Sadaham Suwada

Sadaham Suwada

Comments

Gm..
නමෝ බුද්ධාය..!
(`*•.¸(`*•.¸,, ¸.•*´)¸.•*´)
«´ •.* තිළිණ *• `»
(¸.•*´(¸.•*´`* •.¸)`*•.¸)
පින්වත් ඔබට සුභම සුභ උදෑසනක්වේවා ..!
පිංබර වාසනාවන්ත දිනයක් වේවා ..!
ඔබටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී දිර්ඝායු වේවා ..!
අනන්තවු තුණුරුවන් ගුණ බලයෙන් පින්වත් ඔබගේ කායික,මානසික විඩාවන් පීඩාවන් පහවියේවා..!
සිතෙහි සතුට සැනසීම නිරතුරුවම වැඩිදියුණුවේවා..!
සියලුම දෙවියන් නිරතුරුවම ඔබව ආරක්ෂා කරෙවා..!
සාදු..! සාදු..!! සාදු...!!!.
අද දවස පුරාවට පින්වත් ඔබගේ සිතෙහි දාන,ශීල,භාවනාදි බොහෝ කුශල චේතනාවන් වැඩෙවා..!
ශීලයෙන් වැඩෙවා..!
සමධියෙන් වැඩෙවා..!
ප්‍රඥාවෙන් වැඩෙවා..!

තෙරුවන් සරණයි....!!!
සුබ රාත්‍රියක් වේවා මගේ යාළුවනේ

Sadaham Suwada Lowa Pura Pethirewa!!!!

11/09/2021

කකුල ඉදිමුණත් කමක් නෑ.. ඔළුව ඉදිමෙන්නේ නැතුව !

අවසන අසනීපයෙන් ඔත්පල වූ පැළැණේ නායක ස්වාමීන්ද්‍රයන් ගේ දෙපා මඳක් ඉදිමිණ.

" නායක හාමුදුරුවනේ කකුල් දෙක ටිකක් ඉඳිමිලා වගේ" යි, උන් වහන්සේ ගේ සුවදුක් බලන්නට ආ තෙර නමක් කණගාටු විය.

එහෙත් නා හිමියන් ගේ ක්ෂණික පිළිතුර වූයේ,

" ඒකට කමක් නැහැ, ඔළුව තාම ඉදිමුණේ නැහැ නේ" යනු යි.

- ඩේවිඩ් කරුණාරත්න සූරීන් -

© සංගායනා

09/07/2021

ධර්ම චක්‍රය ද? නැවේ සුක්කානම ද?

මහජනතාව විසින් ජාතික රාජ්‍ය සභාවේ නියෝජිතයකු හැටියට පත් කැරැගන්නා ලද ජේ. ආර්. ජයවරධන මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට හා එයින් ජනාධිපති ධුරයට ද පත් වීම ගැනත් ජනාධිපති ධජයෙහි ධර්‍මචක්‍රය යෙදැවීම ගැනත් සතුට ප්‍රකාශ කරන අතර අභිනව ජනාධිපතිතුමාට තෙ රුවන් සරණින් දිගාසිරි වේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කෙරෙමි.

ඒ සේ ම රටෙහි සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රශ්න රාශියක් විසඳන්නට තිබෙන කාලයෙකැ ධර්මචක්‍රය නිසා අතිරේක ප්‍රශ්නයක් මතු කිරීම කරදරයක් ලෙස නොසිතන මෙන් කරුණාවෙන් දන්වමි. ජනාධිපතිතුමා තිබෙන පනත් සංශෝධනය කෙරෙමින් අලුත් පනත් සම්මත කෙරෙමින් පසු ගිය කාලවල සිදු වූ වැරැදි නිවැරැදි කැරැගනිමින් ඉදිරියට යන බව ප්‍රකාශ කරන දේශපාලනඥයෙකි.

