහසෙහි එක් දිශාවකින් පහළ වන විදුලිය අහසේ අනෙක් දිශාව දක්වා බබළන්නාක් මෙ‍න්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පහළ වන දවසේ දී බබළන සේක. 25එහෙත් පළමුකොට එතුමාණෝ බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුත්තාහ.

10/11/2021

2021 නොවැම්බර් 10
ශු. සුවිශේෂය
ශු. ලූක් 17:11-19

11ජේසුස් වහන්සේ ජෙරුසලම බලා යද්දී, සමාරිය හා ගලීලය මැදින් ගමන් ගත් සේක. 12උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, ලාදුරු රෝගීහු දස දෙනෙක් උන් වහන්සේට හමු වූ හ. 13ඔව්හු දුරින් සිට, “ජේසුස් වහන්ස, ආචාරීනි, අපට කරුණා කළ මැනවැ”යි හඬ නඟා කී හ. 14 උන් වහන්සේ ඔවුන් දැක, “ඔබ ගොස් පූජකවරුන් අබිමුවෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක. 15ඔව්හු එසේ යද්දී පවිත්‍ර වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් තමා සුව වූ බව දැක, මහ හඬින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් පෙරළා අවුත්, 16උන් වහන්සේගේ පාමුල වැඳ වැටී උන් වහන්සේට ස්තුති කෙළේ ය. ඔහු වනාහි සමාරීය ජාතිකයෙකි. 17ජේසුස් වහන්සේ කතා කරමින්, “දහ දෙනෙක් ම පවිත්‍ර වූවා නොවේ ද? අනෙක් නව දෙනා කොහේ ද? 18මේ විජාතිකයා හැර, දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස වෙන කිසිවෙක් හැරී ආවේ නැද් ද” කියා, 19ඔහුට කතා කොට, “නැඟිට යන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක.

09/11/2021

2021 නොවැම්බර් 09
ශු. සුවිශේෂය
ශු. ජොහන් 2:13-22

13 ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න ව තිබුණු බැවින්, ජේසුස් වහන්සේ ජෙරුසලමට වැඩම කළ සේක. 14එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක, 15ලණුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරළා දැමූ සේක. 16ඉන්පසු උන් වහන්සේ පරෙවි වෙළෙඳුන් අමතා, “මේවා අහකට ගෙන යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් නො කරන්නැ”යි වදාළ සේක. 17 “ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි”යි ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය. 18එකල ජුදෙව්වරු, “ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නෙහි දැ”යි ඇසූ හ. 19 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ දේව මාලිගාව කඩාදමන්න. තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි”යි වදාළ සේක. 20එවිට ජුදෙව්වරු කතා කොට, “මේ දේව මාලිගාව ගොඩනඟන්නට හතළිස් හය වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනඟන්නෙහි දැ”යි ඇසූ හ. 21එහෙත්, උන් වහන්සේ කතා කෙළේ, තමන්ගේ ශරීරය නමැති දේව මාලිගාව ගැන ය. 22උන් වහන්සේ මරණින් නැඟිටුවනු ලැබූ පසු, ශ්‍රාවකයෝ, උන් වහන්සේ මේ දේ කී බව සිහි කොට ශුද්ධ ලියවිල්ල ද උන් වහන්සේගේ වචනය ද විශ්වාස කළහ.

07/11/2021

2021 නොවැම්බර් 08
ශු. සුවිශේෂය
ශු. ලූක් 17:1-6

1උන් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරමින්, “මිනිසුන් පාපයට පමුණුවන හේතුන් ඇති වීම නියත ය. එහෙත් යමෙකු නිසා ඒ හේතු පැමිණේ ද, ඔහුට වන විපතක මහත! 2මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද, ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති. 3 කපරිස්සම් වන්න; ඔබේ සහෝදරයා පව්ළොත් ඔහුට තරවටු කරන්න; ඔහු පසුතැවී සිත් හරවා ගනී නම් ඔහුට කමා වන්න. 4දවසකට සත් වරක් ඔබට විරුද්ධ ව පව් කොට, සත් වරක් ඔබ වෙතට හැරී, ‘මම පසුතැවී සිත හරවා ගතිමි’යි කීවොත්, ඒත් ඔහුට කමා වන්නැ”යි වදාළ සේක. 5එවිට ප්‍රේරිතයෝ කතා කොට, “අපේ ඇදහිල්ල වැඩි කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට කී හ. 6සමිඳාණන් වහන්සේ කතා කොට, “අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇති ව, මේ ඇඹිල්ල ගහට, ‘ඉදිරී ගොස්, මුහුදේ පැලවෙව’යි කියන්නහු නම්, එය ඔබට කීකරු වනු ඇත.

