සුඛො පුඤ්ඤස්ස උච්චයො

සුඛො පුඤ්ඤස්ස උච්චයො

Comments

සුපුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ සංවිධානයේ
සාමාජිකාවක් වීම පිළිබඳව මා ඉතා සතුටු වෙමි. අපගේ ධර්මාවබෝදය උදෙසා පමණක් ම අරමුණු කොටගෙන මෙහි සිදු කරන්නා වු ගොඩක් පිංකම් වලට මමද සහබාගී වුනෙමි.ඒ සියල්ල මැනවින් දැනගෙන සිදු කරන්න ලැබීම හරිම වටිනවා. මතු අපගේ ධර්මාවබෝධය උදෙසා මෙම සංවිධානය මගින් සිදු කල සියලු පිංකම් පාරමිතාවක් වන බව විස්වාසයි. මේ සිදු කරන්නාවු සාසනිකමය කර්තව්‍ය වෙනුවෙන් සුඛෝ පුන්‍යස්ස උච්චයෝ සංවිධානයේ සංවිධායකතුමාටත් සියලුම සාමාජික සාමාජිකාවන්ටටත් බුද්ධ ශාසනය වෙනුවෙන් තව තවත් පින්කම් සංවිධානය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...! මෙහි සිදු කරගන්නා වූ සියලු කුසල් ශක්තියේ බලයෙන් උතුම් වූ නිර්වාන අවබෝධය පිනිසම හේතු වාසනා වේවා....!
A014 | පංචස්කන්ධය සහ පංචෝපාදානස්කන්ධය පිළිබද මූලික හැදින්වීම

ආධුනික වූ ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් පරමාර්ථ ධර්ම ඇසුරින් පඤ්චස්කන්ධය සහ පඤ්චෝපාදානස්කන්ධය පිළිබද මූලික හැදින්වීම.

මෙය වැඩසටහන් මාලාවක් වන බැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි...

කාරෙන්තො කම්මකරණං
නිරයෙ අතිදාරුණං
භයානකං භුසං ඝොරං
කථං පුඤ්ඤං කරිස්සති

බොහෝ සේ භයානක ඝෝර වූ නරකයේ අතිශය දරුණු වද කරන කල්හි පිනක් නම් කෙසේ කරන්නද?

සද්ධම්ම සඤ්ඤා රහිතෙ
සදා උබ්බිග්ග ජිවිතෙ
තිරච්ඡානභවෙ සන්තො
කථං පුඤ්ඤං කරිස්සති

සද්ධර්ම සඤ්ඤාවක් නැති හැම කල්හි බියගත් තිරිසන් භවයන් ඇති කල්හි කෙසේ නම් පින් කරන්නද?

ගන්ත්වාන පෙත්ති විසයං
සන්තාප පරිසොසිතො
ඛුප්පිපාසා පරිස්සන්තො
කථං පුඤ්ඤං කරිස්සති

ප්‍රේත විසයට ගොස් සන්තාපයන්ගෙන් වියලන ලදුව සාපිපාසයන්ගෙන් වියලනු ලබන කල්හි කෙසේ නම් පින් කරන්නද?

ජළො මූගාදී කෝචාපි
විපාකාවරණෙ ඨිතො
ගහනොපාය රහිතො
කථං පුඤ්ඤං කරිස්සති

විපාකාවර්ණයක සිටි කෙළතොලු වූ මුග්ධවූ කවරෙකු විසින්ද අවුල්ව ගොස් කලයුත්තක් නැතිවූ කල කෙසේ නම් පින් කරන්නද?

පක්කන්තො පාපිකං දිට්ඨිං
සබ්බථා අනිවත්තියං
සංසාර ඛාණුභුතොපි
කථං පුංඤ්ඤං කරිස්සති

පාපික වූ දෘෂ්ඨියකට ගියේ සියලු ආකාරයෙන් නොනවතින සංසාර ටැඹක් වී කෙසේනම් පින් කරන්නද?

ආරුප්පාසඤ්ඤාලොකෙච
සවනොපාය වජ්ජිතෙ
සද්ධම්මසවනා හීනෙ
කථං පුඤ්ඤං කරිස්සති

අරූප ලෝකයෙ අසඤ්ඤ තලයේ ශ්‍රවනයට අවකාශ රහිතව සද්ධර්මය නොලැබී කෙසේනම් පින් කරන්නද?