එ හෙයින් ජනාපධිපති ධජයෙහි යොදෙන ධර්මචක්‍රයෙහි දැති හෙවත් ගරාදි පිටට පැන තිබීම වැරදි බව පුවත්පත් මඟින් පෙන්වා දුන් අවස්ථා වෙහි ජනාධිපතිතුමා ක්‍ෂණික වැ ක්‍රියා කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කළ බවත් ඒ මහ උගතුන් එය වැරදි නැතැ යි ප්‍රකාශ කළ බවත් පුවත්පත්හි සඳහන් විය.

චක්‍රය නම් රෝදය යි. හය හතර දන්නා ළමයා පටන් මහල්ලා දක්වා හැම දෙනා ම රෝදය දැකැ හඳුනන බ කිව මනා නො වේ. තෙවළා පෙළ අටුවාවන්හි ‘චක්ක’ (චක්‍ර) ශබ්දය නොයෙක් නැත සඳහන් වෙතත් චක්‍ර හතරක් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වැ ඇත. චක්කවත්ති සීහනාද සූත්‍රාදිය අනු වැ නිර්මාණය කරන ලද රත්නචක්‍ර හෙවත් චක්‍රරත්න යැ, ලක්ඛණ සූත්‍රය අනුවැ නිර්මාණය කරන ලක්‍ෂණචක්‍රය හෙවත් චක්‍රලක්‍ෂණ යැ, ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනුවැ නිර්මාණය කරන ලද ධර්මචක්‍ර යැ, පටිච්චසමුප්පාදය අනුවැ නිර්මාණය කරන ලද සංසාරචක්‍ර යැ යන චක්‍ර සතර ය. මෙයින් ධර්මචක්‍රය කුමක් දැ යි පළමු වැ පැහැදිළි කෙරෙමි.

ධම්මචක්කප්පවත්තන යන්නෙහි ‘ධම්ම’ නම් ප්‍රතිවෙධ ඥානය හා දේශනා ඥානය යන දෙ නුවණ යි. ‘චක්ක’ නම් රොදය යි. ‘පවත්තන’ ප්‍රවර්තනය යි, පෙරළවීම යි. බරණැස ඉසිපතනයේ දී බුද්ධත්වයෙන් අවබෝධ කැරැගත් වතුරාර්ය සත්‍යය ශ්‍රාවක පසවග තවුසට දේශනා කළ සේක. අවබෝධ කැරැගත් චතුරාර්ය සත්‍ය ඥානය තමන් වෙතින් ශ්‍රාවකයන් වෙත චක්‍රයක් ප්‍රවර්තනය කරන්නාක් මෙන් හෙවත් රෝදයක් පෙරළවා යවන්නාක් මෙන් පත් කිරීම යි ඉන් ගම්‍ය වනුයේ.

මේ ධර්මචක්‍රය පළමු වරට මූර්තිමත් කළේ ධර්මාශෝක රජතුමා ගේ කාලයෙහි යැ ය කිව යුතු ය. අශෝක ස්තම්භයන්හි ඇති චක්‍ර එයට සාධක ය. එය සම්පුර්ණ චක්‍රයෙකි, රෝදයකි. එහි ගරාදි විසි හතරක් ඇත. ඒ චතුරාර්ය සත්‍යයට අයත් කරුණු විසිහතර දැකිවීමට ය. එ නම්, ජාතිපි දුක්ඛා යනාදි දුඃඛ සතය්‍යයට අයත් කරුණු දොළහ ද සමුදය සත්‍යයට අයත් කාමතණ්හා ආදී තෘෂ්ණාත්‍රයය ද නිරොධ සත්‍යයට අයත් නිර්වාණය හා මාර්ග සත්‍යයට අයත් ආර්ය - අෂ්ටාංගික මාර්ගය දැ යි යන විසි හතර යි. පසු වැ චක්‍රයෙහි ගරාදිවල අඩු වැඩිකම් ඇති වුවත් චක්‍රකාය නම් වෙනස් වී නැත.