2021 නොවැම්බර් 07
ශු. සුවිශේෂය
ශු. මාක් 12:38-44

38උන් වහන්සේ සිය අනුශාසනාවේ දී කතා කරමින්, “විනයධරයන්ගෙන් පරෙස්සම් වන්න. ඔව්හු දිග උතුරු සළු හැඳ සක්මන් කරන්න ද වෙළෙඳපොළවල දී ගෞරවාචාර ලබන්න ද ප්‍රිය වෙති; 39ධර්මශාලාවල දී මූලාසනවලටත්, මංගල භෝජනවල දී සම්භාවනීය ආසන ලබන්ටත් ප්‍රිය වෙති; 40වැන්දඹුවන්ගේ ගේදොර කාදමති; පෙනුමට දිගින් දිගට යාච්ඤා කරති; මොවුහු වඩාත් බරපතල දඬුවමක් ලබති”යි වදාළ සේක.
41උන් වහන්සේ දේව මාලිගාවේ මුදල් ගබඩාව ඉදිරියේ වැඩ හිඳ සෙනඟ එයට මුදල් දමනු බලා හුන් සේක. ධනපතීහු බොහෝ දෙනෙක් බොහෝ මුදල් දැමූ හ. 42එක් දිළිඳු වැන්දඹුවක් අවුත්, සතයක් පමණ වටිනා තඹ සල්ලි දෙකක් දැමුවා ය. 43උන් වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, “සැබැවින් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව ගබඩාවට මුදල් දැමූ අනික් හැම දෙනාට ම වැඩියෙන් දැමුවා ය. 44ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටිය දීත් සිය දිවිපෙවෙත සඳහා තිබුණු මුළු වත්කම ම දැමුවා ය”යි වදාළ සේක.

06/11/2021

2021 නොවැම්බර් 06
ශු. සුවිශේෂය
ශු. ලූක් 16:9-15

9“එබැවින් මම ඔබට කියමි, ලෞකික වස්තුවෙන් මිතුරන් සපයාගන්න; වස්තුව නිම ව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත. 10අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි. 11එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාස ව නොසිටියාහු නම් සැබෑ වස්තුව ඔබට භාර දෙන්නෝ කවුරු ද? 12අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද? 13 ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසි සේවකයෙකුට නුපුළුවන; මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර කරන්නේ ය; අනෙක් අයට ප්‍රේම කරන්නේ ය. නොහොත් එක් කෙනෙකුට ලැදි වන්නේ ය; අනික් අය හෙළා දකින්නේ ය. දෙවියන් වහන්සේට හා වස්තුවට එකවිට ම සේවය කරන්නට ඔබට බැරි ය.” 14පරිසිවරු ධනලෝභී අය වූ හෙයින් මෙ‍වදන් අසා උන් වහන්සේට සරදම් කළහ. 15එවිට උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක. “ඔබ නම් මිනිසුන් ඉදිරියෙහි ඔබගේ ම දමිටුකම ගැන පාරට්ටු කරගන්නා අය ය; එහෙත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් දන්නා සේක. මනුෂ්‍යයන් විශිෂ්ට යයි සලකනු ලබන දෙය දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි.