අට්ඨක්ඛණ විනිම්මුත්තං
ඛණං පරම දුල්ලභං
උපලද්ධෙන කත්තබ්බං
පුඤ්ඤං පඤ්ඤවතා සදා

අට්ඨක්ඛණ අතහැරුණ පරම දුර්ලභ ක්ෂණය ලැබූ ප්‍රඥාවත් ඔබ විසින් හැම කල්හිම පින් කලයුතුමය.

පැරණි පුස්කොලපොතක් අවසනට එහි කතුවරයා විසින් සඳහන් කල ගාථා කිහිපයකි. ලැබූ මොහොත මොන තරම් වටින්නේද? සැමදා ලොවෙහි විඳින දෑ ලුහු නොබැඳ සැබවින්ම අප්‍රමාද වියයුතුමය. ඔබ මොනතරම් වාසනාවන්තද?
ඇසළ පුරපසළොස්වක පොහොය නිමිතිකොටගෙන අතිපූජ්‍ය ඇරැව්වල සුධම්ම ස්වාමින්වහන්සේගේ ගෞරවණීය වැඩමවීමෙන් සිදුකරන ධර්ම දේශණය ජූලි මස 04 වෙනි දින දහවල් 12.00ට 'Colombo Television මෙත් සදහම් විකාශය' ඔස්සේ පින්වත් ඔබට ශ්‍රවණය කල හැක.පින්සිත් පෙරදැරිව පින්වත් ඔබ සැම අසත්වා ඒ මිහිරි ශ්‍රී සදහම්......
සංවිධානය - 'සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ'
Colombo Television මෙත් සඳහම් විකාශය
PEO TV 111
www.methtv.lk

පුඤ්ඤං චේ පුරිසො කයිරා
කයිරාථෙතං පුනප්පුනං
තම්හි ඡනදං කයිරාථ
සුඛො පුඤ්ඤස්ස උච්චයෝ

Operating as usual

13/09/2021

🔴කොරෝනා රෝගයෙන් අපවත් වී වදාල අතිපූජනීය මහා සංඝරත්නයට ,මියපරළොව ගිය ලක්වැසි ලෝවැසි සැමදෙනාටම පුණ්‍යානුමෝදනා සිදුකිරීම පිණිසත්,

🔴 ගිලන්ව සිටිනා අතිපූජනීය මහා සංඝරත්නයට සහ ලක්වැසි ලෝවැසි සැමට නිදුක් නිරෝගි සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීම පිණිසත් සිදුකරන,

' විශේෂ ධර්ම දේශණාව සහ බොජ්ඣංග සූත්‍ර සජ්ජායනාව ''

🔴📢 2021 සැප්තැම්බර් මස 19 වෙනි ඉරිදා සවස 4.00 සිට

ශ්‍රී සද්ධර්මශ්‍රවණය උදෙසා සුපින්වත් ඔබ සැමට ආරාධනා.....!!!
ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. #Share

09/09/2021

සුඛො පුඤ්ඤස්ස උච්චයො අපගේ ප්‍රාර්ථනාව එයයි.
සුවපත් වේවා......සුවපත් වේවා.....සුවපත් වේවා.......!!!

සුඛො පුඤ්ඤස්ස උච්චයො අපගේ ප්‍රාර්ථනාව එයයි.
සුවපත් වේවා......සුවපත් වේවා.....සුවපත් වේවා.......!!!

06/09/2021

මහා සීහනාද සූත්‍ර දේශණාව සහ බොජ්ඣංග සූත්‍ර සජ්ජායනාව

සීඝ්‍රයෙන් පැතිරීයන කොරෝනා රෝගය වැළදීම නිසාවෙන් අපවත් වී වදාල අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි සියලු දෙනාට පුණ්‍යානුමෝදනා පිණිස සහ ගිලන්ව සිටිනා පින්වත් මහා සංඝරත්නයේ සහ ගිහි පින්වතුන් සැමදෙනාගේම සුවපත්භාවය පිණිස සිදුකරන ලද 'මහා සීහනාද සූත්‍ර දේශණාව සහ 'මහා කස්සපත්ථෙර බොජ්ඣංග සූත්‍ර සජ්ජායනාව'

දේශකයාණන්වහන්සේ
**************************
වතුරුවිල වනවාස සංඝ මූලස්ථානවාසි,වතුරුවිල ශ්‍රී ඥාණානන්ද වනවාස පිරිවෙනේ පරිවේණාධිපති සහ ධර්මාචාර්ය,රාජකීය පණ්ඩිත,අතිපූජනීය යටලමත්තේ සීලරතන පණ්ඩිත ස්වාමින්වහන්සේ.....