2500 බුද්ධ ජයන්තිය නිමිති කොට භාරත රජය විසින් මුද්‍රණය කරවන ලද The way of Buddha නමැති පින්තූර පොතෙහි 80 වැනි පිටුවෙහි නාගාර්ජුන කොණ්ඩයට ද, 82 වැනි පිටුවෙහි සාංචියට ද, 83 වැනි පිටුවෙහි සාරනාථයට ද, 94 වැනි පිටුවෙහි භාරුතයට ද, 129 වැනි පිටුවෙහි ම ථුරාවට ද, 137 වැනි පිටුවෙහි සාරානාථයට ද, 154 වැනි පිටුවෙහි අමරාවතියට ද අයත් ධර්මචක්‍ර දක්නට ඇත. එවාහි ගරාදි ප්‍රමාණයේ හා වටරවුමේ මඳ වෙනස්කම් ඇතත් චක්‍රාරයෙහි නම් වෙනසක් නැත. චක්‍රාකාරයෙහි වෙනසක් නැතත් නේමියෙහි හෙවත් වට රවුමෙහි මඳ වෙනස්කම් ඇති වී තිබෙන්නේ කලාකරුවන් ගේ මිථ්‍යානුකරණයෙන් යැ යි කිව හැකි වේ.

චක්‍රරන්තයෙහි පිරිවර වශයෙන් සේසත් සියයක් ද මල් පෙති හා අඩයටි ද සඳහන් වේ. ඒ අනුවැ චක්‍රරත්නයෙහි වට රවුමට පිටින් වටේට ඡත්‍ර ද, මල්පෙති හා අඩයටි ද එකතු කරන ලදි. බෞද්ධයන් අතර ද ගෞරවයට ඡත්‍ර දැරීම සිරිතක් විය. මුල් කාලයෙහි ප්‍රතිමාකරණය නොතුබුණු නිසා බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන්නට බොධිය, ශ්‍රී පාදය හා ධර්මචක්‍රය යොදා ගන්නා ලදි. ශ්‍රී පාදය කෙටූ ගලෙහි ගෞරයවට ඡත්‍රයක් ද යොදා ඇත. ධර්මචක්‍රයට ද ගෞරවය සඳහා ඡත්‍රයක් නංවන්නට ඇති බව ගල් කැටයම් අනු වැ සිතාගත හැකි ය. මුල දි ධර්‍මචක්‍රයට උඩින් එසැවු ඡත්‍රය පසු වැ සේසත්වලින් අලංකෘත චක්‍රරත්නය දෙස බලා ම්ථ්‍යානුකරණයෙන් ධර්මචක්‍රය වටේට ද ජත්‍ර යොදන්නට ඇත. එ සේ වුවත් චක්‍රයෙකැ හෙවත් රෝදයෙකැ ස්වරූපය වෙනස් කො නැත.

ඓතිහාසික පුරාණ ම චක්‍රය නම් බුදුරජාණන් වහන්සේ ගේ යටි පතුල්හි ස්වභායෙන් පිහිටි චක්‍ර ලක්‍ෂණය යි. බුද්ධ ශරීරයෙහි පිහිටි ලක‍්‍ෂණයක් නිසා බාහිර අලංකාරයට කවුරුන් හෝ දිරිපත් වී නැත. පටිච්චසමුප්පාදය අනුවැ ඇති සංසාර චක්‍රය ද වෙනස් වී නැත. පැරැණියන් ධර්මචක්‍රයෙහි වුවමනා නැති අලංකාරයන් සඳහා ඡත්‍රාදිය යෙදුවත් චක්‍රයෙහි ස්වරූපය වෙනස් කළේ නැත.

ධර්මචක්‍රයෙහි ගරාදි කොන් පිටට පන්නා පිළියෙළ කිරීම මෑතක දී පටන් ගන්නා ලද්දෙකි. මුළු ලෝකය ම පිළිගත් ලංකා පුරාවිද්‍යාඥයා වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කොන් පිට පැන්නීම පිළි ගත්තේ නැත. ධර්මචක්‍රය රෝදයක් හැටියට ම තිබිය යුතු බව පැහැදිළි වැ ම ප්‍රකාශ කළේ ය. වෙනත් උගතුන්ද මෙය වැරැදි බව නොයෙක් වර ප්‍රකාශ කොට ඇත.