05/11/2021

2021 නොවැම්බර් 05
ශු. සුවිශේෂය
ශු. ලූක් 16:1-8

1ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: “එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ. 2එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා, ‘ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක් ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අය වැය මට භාර දෙන්න; මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකි ය’යි කී ය. 3ගබඩාකාරයා ද, ‘මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස්කරන්නට යන නිසා මම කුමක් කරම් ද? බිම් කෙටීමට මට ශක්තිය නැත; හිඟාකෑමට ලජ්ජා වෙමි. 4ගබඩාකාර නිලයෙන් මා අස් කළ විට මිනිසුන්ගේ ගෙවල ඉඳුම්හිටුම් ලබාගැනීමට කළ යුතු දේ මම දනිමි’යි සිතින් සිතාගත්තේ ය. 5මෙ‍සේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක්කෙනා බැගින් කැඳවා, පළමුවැනියාට කතා කොට, ‘මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. 6‘තෙල් පීප්ප සියයකැ’යි ඔහු කීවේ ය. ගබඩාකාරයා කතා කොට, ‘ඔබේ බිල ගෙන වහා ම හිඳගෙන පණසක් කියා ලියන්නැ’යි ඔහුට කී ය. 7තවත් කෙනෙකුගෙන්, ‘ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. ‘තිරිඟු බුසල් දහස කැ’යි ඔහු කී ය. ‘ඔබ බිල ගෙන අට සියයක් කියා ලියන්නැ’යි ඔහුට කී ය. 8ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.

04/11/2021

2021 නොවැම්බර් 04
ශු. සුවිශේෂය
ශු. ලූක් 15:1-10

1 එක් දිනක් සියලු අයකැමියෝ ද පව්කාරයෝ ද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන් වහන්සේ සමීපයට ආහ. 2පරිසිවරු ද විනයධරයෝ ද කතා කොට, “මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේ ය, බොන්නේ ය”යි මැසිවිලි කීවෝ ය. 3එවිට උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: 4“ඔබ අතුරෙන් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක්, උන්ගෙන් එකෙකු නැති වුවහොත්, අනූ නව දෙනා පාළුකරයෙහි හැරදමා, නැති වූ එකා පසුපස්සේ ගොස්, ඌ සම්බ වන තුරු සොයන්නේ නැද් ද? 5ඒ බැටළුවා සම්බ වූ විට ඔහු ප්‍රීති වෙමින්, ඌ කර තබාගෙන, 6ගෙදර අවුත් මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න, මාගේ නැති වූ බැටළුවා සම්බ වී ය’යි ඔවුන්ට කියයි. 7එලෙස ම පසුතැවී සිත් හරවා ගැනීමට වුවමනා ව නැතැ යි සිතන සිල්වතුන් අනූ නව දෙනෙකුට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කාරයකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.” 8තවද උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: “රිදී කාසි දසයක් ඇති කවර ස්ත්‍රියක හෝ ඉන් එකක් නැති වුවහොත් පහනක් දල්වා, ගෙය අතුගා, එය සම්බ වන තුරු අස්සක් මුල්ලක් නෑර ඕනෑකමින් සොයන්නේ නැද් ද? 9එය සම්බ වූ විට ඈ මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න; මාගේ නැති වූ රිදී කාසිය සම්බ වී ය’යි ඔවුන්ට කියන්නී ය. 10එලෙස ම පසුතැවී සිත හරවා ගන්නා වූ එක පව්කාරයකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”

02/11/2021

2021 නොවැම්බර් 03
ශු. සුවිශේෂය
ශු. ලූක් 14:25-33

25තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමඟ ගමන් ගත්හ. උන් වහන්සේ හැරී ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: 26 “මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාට ද මවට ද භාර්යාවට ද දරුවන්ට ද සහෝදරයන්ට ද සහෝදරියන්ට ද තමාගේ ම ජීවිතයට වුව ද ප්‍රේම කරන්නේ නම්, ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය. 27 කුරුසිය දරා ගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය. 28ඔබ අතුරෙන් යමෙක් මුර අටල්ලක් ගොඩනැඟීමට අදහස් කරයි නම්, එය නිම කරලීමට කොතරම් වියහියදම් ඇද්දැ යි පළමුකොට හිඳ ගණන් නො බලන්නේ ද? 29එසේ නොකළොත්, අත්තිවාරම දමා ඒ අටල්ල නිමකරන්නට නොහැකි වූ විට, එය දකින සියල්ලන්, 30‘මේ මිනිසා ගොඩනඟන්නට පටන්ගත් නමුත් නිම කරන්නට ඔහුට බැරි වී යයි කියා සරදම් කරනු ඇත. 31තවද, තමන්ට විරුද්ධ ව විසි දහසක් රැගෙන යුද පිණිස එන රජෙකුට මුහුණ පෑමට දස දහසක් රැගෙන යා හැකි දැ යි පළමුකොට හිඳ නොවිමසන කිසි යම් රජෙක් ඇද් ද? 32එසේ කළ නොහැකි නම්, ඔහු ඒ රජ දුර සිටිය දී ම, රාජ දූතයන් යවා, සාම ගිවිසුමක් ඉල්ලා සිටිනු ඇත. 33එමෙ‍න් ම ඔබ අතුරෙන් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු වන්නට බැරි ය.”