05/09/2021

වතුරුවිල ශ්‍රී ඥාණානන්ද වනවාස පිරිවෙනේ පරිවේණාධිපති, ධර්මාචාර්ය,රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය යටලමත්තේ සීලරතන පණ්ඩිත ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය මෙලෙසින් පුද කර සිටි.

වතුරුවිල ශ්‍රී ඥාණානන්ද වනවාස පිරිවෙනේ පරිවේණාධිපති, ධර්මාචාර්ය,රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය යටලමත්තේ සීලරතන පණ්ඩිත ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය මෙලෙසින් පුද කර සිටි.

[09/05/21]   හදිසියේ ඇතිවුනු තාක්ෂණික දෝෂයක් නිසාවෙන් ෆේස්බුක් සජීවී විකාශණය (Facebook Live Streaming) සිදුකිරීමට නොහැකි වීම පිළිබදව සමාව අයදින අතර බොහෝ දෙනෙකුට සිදුවු අපහසුතාවයට අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටි.

අද දින සිදුකල 'මහා සීහනාද සූත්‍ර' දේශණාවේ සහ 'මහා කස්සපත්ථෙර බොජ්ඣංග' සූත්‍ර සජ්ජායනාවේ වීඩියෝව ඉතා ඉක්මනින් Upload කිරීමට බලාපොරොත්තු වෙමු.

තෙරුවන් සරණයි...!!!

05/09/2021

අද (05) සවස 4.00 සිට

කොරෝනා රෝගයෙන් අපවත් වී වදාල අපේ සංඝපීතෲන්වහන්සේලාට, මෙහෙණින්වහන්සේලාට, ගිහි සැමට පුණ්‍යානුමෝදනා සිදුකරනු පිණිස සහ ගිලන්ව වැඩ සිටින පින්වත් ස්වාමින්වහන්සේලා,මෙහෙණින්වහන්සේලා ඇතුලු ලංකාවාසි ලෝකවාසි ගිහි සැමට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරනු පිණිසම ඔබත් එක්වන්න.....

04/09/2021

කොරෝනා වසංගතය හේතුවෙන් අපවත් වී වදාල අතිපූජනීය සදාවන්දනීය මහා සංඝරත්නයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.

කොරෝනා වසංගතය හේතුවෙන් අපවත් වී වදාල අතිපූජනීය සදාවන්දනීය මහා සංඝරත්නයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.

01/09/2021

🔴කොරෝනා රෝගයෙන් අපවත් වී වදාල අතිපූජනීය මහා සංඝරත්නයට ,මියපරළොව ගිය ලක්වැසි ලෝවැසි සැමට පුණ්‍යානුමෝදනා සිදුකිරීම පිණිසත්,

🔴 ගිලන්ව සිටිනා අතිපූජනීය මහා සංඝරත්නයට සහ ලක්වැසි ලෝවැසි සැමට නිදුක් නිරෝගි සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීම පිණිසත් සිදුකරන,

' විශේෂ ධර්ම දේශණාව සහ බොජ්ඣංග සූත්‍ර සජ්ජායනාව ''
🔴📢 2021 සැප්තැම්බර් මස 05 වෙනි ඉරිදා සවස 4.00 සිට

ශ්‍රී සද්ධර්මශ්‍රවණය උදෙසා සුපින්වත් ඔබ සැමට ආරාධනා.....!!!
ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. #Share

🔴කොරෝනා රෝගයෙන් අපවත් වී වදාල අතිපූජනීය මහා සංඝරත්නයට ,මියපරළොව ගිය ලක්වැසි ලෝවැසි සැමට පුණ්‍යානුමෝදනා සිදුකිරීම පිණිසත්,

🔴 ගිලන්ව සිටිනා අතිපූජනීය මහා සංඝරත්නයට සහ ලක්වැසි ලෝවැසි සැමට නිදුක් නිරෝගි සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීම පිණිසත් සිදුකරන,

' විශේෂ ධර්ම දේශණාව සහ බොජ්ඣංග සූත්‍ර සජ්ජායනාව ''
🔴📢 2021 සැප්තැම්බර් මස 05 වෙනි ඉරිදා සවස 4.00 සිට