භාරතයට නිදහස ලැබුණු අවස්ථාවෙහි පිළියෙළ කළ ජාතික ධජයේ මැදට යෙදුවේ ධර්මචක්‍රය යි. පුරා විද්‍යාවේ මහ උගතුන් කියන සාංචි භාරුත් අමරාවතී ආදි ස්ථානයන්හි ඇති විකාශනය වූ චක්‍ර භාරතයෙහි ශ්‍රී නේරු තුමා ආදි උගත් හු නො දැක්කාහු නොදත්තාහු නො වෙති. ඔවුන්ට වුවමනා වූයේ විකාශිත චක්‍ර නො වැ ධර්මචක්‍රය යි.

අභිනව ජනාධිපතිතුමාට වුවමනා වූයේ ද ජනාධිපති ධජයේ මැද ධර්ම චක්‍රය යෙදීම යි. විකාශිත චක්‍ර යෙදීම නො වේ. පරණ වැරැදි හරිගස්සා ගෙන ඉදිරියට යන්නට ඉටාගෙන ක්‍රියා කරන ජනාධිපතිතුමා ධර්මචක්‍ර සටහනෙහි ද වැරැදි හරිගස්සා ගන්නට පුරාවිද්‍යාවේ මහ උගතුන් ගෙන්වා ගෙන කතා කළ විට එය නිවැදි ය යි කීමේ වරද ධර්මචක්‍රය හඳුනන තරමට වත් බණ දන්නා, එ සේ ම බර කරත්තකරු ගේ පටන් රෝදය හඳුනන හැම දෙන‍ා ම පිළගෙන අවසාන ය. ටිබටයෙහි තුබුණත් තූත්තුකුඩියෙහි තුබුණත් වදර වරද ම යි.

ඡත්‍ර කියා හෝ අඩයටි කියා හෝ කොන් පිටට පන්නා තිබේ නම් එය ධර්‍මචක්‍රයක් හෝ රෝදයක් හෝ නො වැ නැවේ සුක්කානම ය යි කිව යුතු වේ. විකට හෙවත් විහිළු චිත්‍ර අඳින ශිල්පියකු පසුගියදා පුවත් පත්වල පළ කැරවු විකට චිත්‍රවල ද ජනාධිපතිතුමා ධර්මචක්‍ර යන නම යෙදු නැවේ සුක්කානම අල්ලාගෙන සිටින චිත්‍ර දෙස බලන කෙනකුට වුව ද ධර්මචක්‍රයට කර ලද විහිළුව වටහාගත හැකි වේ.

ශ්‍රි ලංකා ජනාධිපතිතුමනි, බුද්ධ ධර්මය ලොව පුරා සැහෙන තරම් පැතිරී ඇත. බොහෝ උගත්තු ධර්මචක්‍රය හඳුනති. හය හතර දන්නා හැම දෙනා ම රෝදය හඳුනති. ජනාධිපති මන්දිරයට පැමිණෙන එ බඳු උගතුන් විශේෂයෙන් භාරතයෙන් එන උගතුන් ඔය ධර්මචක්‍රය දුටු විට වචනයෙන් යමක් නො කීවත් මහත් විහිළුවට ලක් කරනු ඇත.

ශ්‍රි ලංකා ජනාධිපතිතුමනි, ඔබතුමා බුද්ධ ධර්මය දන්නා කෙනෙකි. ධර්මචක්‍රය හා රෝදය ද හඳුනන කෙනෙකි. එ හෙයින් ධර්මචක්‍රයෙහි කොන් අට ඡත්‍ර ය යි කියන විහිළු කතාව බාර නො ගෙන ජනාධිපති ධජයෙහි නියම ධර්මචක්‍රය යොදන මෙන් කරුණාවෙන් දන්වන අතර ජනරජ ලාඤ්ඡනයෙහි යොදා තිබෙන වැරැදි ධර්මචක්‍රය ඉවත් කොට නියම ධර්මචක්‍රය යොදන මෙන් කරුණාවෙන් දන්වමි.