Videos (show all)

Elliot Rowel's Special Christmas Radio Program
Feliz Navidad (Christmas Special) SLCCM
Kalakata pera a(කලකට පෙර ඒ) RED
Raa tharu Babalanawa(රැ තරු බබලනවා)|senu hadin lowaI(සීනු හඩින්)
It's Beginning to Look a Lot Like Christmas /White Christmas Mashup
[Official Video] Carol of the Bells SLCCM
Namo Mariyani (නමෝ මරියනී) SLCCM
Bethlehem Pure (බෙත්ලෙහෙම් පුරේ) SLCCM COVER SONG
Pini Poda Asiri | පිනි පොද ආසිරි | Christmas Song By SLCCM
Mary Did You Know | SLCCM
Silent night රැයක අදුර Mashup Version official
පාස්කු ප්‍රහාරයෙන් නැසිගිය අප සහෝදරසහෝදරියන් සිහිපත් කරමු

Location

Address

Colombo
Other Religious Organizations in Colombo (show all)
Siri Wijayasiriwardanaramaya Siri Wijayasiriwardanaramaya
Na \ Arawwala Road, Pannipitiya
Colombo

Gurdwara Colombo - Sri Guru Nanak Darbar Gurdwara Colombo - Sri Guru Nanak Darbar
50A, Sarasavi Lane, Colombo 0800
Colombo, [email protected]

Sikh Temple in Colombo. Sri Guru Nanak Dev Ji Foundation [email protected] Hazoori Ragi Jatha contact : +94 (77) 609 7795 +94 (77) 609 7086

Ceylon Christian Ceylon Christian
Colombo

Srilanka Christian network

International Islamic Institute of Sri Lanka International Islamic Institute of Sri Lanka
37, 32nd Lane Wellewatte
Colombo, 00600

A Renowned & Prestigious Religious Institute in the Pearl of the Indian Ocean!

IPDA Colombo Centro IPDA Colombo Centro
Rua Pedro Pavin 1378
Colombo

Casa do Senhor...�

Arrows Arrows
Colombo

Arrows is the Youth Church of Colombo Gospel Tabernacle Tamil. Fellowships: 2nd & 4th Sundays of the month

CSR Sri Lanka CSR Sri Lanka
No: 281, Deans Road, Colombo 10.
Colombo

සාමාජීය සහ සාමයික කේන්ද්‍රය.

Revival Gospel Ministries Revival Gospel Ministries
415/1/2, Srimavo Bandaranayake Mawtha ( Prince Of Wales Av),Grandpass,Colombo-14,Sri Lanka.
Colombo, 01400

CHANGING LIVES,RESTORING FAMILIES & TRANSFORMING NATIONS BY MAKING DISCIPLES OF THE LORD JESUS CHRIST.

Gethsemane Gospel Church Thotalanga Gethsemane Gospel Church Thotalanga
270, Ferquson Road
Colombo, 00150

St. Lucia's Cathedral Colombo 13 St. Lucia's Cathedral Colombo 13
St. Lucia's Cathedral, Kotahena, Colombo 13, Sri Lanka
Colombo

This is the Official page of St. Lucia's Cathedral Colombo 13. Purpose is to promote the devotion to St. Lucy and other devotions.

ජීවිතාලෝකය - Jeevithalokaya (Sri Lanka) ජීවිතාලෝකය - Jeevithalokaya (Sri Lanka)
120A Dharmapala Mawatha
Colombo, 00700

බයිබලය තුලින් යෙසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ ගැඹුරු දෛනික සම්බන්ධතාවයකට ජනතාව යොමු කිරිම

All Ceylon Buddhist Congress - Sinhala All Ceylon Buddhist Congress - Sinhala
Bauddhaloka Mawatha
Colombo, 00700

In 1919 ACBC specified as a special organization linkup with all other Buddhist Associations in Sri Lanka to ensure the stability of Buddhism, specially dedicated to protect and promote Buddhism not only in Sri Lanka but also in other countries as well.