ශ්‍රී සද්ධර්මශ්‍රවණය උදෙසා සුපින්වත් ඔබ සැමට ආරාධනා.....!!!
ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. #Share

Photos from සුඛො පුඤ්ඤස්ස උච්චයො's post 29/08/2021

කොරෝනා රෝගය ආසාදනය වීමෙන් ගිලන් බවට පත්වී වැඩ සිටින භික්ෂූන්වහන්සේලා උදෙසා ගිලානෝපස්ථානය පිණිස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුශාසනා පරිදි කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ ජයමග රූපවාහිනිය එක්ව ආරම්භකර ඇති ගිලන් භික්ෂු ප්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථානය උදෙසා අවශ්‍යව තිබු ලීටර් 01 පානීය ජල බෝතල් 500ක් සහ අත් සේදුම්කාරක දියර ද්‍රව්‍යයන් (Hand wash) අද දින පූජා කරගැනීමට කටයුතු සිදුකරන ලදි....

'' පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ ''

ඉදින් කෙනෙක් කළොත් පිනක් – එය යළි යළි කළ යුතුමයි
නැවත නැවත පින් කෙරුමට – ආසාවක් ඉපදිය යුතුමයි
සසරේ සැප වෙත ගෙන යන – පින කවුරුත් කළ යුතුමයි
පින යනු මේ සැප රැස් වෙන – මුල් දේ බව දත යුතුමයි..

මේ උතුම් පින්කමෙන් ජනිතවන කුසල ශක්තියෙන් මේ වනවිට කොරෝනා රෝගයෙන් ගිලන්ව පසුවන අතිපූජනීය මහා සංඝරත්නයද, අප සංවිධානයේ සාමාජික සාමාජිකාවන් කිහිපදෙනාටද ඉතා ඉක්මනින් සුවපත්භාවය සැලසේවා,සියලුම රටවැසි ලෝවැසි කොරෝනා රොගින්ට ඉක්මන් සුවය පිණිසද මේ පින්කම ශක්තියක් කුසලයක්ම වේවා...

නිවන් දක්නා මොහොත දක්වා ගිලන් නොවී සුවසේම සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට සියලු දෙනාටම මේ උතුම් පින්කම උත්තම ශක්තියක් පාරමිතාවක්ම වේවා..තෙරුවන් සරණයි....!!!
#Covid19 #GilanBikshu #Corona #TreatmentCenters #JayamagaTV
#JayamagaPilisarana

Photos from සුඛො පුඤ්ඤස්ස උච්චයො's post 29/08/2021

පැතිරයන කොරෝනා වසංගතයෙන් අතිපූජනීය සදාවන්දනීය මහා සංඝරත්නය ආරක්ෂා කරගනු පිණිස පූජනීය මහා සංඝරත්නය උදෙසා ආරක්ෂාව පිණිස අත්‍යාවශ්‍ය වන්නාවු නිර්දේශිත මුව ආවරණ,සැනිටයිසර් සහ ඔක්සිමීටර් ආදි උපකරණ පූජා කර ගැනිම පිණිස වැඩසටහනක් ''සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ'' සංවිධානය විසින් ආරම්භ කරන ලදි.

ඒ යටතේ පළමුවරට අද දින අප විසින් හොරණ නර්තනගල අරණ්‍ය සේනාසනයේ වැඩ සිටින මහා සංඝරත්නය උදෙසා මුව ආවරණ 250ක් ,සැනිටයිසර් සහ ඔක්සිමීටර් පූජා කරනා ලදි.එමෙන්ම ඔක්සිමීටර් පරිහරණය කල යුතු ආකාරය පිළිබදවත් සැනිටයිසර් ආදිය පිළිබදවත් පින්වත් මහා සංඝරත්නය දැනුවත් කරන ලදි.

මේ උතුම් පින්කම පිළිබදව නර්තනගල අරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති අප කළ්‍යාණමිත්‍ර අතිපූජනීය ඉංගිරියේ ධම්මින්ද නායක ස්වාමින්වහන්සේ විසින් පුණ්‍යානුමෝදනා ආශිර්වාද එකතු කල අතර මහා සංඝරත්නය රැක ගැනිම උදෙසා මෙවැනි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ඉතාම වටිනා බව සිහිපත් කල සේක.