දිනමිණ 1978.02.14

08/05/2021
11/04/2021
17/03/2021
20/12/2020

සාදු සාදු සාදු!!!

සාදු සාදු සාදු!!!

18/12/2020
14/12/2020
10/12/2020
29/11/2020

මෙත් බෝසත් විවරණය සිදු වු ඉල් පොහොය
.
ඉල් පුර පසළොස්වක පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන දිනයයි. සම්බුද්ධ ශාසන ඉතිහාසය දෙස විමසා බැලීමේදී ඓතිහාසික ශාසනික සිදුවීම් කිහිපයකට මුල් වූ දිනයක් ලෙස ඉල්පොහොය දිනය හඳුන්වා දිය හැකිය.

ඒ අතර මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වු මහරහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනයවීම, චීවර මාසයේ අවසන් පොහොය දිනයවීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනයවීම සහ අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන්පෑම යන කරුණු නිසා ඉල් පොහොයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි.

වප් පොහොය දිනෙක මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පිරිවර සමඟ අප ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. ඔවුන් එසේ පැමිණියේ දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීම හා බුදුරදුන් හා සැරියුත් හිමියන් අතර වු ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් පසුවයි. වස්සාන සමයේ අවසාන භාගයෙහි මෛත්‍රෙය බෝධි සත්ත්වයන්වහන්සේ තමාට වස්සාවාසික චීවර ලෙස ලැබුණූ අගනා වස්ත්‍ර යුගලය බුදුරදුන් වෙත පුදා එකත්පසෙක වැඩ සිටියහ. ඒ ඉල් පොහොය දිනෙකය. එම වස්ත්‍ර යුගලයෙන් එකක් ගෙන බුදුරදුන් වැඩ සිටි ගඳකිලියෙහි වියනක් කොට පිදු අතර අනෙක් තීරු වශයෙන් ඉරා මහ වියන් කෙළවර එල්ලා බැඳ පිදූහ. පසුව බුදුරජාණන් වහන්සේ මෙම මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ අමතා “ඔබ වනාහි මේ මහා භද්‍ර කල්පයෙහිම මෛත්‍රෙය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි යැ”යි නියත විවරණ දුන් සේක. නියත විවරණ ලැබීම යනු බුදුවීම සඳහා පෙරුම් පුරන බෝසත්වරයෙකු තමා අනාගතයෙහි බුදුවන බවට බුදුරජාණන් වහන්සේ නමක් හමුවෙහිදි ලබාගන්නා ස්ථිර ප්‍රකාශයයි.

මේ අනුව බුදුරජාණන් වහන්සේලා පස් නමක ගෙන් සමන්විත මෙම මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට බුද්ධත්වය ලබනුයේ මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේය. චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි කියවෙන පරිදි එතුමන් උපදින්නේ බරණැස් නුවර කේතුමතී නම් රාජධානියෙහි”කේතුමතී’ නම් නගරයෙහිය. මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ පිළිබඳ සෑහෙන ප්‍රමාණයක් විස්තර ඇතුළත් වන්නේ “අනාගත වංස” සහ “බුද්ධවංස” යන පාලි භාෂාවෙන් රචිත පොත්වලය. ඒ හා බොහෝ සෙයින් ගැලපෙන කරුණු පූජාවලිය, සද්ධර්මරත්නාවලිය යනාදි ග්‍රන්ථවල ඇතුළත් වී තිබේ. පුරාතන මෛත්‍රය වර්ණනාව තුළ කියවෙනුයේ මෙම මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිය හැකිවන්නේ කෙබඳු අයටද, පැමිණීමට නොලැබෙන්නේ කෙබඳු අයට ද යන කරුණුය. පංචානන්තරිය අකුසල කර්ම කළ තැනැත්තන් ඇතුලු බරපතළ අකුසල කර්ම කළ අයට උන්වහන්සේ දක්නට නොලැබෙයි.

බුද්ධ ශාසනය තුළ පස් නමකගෙන් ඇරැඹි භික්ෂූ සමාජය කෙමෙන් කෙමෙන් වර්ධනය වී රහතන් වහන්සේ සැට නමක් බවට පත් විණ. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව ඉල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළහ.

චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං , මා එතෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදි කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සබ්‍යඤ්නං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්ම චරියං පකාසෙථ

මහණෙනි, ලොවට අනුකම්පා පිණිස,දෙවි මිනිසුන් ගේ හිත පිණිස සුව පිණිස දියුණුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනෙකු එක මගින් නොයන්න. මෙම දහම මුල මැද අග යහපත් වූවකි.අර්ථ සහිතවු හාත්පසින් සම්පූර්ණ වු පිරිසුදු වු සසුන් බඹසර ලොවට ප්‍රකාශ කරන්න.

මෙසේ මුල් පොහොය දිනෙක ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත චාරිකාවේ පිටත්කොට බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වැඩම කළහ.

එකල උරුවෙල් දනව්වේ ජටිල සොහොයුරෝ තිදෙනෙක් වූහ. මේ අතරෙන් පන්සියයක් පිරිවර සමඟ උරුවේල කාශ්‍යපද තුන්සියයක් පිරිවර සමඟ නදී කාශ්‍යපද දෙසීයක පිරිවර සමග ගයා කාශ්‍යපද වාසය කළහ.උරුවේලාවේ නේරංජනා නදිය සමීපයේ ආරාමයකින් ඉදිකරවාගෙන විසු ඔවුහු මානයෙන් උදම්ව සිටියහ. බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ ආරාමයට වැඩමකොට එහි රැය පහන් කිරීමට නවාතැනක් ඉල්ලා සිටියහ. එහෙත් එහි නවාතැන් දීමට අකැමැතිබව උරුවේල කාශ්‍යප බුදුරදුන්ට ප්‍රකාශ කළේ ඊට හේතුද දක්වමිනි. එනම් ඉඩකඩ ඇති එකම ස්ථානය ගිනිහල්ගෙය පමණක් වීමත්, එහි දරුණුූ නාගයෙකු වාසය කිරිමත්ය. නාගයෙකු සිටීම තමන් වහන්සේට ගැටලුවක් නොවන බව බුදුරදුන් සඳහන් කළ විට එසේ නම් නවාතැන් ගැනීම කෙරෙහි තමාගේ බාධාවක් නොමැතිබව උරුවේල කාශ්‍යප ප්‍රකාශ කළේය.