මේ උතුම් පින්කමෙන් ජනිතවන කුසල ශක්තියෙන් මේ වනවිට කොරෝනා රෝගයෙන් ගිලන්ව පසුවන අතිපූජනීය මහා සංඝරත්නයද, අප සංවිධානයේ සාමාජික සාමාජිකාවන් කිහිපදෙනාටද ඉතා ඉක්මනින් සුවපත්භාවය සැලසේවා,සියලුම රටවැසි ලෝවැසි කොරෝනා රොගින්ට ඉක්මන් සුවය පිණිසද මේ පින්කම ශක්තියක් කුසලයක්ම වේවා...

මේ උතුම් ගිලානෝපස්ථානමය පින්කමේ ශක්තියෙන් නිවන් දක්නා මොහොත දක්වා ගිලන් නොවී සුවසේම සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට සියලු දෙනාටම මේ උතුම් පින්කම උත්තම ශක්තියක් පාරමිතාවක්ම වේවා..තෙරුවන් සරණයි....!!!

26/08/2021

ගිලන්ව වැඩ සිටින අතිපූජනිය සදාවන්දනීය මහා සංඝරත්නය ගිලන්ව වැඩ සිටින මෙහෙණින්වහන්සේලා සහ සියලු ගිහි පින්වතුන් ඉතා ඉක්මනින් සුවපත් වේවා....සුවපත් වේවා...!!!
#Covid19 #Corona #SriLanka

ගිලන්ව වැඩ සිටින අතිපූජනිය සදාවන්දනීය මහා සංඝරත්නය ගිලන්ව වැඩ සිටින මෙහෙණින්වහන්සේලා සහ සියලු ගිහි පින්වතුන් ඉතා ඉක්මනින් සුවපත් වේවා....සුවපත් වේවා...!!!
#Covid19 #Corona #SriLanka

Photos from සුඛො පුඤ්ඤස්ස උච්චයො's post 25/08/2021

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුශාසනා පරිදි කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ ජයමග රූපවාහිනිය එක්ව කොරෝනා ආසාදිත භික්ෂූන්වහන්සේලා උදෙසා භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානය ආරම්භකර ඇති මෙවන් මොහොතක 'සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ' සංවිධානයේ සාමාජික සුපින්වතුන් විසින් ඒ උතුම් සාසනික කර්තව්‍ය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දීම පිණිස දෙවෙනි වරටත් අද දිනයේදි එක්වූහ.

ඒ අනුව අද දින සන්ධ්‍යාවේදි අප විසින් මේ වනවිට භික්ෂු ගිලන් මධ්‍යස්ථානය උදෙසා ඉතා ඉක්මනින් අවශ්‍යව පවතින ද්‍රව්‍ය පිළිබදව දැනගෙන ඒ ද්‍රව්‍ය යුහුසුළුව සම්පාදනය කරගනිමින් බත්තරමුල්ලේ 'ජයමග' රූපවාහිනි නාළිකා පරිශ්‍රයට ගෙනගොස් ඒවා ජයමග රූපවාහිනි නිළධාරි මණ්ඩලයට භාර දෙන ලදි.

විශේෂයෙන්ම ගිලන් ස්වාමින්වහන්සේලාගේ රුධිරගත ඔක්සිජන් මැනබැලීම උදෙසා අත්‍යාවශ්‍ය වන (Pulse Oximeters) ඔක්සිමීටර් 7ක් ,සර්ජිකල් මාස්ක් 50 පෙට්ටි 30ක්, මදුරුදැල් 20ක්, කොට්ට 25 , ලීටර් 01 පානිය ජලය බෝතල් 200ක් ,ඩෙටෝල් සබන් 100, බික් රේසර් 50ක්, හාපික් 10, පේපර් සර්වියට් බන්ඩල 6 , පේපර් ප්ලේට් 200ක්, මිලි ලීටර් 100 සැනිටයිසර් 100ක්, කුඩා ලුණු පැකට් 100ක්, ලීටර් 20 බේසම් 8ක් , මොප් 2ක්, කුඩා බෙහෙත් දාන කවර 200ක් ආදි අවශ්‍ය දෑ රැසක් මෙහිදි පූජා කරගැනීමට අපට හැකියාව ලැබින.

කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් ශ්‍රී ලංකාවේ පැතිරයන මෙවන් අවධියක විශේෂයෙන්ම මහා සංඝරත්නය අසීරුතාවයට ලක්ව ඇති මොහොතක ගිලන් ස්වාමින්වහන්සේලාගේ යහපත සුවසෙත පිණිස මෙවන් උදාරතර සාසනික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට මූලිකත්වය දරනා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත්,කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප පින්වත් නායක ස්වාමින්වහන්සේටත්,'ජයමග' රූපවාහිනි නාළිකාවේ සුපින්වත් දිමුතු මහත්මා ඇතුලු සියලුම සත්පුරුෂ කාර්ය මණ්ඩලයටත් ප්‍රථම කොට පුණ්‍යානුමෝදානා සිදුකරන ලදි.

එමෙන්ම මේ උතුම් පින්කම සවන වැටුනු මොහොතේ සිටම මේ සදහා කාලය,ශ්‍රමය සහ ධනය වැය කරමින් නිස්සරණධ්‍යාසයෙන්ම ගිලන් භික්ෂූන්වහන්සේලා රැකගැනීම වෙනුවෙන් එකතු වූ සුපින්වත් රවීන්ද්‍ර ලසන්ත කුමාර,නිර්මාල් විජේසිංහ සොයුරන් ප්‍රමුඛ සියලුම සුපින්වත් සාමාජික සාමාජිකාවන්ට නිදුක් නිරෝගි සුවපත්භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර පැතිරයන කොරෝනා වසංගතයෙන් සියලුම දෙනා ආරක්ෂා වේවා යැයිද මෙත් සිතින් සෙත ප්‍රාර්ථාන කරන ලදි.

විශේෂයෙන්ම මේ වනවිට කොරෝනා රෝගයෙන් ගිලන්ව පසුවන අප සංවිධානයේ සාමාජික සාමාජිකාවන් කිහිපදෙනාටද ඉතා ඉක්මනින් සුවපත්භාවය පිණිසත්,සියලුම රටවැසි ලෝවැසි කොරෝනා රොගින්ට ඉක්මන් සුවය පිණිසත් මේ පින්කම ශක්තියක් කුසලයක්ම වේවා...

මේ උතුම් ගිලානෝපස්ථානමය පින්කමේ ශක්තියෙන් නිවන් දක්නා මොහොත දක්වා ගිලන් නොවී සුවසේම සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට සියලු දෙනාටම මේ උතුම් පින්කම උත්තම ශක්තියක් පාරමිතාවක්ම වේවා..තෙරුවන් සරණයි....!!!
#Covid19 #GilanBikshu #Corona #TreatmentCenters #JayamagaTV
#JayamagaPilisarana

22/08/2021

දර මිටි පොහොය හෙවත් නිකිණි පුරපසළොස්වක පොහොය දිනය අදයි!

ශාසන ඉතිහාසයේ ඉතාම සුවිශේෂි සිදුවීම රැසකට උරුමකම් කියනා නිකිණි පුරපසළොස්වක පොහොය උදාවී ඇත.ඉතාම කෙටියෙන් සදහන් කලහොත් සම්මා සම්බුද්ධ සාසනයේ සුරක්ෂිතතාවය උදෙසා ඉතා වැදගත් තීරණයක් ක්‍රියාත්මක වූ උතුම් පොහෝ දිනයකි නිකිණි පුරපසළොස්වක පොහොය දිනය.

🔴 භාග්‍යවතුන්වහන්සේ පිරිනිවන් පෑ වදාලා මාස තුනකට පසුව එළඹුනු නිකිණි පුරපසළොස්වක පොහෝ දිනයක පර්යාප්ති සාසනය සුරක්ෂිත කරනු වස් සම්මා සම්බුද්ධ සාසනයේ තෘතිය ශ්‍රාවක, ධූතාංගධාරි මහා කාශ්‍යප මහරහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගුහාවෙහි පන්සියයක් මහරහතන්වහන්සේලා එක්ව පළමුවන ධර්ම සංඝායනාව ආරම්භ කරනු ලැබුවේ නිකිණි පුරපසළොස්වක පොහොය දිනකය.

🔴 එමෙන්ම මේ ඉතිහාසගත පළමුවන ධර්ම සංඝායනාව උදෙසා අත්‍යාවශ්‍යම වී සිටි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන්වහන්සේ ධර්ම සංඝායනාව ආරම්භයට සුලු මොහොතකට පෙර උතුම් අරහත්වය සාක්ශාත් කරගෙන ආනන්ද මහරහතන්වහන්සේ උදෙසා සප්තපර්ණි ගුහාවේ පනවා තිබූ ආසනයට සෘධියෙන් වැඩමකලේ නිකිණි පුරපසළොස්වක පොහොය දිනමය.