ඉක්බිතිව බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩමකොට එහි තණ ඇතිරියක හුන්සේක. නාගරාජයා බුදුරදුන් දැක කිපී විෂ දුම් පිට කළේය. බුදුරජාණන් වහන්සේ ඍද්ධි බලයෙන් පෙරලා දුම් විහිද වූහ. නාගරාජයා ක්‍රෝධ ගින්නෙන් වෙලී දිලිසුණු අතර බුදුරදුන් ඍද්ධිමය ගින්නෙන් බැබලුණි. මුලු ගිනිහල් ගෙයම ගින්නෙන් වැසී ගත්තාක් මෙන් දිස් වුණි. ජටිල පිරිස එය දැක මහා ශ්‍රමණයන් වහන්සේට නාගයා බෙහෙවින් පීඩා පමුණුවා ඇතැයි, සිතූහ. රැය පහන් වු පසු බුදුරජාණන් වහන්සේ ඔද සිඳීගිය නාගරාජයා ස්වකීය පාත්‍රයෙහි දමා උරුවේල කාශ්‍යප වෙත පෙන්වූහ. හෙතෙම එය දැක ප්‍රකාශ කෙළේ “ මහා ශ්‍රමණයන් වහන්ස, ඔබ නාගයින් දමනයෙහි දක්ෂය. එහෙත් මා සේ රහත් බවට පත්ව නැතැ”යි යනුවෙනි. මෙකී තුන්බෑ ජටිල පිරිසම තමන් රහත්. , යන මානයෙන් මුලා වී සිටි අතර එම වැරැදි මානය දුරු කොට නිවන් මගට ඔවුන් යොමු කරවීම බුදුරදුන්ගේ එකම අපේක්ෂාව විය. එබැවින් බුදුරදුන් ඔවුනගේ මානය දුරු කිරීමට තුන් දහස් පන්සිය දහසක් ප්‍රාතිහාර්ය පා වදාළ බව සඳහන්ය. ඒ දැක උරුවේල කාශ්‍යප බුදුරදුන් කෙරෙහි බෙහෙවින් ප්‍රසාදයට පත්ව පන්සියයක් වු ස්වකීය අතවැසි පිරිසද සමඟ පැවිදිවූහ. පැවිදි වු ඔවුහු පසුව ජටා මඩුලු හා තවුස් පිරිකර නේරංජනා නදියෙහි පාකර යැවූහ. ගඟෙහි පාවි යන තවුස් පිරිකර දැක නදී කාශ්‍යප තවුසා වහා කලබලයට පත්ව ස්වකීය වැඩිමහලු සොහොයුරා ප්‍රමුඛ අතවැසි පිරිසට අනතුරක් සිදුවී දැයි, සොයා බලනු පිණිස වහ වහා තම පිරිවරද කැටිව පැමිණියහ. එහිදී ඔවුන් පැවිදි වී සිටිනු දැක තමාද කරුණුූ විමසා ස්වකීය පිරිවර සමඟ බුදුරදුන් වෙතින් ධර්මය අසා පැහැදි පැවිදි වූහ. ගඟෙහි පාවීයන තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යප ප්‍රමුඛ පිරිසද නදි කාශ්‍යප සේම කලබලයට පත්ව දිව අවුත් තත්ත්වය වටහාගෙන බණ අසා පැවිදි වූහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙකී දහසක් පමණ වු ජටිල භික්ෂූන් වහන්සේලාද පිරිවරාගෙන ගයා පෙදෙසට වැඩම කළහ. එහිදි බුදුරදුන් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝම රහත්භාවයට පත්වූහ. බුද්ධ චරිතයේ මෙම අසිරිමත් සිදුවීම වූයේද ඉල් පොහොය දිනෙකය.

පෙරවස් පවාරණය සහ පසුවස් පවාරණය යනුවෙන් පවාරණය කොටස් දෙකකින් යුක්තය. ඇසළ පුර පසළොස්වක පොහොදා පොහොය විනය කර්මය කොට අවපෑළවියදා පෙරවස් සමාදන් වි වස් ආරක්ෂාකර වප් පසළොස්වක පොහෝදා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම පෙරවස් පවාරණයයි. නිකිණි පොහොදා පොහොය විනය කර්මය කොට අවපෑළවියදා පසුවස් සමාදන්වී ඉල්පුර පසළොස්වක පොහෝදා වස් පවාරණය කිරීම පසුවස් පවාරණයයි. එය ඉල් පොහොයදා සිදුකෙරෙන තවත් වැදගත් ශාසනික කාර්යයකි. මේ අනුව වස්සාන සමයේ අවසාන පොහොය දිනය වු ඉල් පොහොය මෙකී ඓතිහාසික වූත්, ශාසනික වූත්. සිදුවීම් කිහිපයක් මුල් කරගත් වැදගත් පොහොය දිනයක් බව වටහාගත යුතුය.
.
~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~
.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

අප හා එක්වන්න
(y)