🔴 ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ පෙර වස් සමාදන්වීමට නොහැකි වූ භික්ෂූන්වහන්සේලාට පසු වස් සමාදන්වීමට අවකාශ සැලසෙන්නේද නිකිණි පුරපසළොස්වක පොහෝ දිනය.

🔴 එකසිය තිස් අටක් (138) වෙහෙර විහාර කරවූ පින්වත් කාවන්තිස්ස මහරජතුමා සේරුවිල මංගල මහා සෑයේ ධාතු නිධානය හෝ වැඩ අවසන් වීමද නිකිණි මස සිදු වූ බව ඉතිහාසයේ සදහන් වේ.

🔴 එමෙන්ම සේරුවාවිල පුණ්‍ය මහෝත්සවය අද දක්වාම පවත්වන්නේ නිකිණි පුරපසළොස්වක පොහෝ දිනයේදිය.තවද අති පූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමිපාණන්වහන්සේ විසින් සේරුවිල මංගල මහාසෑය ප්‍රතිසංස්කරණය අවසන් කොට සෑයට කොත් පළන්දා ලෝකවාසි ජනතාවට වන්දනා මාන කිරීම පිණිස කටයුතු කළේ අද වැනි නිකිණි පොහෝ දිනකදිය.

🔴 ඈත අතීතයේදි විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින්වහන්සේට වනසතුන්ගෙන් සිදුවිය හැකි අනතුරු උපද්‍රවයන් වළක්වාලීම පිණිස අනුරාධපුර පින්වත් සැදැහැති ජනතාව බෝධින්වහන්සේගේ සිව්දිසාවෙන්ම ගිනිමැල ගසා පසුදා පහන් වනතුරු එහි ආරක්ෂාව සඳහා රැඳී සිටියහ.මෙය වසර පුරාවටම සිදුකරන ලද ආරක්ෂා සංවිධානයකි.මෙසේ ගිනිමැල ගැසීම සඳහා අවශ්‍ය දර ගෙනැවිත් මේ පුණ්‍ය භූමියේ තැන්පත් කර තැබීමට ජනතාව යොදා ගත්තේ සෑම වසරකම නිකිණි පොහොය දිනයයි. එදිනට සැදැහැති ජනතාව අනුරාධපුර පූජා භූමිය අවට ගම්වලින් ඒකරාශි කරගන්නා දරමිටි රැගෙන පෙරහරින් පැමිණීම ‘දරමිටි පෙරහර’ නම් විය.එනිසාවෙන්ම නිකිණි පුරපසළොස්වක පොහොය දිනය දරමිටි පොහොය වශයෙන් ලක්වාසි බෞද්ධ ජනතාව අතර ප්‍රචලිත විය.

🔴 ඒ අයුරින්ම සෙංකඩගලපුර ශ්‍රී දළදා මැදුරේ වැඩ සිටින සුදු බුදු රැස් විහිදෙන වාම යටි ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ උදෙසා වාර්ෂිකව සිදුකරන අවසන් රන්දෝලි පෙරහැර මංගල්ලයද සිදුකරනුයේද නිකිණි පුරපසළොස්වක පොහොය දිනයේදීය.

සුපින්වත් ඔබ සැමට මේ උදාවූ උතුම් නිකිණි පුරපසළොස්වක පොහොය දිනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධය පිණිසම වීර්යය වැඩේවා.පාරමි පිරේවා.වසංගත රෝග විපත්වලින් සියලු කල්හිම ආරක්ෂාව සැලසේවා.

තෙරුවන් සරණයි....!!!
'සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ' සංවිධානය

Photos from සුඛො පුඤ්ඤස්ස උච්චයො's post 21/08/2021

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුශාසනා පරිදි කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ ජයමග රූපවාහිනිය එක්ව කොරෝනා ආසාදිත භික්ෂූන්වහන්සේලා උදෙසා භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයක් ආරම්භකිරීම පිණිස යුහුසූලුව කටයුතු සංවිධානය කරමින් පසුවන මොහොතක 'සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ' සංවිධානයේ සාමාජික සුපින්වතුන් විසින් ඒ උතුම් සාසනික කර්තව්‍ය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දීම පිණිස එක්වූහ.

මෙහිදි අප විසින් ආරම්භකිරීමට නියමිත භික්ෂු ගිලන් මධ්‍යස්ථානය උදෙසා අවශ්‍ය ද්‍රව්‍ය පිළිබදව දැනගෙන ඒ ද්‍රව්‍ය සම්පාදනය කරගනිමින් බත්තරමුල්ලේ 'ජයමග' රූපවාහිනි නාළිකා පරිශ්‍රයට ගෙනගොස් ඒවා ජයමග රූපවාහිනි නිළධාරි මණ්ඩලයට භාර දෙන ලදි.

විශේෂයෙන්ම ගිලන් ස්වාමින්වහන්සේලාගේ ප්‍රතිශක්තීකරණය උදෙසා අවශ්‍ය ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයන් වන සුවධරනී ඖෂධ සහ සංස්ථා පේයාව ඖෂධ,හුමාලය අල්ලන උපකරණ,ජල පෙරන යන්ත්‍ර,පවිත්‍රතා උපකරණ සහ රසායනික ද්‍රව්‍ය,සැනිටයිසර්,මුව ආවරණ කට්ටල සහ තවත් අවශ්‍ය දෑ රැසක් මෙහිදි පූජා කරගැනීමට අපට හැකියාව ලැබින.

කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් ශ්‍රී ලංකාවේ පැතිරයන මෙවන් අවධියක විශේෂයෙන්ම මහා සංඝරත්නය අසීරුතාවයට ලක්ව ඇති මොහොතක ගිලන් ස්වාමින්වහන්සේලාගේ යහපත සුවසෙත පිණිස මෙවන් උදාරතර සාසනික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට මූලිකත්වය දරනා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත්,කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප පින්වත් නායක ස්වාමින්වහන්සේටත්,'ජයමග' රූපවාහිනි නාළිකාවේ සුපින්වත් දිමුතු මහත්මා ඇතුලු සියලුම සත්පුරුෂ කාර්ය මණ්ඩලයටත් ප්‍රථම කොට පුණ්‍යානුමෝදානා සිදුකරන ලදි.

එමෙන්ම මේ උතුම් පින්කම සවන වැටුනු මොහොතේ සිටම මේ සදහා කාලය,ශ්‍රමය සහ ධනය වැය කරමින් නිස්සරණධ්‍යාසයෙන්ම ගිලන් භික්ෂූන්වහන්සේලා රැකගැනීම වෙනුවෙන් එකතු වූ සුපින්වත් රවීන්ද්‍ර ලසන්ත කුමාර,නිර්මාල් විජේසිංහ සොයුරන් ප්‍රමුඛ සාමාජික සාමාජිකාවන්ට නිදුක් නිරෝගි සුවපත්භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර පැතිරයන කොරෝනා වසංගතයෙන් සියලුම දෙනා ආරක්ෂා වේවා යැයිද මෙත් සිතින් සෙත ප්‍රාර්ථාන කරන ලදි.

මේ උතුම් ගිලානෝපස්ථානමය පින්කමේ ශක්තියෙන් නිවන් දක්නා මොහොත දක්වා ගිලන් නොවී සුවසේම සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට සියලු දෙනාටම මේ උතුම් පින්කම උත්තම ශක්තියක් පාරමිතාවක්ම වේවා..තෙරුවන් සරණයි....!!!

#Covid19 #GilanBikshu #Corona #TreatmentCenters #JayamagaTV
#JayamagaPilisarana

Videos (show all)

මහා සීහනාද සූත්‍ර දේශණාව සහ බොජ්ඣංග සූත්‍ර සජ්ජායනාව
'මහා සීහනාද සූත්‍ර දේශණාව' සහ 'බොජ්ඣංග සූත්‍ර සජ්ජායනාව '
සාමගාම සූත්‍ර දේශණාව
උත්තම ශ්‍රම පූජාව
දේවදූත සූත්‍ර‍ය
දීඝවාපියේ සාසනික ඉතිහාසය,නූතන සංරක්ෂණ ක්‍රියාවලිය සහ සර්වඥ ධාතුන්වහන්සේලා.

Location

Telephone

Address

522/2 ,Werahera,Boralesgamuwa
Boralesgamuwa
10700
Other Religious Organizations in Boralesgamuwa (show all)