Videos (show all)

muhudu maha viharayata wela thiyena de ada
obah aniwarayen narabanna...
අවාරේ සිරිපා වන්දනාව බෙරික් විහාරයේදී...
ඔබ සිංහලයෙක් නම් මෙම වීඩියෝව අනිවාර්යයෙන් නරඹන්න.
2019 වසර හැමෝටම සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා!
ආදර්ශමත් මව් ගුණ ඇතුලත් කෙටි නාට්‍ය ......../
රණවිරුවන්ට මෙම නාට්‍යය උපහාරයක් වේවා
sadaham suwada sanvidane ape sanju mahathmiyage budu bethi giyak.
soma samiduni oba wahanseta niwan suwa lebewa!!!
soma samiduni oba wahanseta niwansuwa lebewa!!!
oba wahanseta niwan suwa lebewa!!!
soma samiduni oba wahanseta niwan suwa lebewa!!!

Location

Address

Colombo
Other Religious Organizations in Colombo (show all)
Revert to Islam Revert to Islam
Colombo, 50000

To spread ISLAM in every part of globe.

Christmas Crib Competition & Exhibition Christmas Crib Competition & Exhibition
Colombo

Annual Crib Competition & Exhibition organized by St. John Berchman's Confraternity of Altar Servers, St. Lucia's Cathedral, Colombo - 13

Revival Gospel Ministries Revival Gospel Ministries
415/1/2, Srimavo Bandaranayake Mawtha ( Prince Of Wales Av),Grandpass,Colombo-14,Sri Lanka.
Colombo, 01400

CHANGING LIVES,RESTORING FAMILIES & TRANSFORMING NATIONS BY MAKING DISCIPLES OF THE LORD JESUS CHRIST.

Sri Lankan Tibetan Buddhist Brotherhood Society Sri Lankan Tibetan Buddhist Brotherhood Society
Sri Saripuththaramaya, Matha Road,
Colombo, 00800

Sri Lankan Tibetan Buddhist Brotherhood Society aims to raise understanding and awareness of the common Buddhist heritage of the Sri Lankan and Tibetan peoples.

Champi Fernando International Ministries Champi Fernando International Ministries
Akkarapanaha
Colombo

The spirit of the Lord is upon me, Because the Lord has anointed me to preach the good news to the poor, heal the sick, cast out the evil spirits and bring hope to the broken hearted.

Redemptorist Sri Lanka Redemptorist Sri Lanka
St. Theresa's Church
Colombo

Who We Are: The Redemptorists are a religious congregation founded in 1732 by Saint Alphonsus Liguori.

Cinnamon Gardens Baptist Church Cinnamon Gardens Baptist Church
120 Dharmapala Mawatha
Colombo, 00500

The page of Cinnamon Gardens Baptist Church - Sri Lanka Weekly Sunday Services Tamil Service - 7:30 AM Sinhala Service - 9:00 AM English Service - 10:30 AM

Št.Joseph Vaz Boyś Choír - Chekku Street Parish Št.Joseph Vaz Boyś Choír - Chekku Street Parish
St.Anne's - Annai Vailankanni Parish.
Colombo

Candace darling multitasking Candace darling multitasking
444 Candace Rd
Colombo, DLAGA;HDG

i multitask all the time

කළණ මිතුර Kalana Mithura කළණ මිතුර Kalana Mithura
Kalana Mithura
Colombo, 00700

මුහුණුපොතෙ අතර මන් උ ඔබට සෑබෑවට ඈති ලොකය දකින්නට.වෙන්ස්ව ජිවිතය දකින්නට.ඔබට ඈරයුම.

Nanum oru irai adiyan Nanum oru irai adiyan
Kaduwela
Colombo

The manege for the nolege

බෞද්ධයා - The Buddhist බෞද්ධයා - The Buddhist
Homagama
Colombo

බෞද්ධයාගේ ෆේස් බුක් පුනරාගමනය ආගම වෙනුවෙන් බෞද්ධ ඔබ මොහොතක් කැප වෙමු.සැම දෙනාම අප සමග එකතු වන්න.